
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8) පැවැසීය.
මේ ප්‍රවෘත්තිය දැන ගත් වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා ගාලු ප්‍රදේශයට පිටත්කර යැවූ බවත් විමර්ශන කණ්ඩායම එම විමර්ශන දැනටමත් අරඹා ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
විමර්ශන වාර්තාව ලැබුණු පසු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද චන්න ජයසුමන මහතා කීය.
රාජ්‍ය ඇමතිවරයා මෙසේ පැවසුවේ රටේ වත්මන් තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයේ දී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට කෙනෙක් කීව ගාල්ල දිස්ත්‍රික්කයෙ කි.මි තිහක් ඈත ගමක විදින කොට ඒ විදපු ගමේ පාසල කෙහෙද කියල සොයමින් තමයි වාහන වලින් ඇතැමුන් ගිහින් තිබුනෙ. කලින් තිහට වැඩි, දැන් හැටට වැඩි, ප්‍රතිපත්තියක් නැතිකම තමයි ප්‍රතිපත්තිය. ගමේ චන්දෙ ප්‍රකාශ කරන්නෙ ගෘහමූලික ලැයිස්තුවට නම් මෙතනදි ඒ ලැයිස්තුවට නම් කතා කරල විදිය යුතුය කියල කටක් ඇරල ප්‍රකාශ කලා නම් පිට අය එන්නෙ කොහොමද?
නිකම් බොරු එපා මහත්තයෝ...!!!
නිරෝධායන නීති කඩලා නොවේ... මිනී මැරුවත් දොස්තරලාට විරුද්ධව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්න බැහැ. එහෙම කළොත් ඔවුන් ස්ට්‍රයික් කරාවි.
බාස් පැණියක් ජනගත කර කර හිටපු මෙයා හීනෙන් අවදි වෙලා..!!!
අඩන පොඩිඑකාට කිරිපිටි ගේන්න ගියපු එකා නිරෝධායන නීතියෙන් අල්ලන් පොලිසිය කොළඹ සිට ගාල්ලට යනකන් බුදියන් හිටියද?
බලමු කොහොමද කියලා? පැණි බොන්න කියලා උපදෙස් දුන්න වෛද්‍යවරයෙක්නේ...
මේ කතා අප කෙසේ විශ්වාස කරන්නෙම්ද? මේවා මේ අය කලින්ම දැනගෙන නොසිටියා කියන්නේ කෙසේද ? ඒ වැඩේ එළිවුණු නිසා දැන් මෙසේ කියනවා වෙන්නට බැරිද? මොන මොන දේ මවලා හරි, නැවේ වැඩේ, පාස්කු වැඩේ ඇතුළු බොහෝ දේ අමතක කරවන්න යොදන උපක්‍රම වෙන්න බැරිද මේවා...?
ඒත් අපේ රටේ මිනිස්සුනේ... ඔන්න ඔහේ ගහපුවාවේ..!!!
නාථ දෙයියන්ගෙන් ඇහුවොත් නරකද? මොන විහිළුවක්ද මේ? පළාත් අතර සංචරණය තහනම් වෙලාවක කාටද පුලුවන් එහෙම යන්න? එහෙම ගියා නම් පොලිසිය මොනවද කරලා තියෙන්නේ? සර් නම් හොඳටම පාස් කියල පේනවා දැන් දැන්..
මේක පිස්සුවක්... මම නම් ඔය මලමගුල ආවත් ගහන්නේ නැහැ. මැරුණොත් මැරෙයි. හිටියොත් හිටියි.. මේ අය කවදාවත් මැරෙන්න ආපු අය නෙවෙයිනේ.. මිනිස්සුන්ගේ පින පව... මහලොකු බෞද්ධයෝ..
තමුන් පමණක් වෛද්‍යවරු කියා සිතන පිරිසකගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු නොවන්න. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පවත්වා ගෙනයාමට යෝජනා ඉදිරිපත් නොකර, එය නවතා දැමීමට කටයුතු කල අය ළඟ මෙන්ම... ලෙඩුන් උගස් කර වර්ජන පවත්වන අය ලඟද, හොඳ සාරධර්ම තිබිය නොහැකිය..
මෙතන පැණිය ගැන කියලා තිබුණා. ඒක වැරදි වැටහීමක... කෝවිඩ් වලට ඒක කොහොම ක්‍රියා කරනවාද කියලා දන්නේ නැහැ. නමුත් එහි අඩංගු ද්‍රව්‍යවලින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කළහැකි බව දේශීය ආයුර්වේදයේ වගේම පාරම්පරික වෙද ක්‍රමයේත් කියැවෙනවා. ඕක එන්න කලින් බොහෝ අය විවිධ කැඳ වර්ග සහ කෂාය වැනි ආකාරයට මේවායේ අඩංගු ද්‍රව්‍ය ශරීරයට එක් කර ගත්තා. බටහිර වෛද්‍ය ක්‍රමවලත් මෙම රසායන ද්‍රව්‍ය අඩංගු කර විවිධ කරල්, පෙති වැනි දේ නිපදවනවා. එන්නත විද ගැනීම නම් ග්‍රාම නිලධාරී මට්ටමින් කළා නම් පිටතින් පැමිණි අයට විදින්න ක්‍රමයක් නැහැ. සමහර අයගේ පුද්ගලික හිතවත්කම් අනුව කෝටා ක්‍රමයක් තිබෙන බව ආරංචියි.
විද්දට කමක් නැ මේ අය මෙච්චර දුරක් ගියේ කොහොමද?