(ඩි.ජී.සුගතපාල)
හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කිලෝ හත හමාරක් සමග පොඩි ලැසි නමැති දරුණු ගණයේ අපරාධකරුගේ ගෝලයකු අත් අඩංගුවට ගත් බව බටපොල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇත්තේ තෙල්වත්ත පැලවත්ත පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරු හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 200ක් සමග බටපොල කොබෙයිතුඩුවේදී අත් අඩංගුවට ගෙන ඇත. පසුව කළ පරික්ෂණවලදි අනාවරණයවි ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ නිවසකට ටි 56 ගිනි අවියකින් වෙඩි තැබිම, බටපොල ඊරියගහදොලදි කොස්ගොඩ තාරකගේ මාමා ඇතුලු පස් දෙනකුට වෙඩි තබා තුවාල සිදු කිරිම යන චෝදනාවලට අධිකරණයෙන් ඇප ලබා සිටින අයකු බව පොලිසිය කියයි.
සැකකරුගෙන් කළ වැඩි දුරටත් විමර්ශනවලදී හෙරොයින්වලට සමාන මෙම හඳුනා නොගත් මත්ද්‍රව්‍ය තොගයද සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය නිෂ්පාදනයක් වගේ.. එහෙනම් අපේ ඇමැතිතුමාගේ සම්පූර්ණ උදව්වෙන් කරන්න පුළුවන්..
අවුලක් නෑ. කොස් ගෙඩියක් කඩලා වගේ බරපතල වරදක් කරලා ඇප ලැබුනු කෙනෙක් නොවේ. සුලු වැරදිම කරන අහිංසක කිරිසප්පයෙක්...