(යොහාන් භාසුර)
සංචාරණ සීමා පනවා ඇති කාලය තුළ කොළඹට ඇතුළු වන වාහන හදුනාගැනීමේ ස්ටිකර් ඇළවීමේ වැඩසටහන තාවකාලිකව අත්හිටවූ බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියයි
කොළඹට ඇතුළු වූ වාහන 70,000 කට පළමු දිනයේ පමණක් ස්ටිකර් අළවා ඇති බවත් එම සංඛ්‍යාව සංචරණ සීමා පනවා තිබූ පසුගිය සතිය තුළදී කොළඹට පැමිණි වාහන සංඛ්‍යාවට සමාන බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි.
සිටිකර් ඇලවූ දිනයේ පමණක් කොළඹට සතියක වාහන ඇතුල්වී ඇති බවත් මෙම තත්වය හමුවේ ඇතැමුන් ස්ටිකරය අවභාවිතය කිරීමට ඉඩ ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියයි.
දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසුවේ ඉදිරියේදී කිසියම් වාහනයක් අත්‍යවශ්‍ය සේවාවක් යැයි එහි ලිපිලේඛණ පරීක්ෂාවෙන් පසුව සනාථ වුවහොත් පමණක් ස්ටිකරය ඇලවීමට කටයුතු කරන බවත් ස්ටිකරය අලවාගෙන එය අවභාවිතය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මහා මෝඩ වැඩක් කියලා අපිට තේරුණා. මොළයක් ඇතුව තීන්දු තීරණ ගන්න මිනිස්සු ලංකාවට නැතිවීම හරිම කණගාටුයි...
ඒ කියන්නේ ඒකත් ෆේල්...!!!
අපි තමයි හොඳටම කලේ... ඔරකල් සිස්ටම් ගේනකන් බලන් හිටපු 69 ලක්ෂෙන් අහන්න වෙන්නේ දැන් සැපද කියලා තමයි...
ඕක නිෂ්ඵල වැඩක් බව අපිත් දැනගෙන හිටියා. ඒත් කාට කියන්නද? දැන් ඔය ඉතිරි ස්ටිකර් ටික ළමයින්ට ගිහින් දෙන්න පොත්වල ලස්සනට අලවා ගන්න. ඕවා සකස් කරන්න කාට හරි හොඳ ගතමනාවක් ලැබුණේ නැහැ. දැන්හරි... තව මොකක්හරි ක්‍රමයක් හොයාගන්න...!!!
රාළහාමි ඔයාලා කළොත් කරන්නේ සෝඩා බෝතල් වගේ වැඩනේ..? ඔයාලගේ කෙනෙක් නේද අර පක්ෂයක මහලේකම් වෙලා ඉන්නෙත්? අනේ ඉතින් ඒ පක්ෂ වලටත් දෙවියන්ගේම පිහිට තමයි..
අපි තමයි හොඳට කළේ..!!! අයියෝ ශ්‍රී ලංකාවට වෙච්චි දේ..!!!
වැඩබැරි ආණ්ඩුවේ තවත් රිවර්ස් වැඩක්.. මෙහෙමත් සල්ලි කන මෝඩයෝ...!!!
ඉතාම මෝඩ වැඩපිළිවෙලක්... ඔය මොලකාරයින් දැනගන්න ඕනේ කෝවිඩ් බෝවෙන ප්‍රධානතම ක්‍රමය ස්පර්ශයෙන් බව. අනික ඔය ස්ටිකර් එකේ මිලගණන් ගැන හොයලා බලන්න.. කවුරු හරි කෝටි ගණනක් ගසා කාලා ඇති...
සහල් මිල පාලනේ අසමත්.. ආදාහනය සහ භූමදානය අසමත්.. ගඟේ මුට්ටි දැමීම ෆේල්.. ධම්මික පැණිය ෆේල්.. නැව ෆේල්... ස්ටිකර් ෆේල්... තව මොනවද මට අමතක වුණේ.? දන්න කෙනෙකු ඉන්නවා නම් මට මතක්කර දෙන්න.
මෙවැනි නිෂ්ඵල වැඩවලට වියදම් කරන්නෙත් අපේම සල්ලි... කවුද මේවට වගකීම බාරගන්නේ?
ඕකත් දුන්නේ කුමා ස්ටිකර් එකටද දන්නේ නෑ.. හොයලා බැලුවා නම් කෝකටත් හොඳයි.
පොලිසියත් වැඩ අනාගන්න එකමයි කරන්නේ...!!!
අප්පේ ඇති යාන්තම්... ඉතිරිවෙලා තිබ්බ ස්ටිකර් ටික තල්ලු කරගත්තා. මේ වෙලාවේ ස්ටිකර් ගන්න කෙනෙක් හොයා ගන්න එකත් ලේසි වැඩක්ද?
අපි තමයි හොඳට කළේ..!!! අයියෝ ශ්‍රී ලංකාවට වෙච්චි දේ... ඒ කියන්නේ ඒකත් ෆේල්..!!!