පාසල් ළමයින් ප්‍රවාහනය කළ පිරිස්වලට මාස ගණනාවක සිට කිසිදු ආදායමක් නොමැතිව දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය සඳහන් කරයි.
මේ වන විට කිසිදු ආදායමක් නොමැතිව මාස ගණනාවක් තිස්සේ බස් රථ ගාල්කර ඇති අතර ඒවායේ නිසි නඩත්තුවක් නැති නිසා කාර්මික දෝෂවලට පවා ලක්ව ඇතැයි ද එම සංගමයේ සභපති එල්.මල්ශ්‍රී ද සිල්වා මහතා කියයි.
ආදායම් මාර්ග අහිමිව සිටින තමන්ට රජය මගින් ලබාදෙන රුපියල් 5000 කෝවිඩ් ආධාරය පවා නොලැබුණු බව ද ඔහු කියයි.
පාසල් ළමයින් ප්‍රවාහනය කරන බස් හිමියන් ලබාගෙන ඇති ණයවාරික ගෙවීමටත් ෆිනෑන්ස් සම්ගම්වලට ගෙවිය යුතු මාසික වාරික ගෙවීමටත් අඩු තරමින් මාස හයක පමණ ණය වාරික ගෙවීමේ සහන කාලයක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඔහොම තමයි.. ඉතින් බං. උඹලා ඡන්දෙ දුන්නේ අඩුමිලට රෝසා බස් ගන්න නේද? ඉතින් කාට කියන්නද?
මේ අය පුළුවන් තරම් මිනිස්සුන්ව ගසාකෑවා. නිවාඩු මාසවලටත් සල්ලි ගත්තා.. ඕක තමයි කියන්නේ කළ දේ ඵල දෙනවා කියලා. නිතරම මානුෂික වෙයල්ලා...
ප්‍රතිචාර වලින් පේන්නේ කිසිම ගැටලුවක් නැහැ... ප්‍රවෘත්තිය අසත්‍ය බවයි. ඒක නිසා නිගමනය කළ හැක්කේ පාසල් බස් රථ හිමියන්ට ගැටලුවක් නොමැති බවයි...
රට වහන්න කියපු අයගෙන් ඉල්ලගන්න. දුප්පත් හැමෝම කබලෙන් ලිපට.
ඉස්කෝලේ නිවාඩු කාලෙටත් අපෙන් බලෙන් සල්ලි ගත්තනේ. ඕවා පඩිසන් දෙනකොට හම්බ වෙන්නේ මාස ගණන් වලටම තමයි....
හැබැයි ඉතින් කෝවිඩ් වලට ඉස්සර ඔය උදවිය පාසල් නිවාඩු කාලෙටත් දෙමව්පියන්ගෙන් කුලිය අය කරා නේද? එවන් යමක් ඉතුරු කරේ නැද්ද?
සංගම් පිටීන් ම ඡන්දෙට වැඩ කළානේ. දැන් ඉතින් බලාගෙන ඉන්න සහනයක් දෙනකම්..
අත්‍යාවශ්‍ය සේවා බෙදාහැරීම පටන්ගන්න..