(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ගෑස්වල බර අඩු කිරිම සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට එරෙහිව නඩු පවරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (8 ) පැවැසීය.
මේ සදහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගනිමින් සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.
වෙළෙඳ ඇමැතිවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.
කිසිවෙකු මේ ගැන කලබල නොවිය යුතු බවත් කවුරුන් හෝ පනතට විරුද්ධව කටයුතු කර ඇත්නම් නඩු පැවරීමේ වගකීම තමා බාර ගන්නා බවත් ගුණවර්ධන මහතා පැවැසුවේය.
"ඔබතුමාලා එදා කළා වගේ අපි නඩු පටලවන්නේ නෑ.අපි නඩු දාන්නෙ නීතියට අනුවයි" යැයිද වෙළෙඳ ඇමැතිවරයා කීය.
ගෑස් වෙනස් ආකාරයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය මැදිහත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ කබීර් හෂීම් මහතා ඇතැම් ගෑස් සමාගම් පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතිය නොමැතිව ගෑස් සිලින්ඩරයේ බර අඩු කර ඇතැයි චෝදනා කළේය.
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හැමදාම මොනවාහරි කියවනවා ඉතින්
ඒකට බොහෝ පමා වැඩියි..!!!
හිතට එන අදහස් මෙහෙම දාන්නම්....!!!
අනේ බන්දුල අයියේ ඔහේ නඩු කියලා ගම් කබරයින්ගේ සටකපට ගොන් තර්ක විතර්කවලින් කාලය නාස්ති කරනකොට අහිංසක මිනිසුන්ගේ හොඳ පණ ගිහින් බව ආචාර්ය මහාචාර්ය බන්දුල ගොයියාට තේරෙන්නේ නැද්ද අනේ හැබැට...? ඔහේගේ සාමාන්‍ය දැනුම "නිල් පාටයි" වගේ.... ?
ඇමැතිවරුපත්කරන්නේ ගෑස් සිලින්ඩර කිරන්න නොවේ.. පොල්ගෙඩි මනින්න නොවේ. අනාගත වැඩ පිළිවෙළක් යෝජනා විය යුතුය. ගෑස් වෙනුවට විකල්ප ක්‍රම, ගෑස් නිෂ්පාදන වියදමට අඩුවෙන් විකුණන්න කියන ඇමැතිවරුන්ට විෂය දැනුම නැති බව නිෂ්පාදකයන් කියනවා. ඇමැතිවරු ඔක්කොම එකතුවෙලා ගෑස් වාතය මෙන් සිලින්ඩර වලට පුරවලා දුන්නොත් නොමිලයේ බෙදාහරින්න ඔවුන් සූදානම්.
මෙතන යටි කතාව තමයි, ඔය කියන සමාගම පාඩු පිට දුවන එකක් වීම සහ දැන දැනම මේ ක්‍රියාව කර තිබීම.. මෙතැනදී ජනතාව ගොනාට අන්දවන්න රජය කරන්නේ දඬුවමක් හැටියට.. අපි සමාගම රජයට පවරා ගත්තා කියලා මහජන සල්ලිවලින් ඕක මිලදී ගැනීම.. කොහොමද ටිකිරි මොලේ..?
මෙතුමගේ කට විතරයි. තවත් ඉන්නවනේ ලැජ්ජා නැතිව පාර්ලිමේන්තුවේ..
අමාත්‍යතුමනි, ජනතාවගේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සඳහා මෙලෙසින් කටයුතු කිරීමට ඉඩදී බලා සිටින්නේ මන්ද? අඩුකර ඇත්තේ මිලට වඩා ගෑස්ය. අද වනවිට සහල් මිල ගණන් කෙසේද? සහල් මිල පාලනය සඳහා ගත් පියවරක් තිබේද? මෙය ඉතා කණගාටුදායක තත්වයක් බව සඳහන් කරන්නේ ද ඉතාමත් කණගාටුවෙනි. ඔබතුමාට දෙවි පිහිටයි...!
අනේ ඇමතිතුමෝ, ගිවිසුම් ගහනකොට නඩු නොගිහින් මේ වගේ දේකට දඬුවම් දෙන්න පුලුවන් ක්‍රමයක් ඒ ගිවිසුම් වලට ඇතුල් නොකර දැන් බොරුවට අපේ සල්ලි ආයේ නැති කරන්න නඩු ගැන කථා කරන්න එපා. ඕවා කාලයත් එක්ක අමතක වෙලා යයි. අපිත් තියෙන විදිහට ගෑස් ගනියි. හැබැයි හිතන්න එපා දැන් ලංකාවේ මිනිස්සු ඉස්සර වගේ මෝඩයි කියලා. පාරිභෝගික අධිකාරයේ එවුන් සහ අනෙකුත් ආයතන බුදියගෙනද හිටියේ? ඔය ගෑස් ටික බෙදනකන්. ආණ්ඩුවම කියලා මෙහෙම කරන්න කියලා දැන් එනවා නඩු ගැන කථා කරන්න. නැව ගිනිගන්නකම්ම හිටියා ඒක තල්ලු කරන්නේ නැතුව වන්දි ගන්න බලාගෙන, කොරෝනා එන්නත ගහන්න වැඩපිළිවෙලක් නෑ. මේ වගේ දාහක් රටේ ප්‍රශ්න. නිකන් ගොන් ආතල් දෙන්න නම් එපා..
මේකට දඩුවමක් දෙන්න ඔනි
නඩුවක් දාන්න ඕන කියන පචවලට... ඇයි මේක දාන්නේ නැද්ද ඕවා වැඩිකරන කොට...?
නඩු දානවා, දානවා තවමත් දානවා.. කවදද කියපු දෙයක් කළේ..?
ඔව් අපි දන්නවා ඔය නඩුව ඉවර වෙන්නේ 2030... එන්නත්වලින් සල්ලි අයකරගන්න සූත්තරයා.
මේ ආචාර්ය තවමත් සිතින් ටියුෂන් පන්තියේ. තමුන්ගේ බොරු මිනිස්සු විශ්වාස කරපු කාලය පහුවුණා...