(ඩයනා උදයංගනී)
කාබනික පොහොර භාවිතයට එළඹීමේදී පැමිණෙන අභියෝග නොතකා ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මෙය හොඳ දෙයක් බැවින් දුෂ්කර කාර්යයක් වුවත්, බැණුම් අසාගෙන, ගුටි කාගෙන හෝ කළ යුතු යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තහවුරු කර ඇතැයි කී ජනාධිපතිවරයා මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා එය ක්‍රියාත්මක කිරීමට මහජන නියෝජිතයින් කටයුතු කළ යුතු බව ද කීවේය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.
කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩිස්ථාවර වී ඇතැයි කී ගෝඨාභය රාජපක්ෂ මහතා එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනයට ලක්වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා එය ක්‍රියාත්මකවිය යුතු බව පැවසීය.
පොහොර හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්තද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා ඇතැයි ද ජනාධිපතිවරයා කීය.
එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම හදිසියේ ගත් තීරණයක් නොවන බව කී ජනාධිපතිවරයා “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් මෙන්ම පසුගිය අයවැයේදීද මේ පිළිබඳව රජයේ ස්ථාවරය ඉදිරිපත් කළ බව කීවේය.
කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියකට හේතුවී ඇතැයි පෙන්වා දුන් ජනාධිපතිවරයා එම සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණපෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බවද ප්‍රකාශ කළේය.
ගොවියා දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ බෝ නොවන රෝගවලට ගොදුරු වූ බවත්, අනාගත පරපුර එම තත්ත්වයෙන් ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ වගකීම වියයුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්වතුන් වශයෙන් පෙනී සිටිමින් රසායනික පොහොර වෙනුවෙන් කටයුතු කරන, අදාළ සමාගම් වෙතින් කප්පම් ගන්නා අය මීට විරුද්ධව බලමුලු ගැන් වී ඇති සැටියක් පෙනේ. එසේම, ගොවිතැන් කරන පළාතකින් පාර්ලිමේන්තු පැමිණ සිටින රංජිත් මද්දුම බණ්ඩාර වැන්නෝ ද පුරුද්දට මෙන් කොයිකටත් විරුද්ධ වන ජවිපෙ ද ගොවි මහතුන්ට මෙහි ඇති දුෂ්කරතාව උලුප්පා දක්වමින් වස විසවලින් තොර කෑම වේලකට ජනතාව හුරු කරවීම වළකන්නට කටයුතු කරනු දැකිය හැකිය. එම දුෂ්ට උත්සාහයන් පරාජය කරමින් මෙම කාබනික පොහොර හඳුන්වා දීමේ ව්‍යපෘතිය සාර්ථක කර ගත හැකි වුවහොත් එය අප රටේ දරු පරපුරේ උන්නතියට හේතු වනු ඇත.
මම හිතන විදියට පොහොර වලින් වස එකතු වනවාට වඩා ක්ෂණික ආහාර වලින් වස එකතු වෙනව,
නන්දෙ, බටහිර රටවල් චින්නුන්ගේ ආහාර නොගන්නේ චීන්නු වැසිකිලිවල අසුචි කොම්පෝස්ට් කරලා පොහොර හදලා භෝග වලට දමන නිසයි. ඔකුන්ගේ රටේ තවමත් හඳුනාගත්තේ නැති ලෙඩ රෝග අනන්තවත් තියෙනවා. ඔහොම යං.
කාබනික පොහොර ලංකාවේ හදනවද? නැතිනම් ඒකත් පිටරටින් ගේනවද? නන්දසේනගේ වැඩ ඔක්කොම අවුල් තමයි.
සිනි නැතිව තේ බොන්නම්... හඳෙන් හාල් අපි කන්නම්. සර් කියනවා නම් පෝර නැතිව අපි වවන්නම්...
හොඳ වැඩක් වුනත් ඇනෙන විදිහ ගැන දැනුවත් නෑ. අවුරුදු පහකට ටාගට් කරන්න. එක කන්නෙන් කරන්න එපා. අපේ පොතේ උගතුන් ලනු කිංග්ලා. ලබන අවුරුද්දෙ සීයක් දෙසීයක් ලොක්කෝ කාබනික වගාව අධ්‍යයනය කිරීමට ශිෂ්‍යත්ව හදාගෙන රට යන හැටි කරමු.
රට විනාස වෙලා යනව .
ඉතා හොද වැඩක්. කපටි නරින් ඉවතලා ඉදිරියටම යන්න .
මරු මරු... අද රසායනික පොහොර දාලා පුරුදු ගහට හෙට කාබනික පෝර දාපුවාම අස්වැන්න වැඩිවෙනවනේ... ඕක කරන එක හොඳයි. ඒත් ඕකට කාලයක් අරගෙන කරන්න ඕනෑ වැඩක්. බලමු තේ එහෙම අස්වැන්න අඩුවෙලා ඩොලර් එන එක අඩු වුණාම මේ රට කොතැනකටද යන්නේ කියලා...?
මෙතන තිබෙන්නේ වේදනාවක් පමණයි. මේ රජය හොඳ වැඩකට මුලපිරීම ඇතැමුන්ට වේදනාව ගෙන දෙන්නක්... මොහොතකට සිතමු, 'රජයට මුදල් නැති නිසා රසායනික පොහොර ගෙන්වනවා' කියා... ඉතින් එය හොඳ බුද්ධිමත් තීරණයක්නේ... කාලයත් සමග ඇතැමුන්ට ඇති පොහොර දුක සමනය වේවි...!!! අවුරුදු 02ක් වැනි කාලයකදී ඉතා හොඳ ප්‍රතිඵල ඉන් ලැබේවි...!!!
"ඉදිරි කන්නය සදහා ප්‍රමාණවත් පොහොර ගෙන්වාඇතැයිද" සදහන් වෙනවා. ගෙන්වා ඇති එම පොහොර රසායනික පොහොරද නැති නම් කාබනික පොහොරද යන්න පැහැදිළි වියයුතුයි.
නන්දසේන, ඔබ කට වහගෙන හිටියොත් අපිට ඕනම අභියෝගයක් ජය ගත හැකියි. කරුණාකරලා ඔබ සහ ඔබේ පවුල් සංගමය සහිත ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න. ඒක අපේ රටට කරන ලොකු උදව්වක්...!!!
ඉතා හොදයි ජනාදිපතිතුමා...නොසැලී ඉදිරියට යන ධයිරයමත් නායකයෙක් ඔබ තුමා..කොවිඩ් වයිරසය රටට ඇතුලු උන මොහතෙහිත් ඔය බලවෙග රට වහන්න කියලා කැ ගැහුවා...ඔබ තුමා රට වහන්නැතිව ඉන්ද්‍රඛීලයක් සෙ නොසැලී ඉදිමින් සාර්තකව මර්දනය කලා වගෙම මෙ ප්‍රස්නයෙදීත් ඔබ තුමා ජයගන්නවා නිසැකය්.