
(යොහාන් බාසුර)
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන එන ලද බීඩිකොළ කිලෝ 514 ක් සහ වියලි කහ කිලෝ 70 ක් සමඟ පුද්ගලයකු මන්නාරම, වංකාලේ වෙරළ ආසන්නයේදී අත්අඩංගුවට ගැනීමට අද (08) සමත් වූ බව නාවික හමුදාව පවසයි.
උතුරු මැද නාවික විධානය මන්නාරම, වංකාලේ වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී වෙරළ ආසන්නයේ ලඳු කැලෑවක සගවා තිබියදී මෙම බීඩිකොළ සහ කහ තොගය සොයාගත් බවත් බීඩිකොළ කිලෝ 514 පොලිතීන් උර 17 ක් ද, වියලි කහ කිලෝ 70 ක පොලිතීන් උර දෙකක ද, අසුරා තිබූ බවත් නාවික හමුදා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 41 ක එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් සැකකරු, බීඩිකොළ සහ වියලි කහ සමඟ ඉදිරි විමර්ශණ කටයුතු සඳහා වංකාලේ පොලිසියට භාර දුන් බවත් නාවික හමුදාව කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙව්වා නාවික හමුදාව බෙදාගන්න තිබුණේ...!!!