අද දවසේ කාලගුණය සබරගමුව, බස්නාහිර පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (13) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 September 2021
උසස් පෙළ-ශිෂ්‍යත්ව අයදුම්පත් තවමත් ලැබී නෑ මෙවර අධ්‍යාපන පොදු සහිතක පත්‍ර උසස් පෙළ සහ පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ගේ අයදුම්පත් සියයට 50ක් වත් විභාග දෙපාර්තමේන්තුවට ලැබී නැතැයි එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. 12 September 2021
චීන නොබෙල් ත්‍යාගය විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස්ට චීනය රජය 2021 වසර සදහා වන ’’අනාගත විද්‍යා ත්‍යාගය’’ ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතාට පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී. 12 September 2021
හාල් මිලට ඇමැති දෙපළක් හැප්පෙති රාජ්‍ය ඇමැතිවරුන් වන සිරිපාල ගම්ලත් සහ රොෂාන් රණසිංහ යන මහත්වරුන් අතර වී සහ සහල් මිල ගණන් සම්බන්ධයෙන් පෙරේදා උණුසුම් වචන හුවමාරුවක් ඇතිවිය. 12 September 2021
වයස 12 ට වැඩි ආබාධ සහිත දරුවන්ට කොවිඩ් එන්නත 21 වැනිදා වයස 12 ට වැඩි විවිධ සංකූලතාවලින් පෙළෙන දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ලබන 21 වැනිදා අරඹන බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 12 September 2021
ලොව පුරා කොරෝනා ව්‍යාප්ත වන හැටි සැප්තැම්බර් 11 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 12 September 2021
කොරෝනා මරණ 144ක් වාර්තා වෙයි. කොවිඩ් ආසාදිතවූ තවත් 144 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 September 2021
කොරෝනා ආසාදිතයන් 2022ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 2,022 දෙනකු අද (12) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 12 September 2021
ව්‍යාපාරිකයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුතා අල්ලයි තේ අපනයන සමාගමක හිමිකරුවකු මෙන්ම ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ ගුලාන් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ බාල පුතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 12 September 2021
ගිනිකොණ මුහුදේ භූ කම්පනයක් හම්බන්තොටට කිලෝ මීටර 160 ක් පමණ දුරින් ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශයේ අද (12) පස්වරුවේ භූ කම්පනයක් සිදුව ඇත. 12 September 2021
අලි එළවන්න ගිය වනජීවියට ප්රදේශාවාසින්ගෙන් විරෝධය බලන්ගොඩ ගමිි වැදි සිටි වල් අලි රංචුවක් පලවා හැරිම සදහා පැමිණි වන ජිිවි නිළධාරිනට ප්‍රදේශවාසීහු දැඩි විරෝධයක් එල්ල කළහ. 12 September 2021
මානව හිමිකම් ගැන සොයන 48 වැනි මානව හිමිකම් කවුන්සිල සැසිය හෙට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබද ප්‍රගතිය පිළිබද සලකා බැලෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිට එම කවුන්සිල මූලස්ථානයේදී හෙට (13) ආරම්භ කෙරේ. 12 September 2021
කොරෝනා සිරුරු ආදාහනයට ලක්ෂ 120ක් වැය කරලා කොවිඞ් රෝගය හේතුවෙන් ඉකුත් අගෝස්තු 31 දක්වා මියගිය පුද්ගලයන් 2417 දෙනකුගේ ආදාහන කටයුතු වෙනුවෙන් 1,20,85,000 ඒ ඒ ආදාහනාගාර අයත් පළාත් පාලන ආයතනවලට ලබාදීමට පියවර ගත් බව පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. 12 September 2021
අයි.ඩී.එච් රෝහලෙන් සුභ ආරංචියක් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය. 12 September 2021
දින පහේ බිළිඳා කොරෝනාවෙන් මරුට කෝවිඩි වයිරසයට ආසාදනය විම හේතුවෙන් දින පහක් වයසැති බිලින්දකු බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි මියගිය බව පොලිසිය පවසයි. 12 September 2021
සැර කොරෝනා පරීක්ෂණ තවත් විශ්ව විද්‍යාල තුනකට පේරාදෙණිය, රුහුණ ඇතුළු විශ්ව විද්‍යාල තවත් තුනක කොවිඩ් ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 12 September 2021
‘විදෙස් ගත වන්නන්ගේ ගැටළුවලට කැඩිනමින් විසඳුම් දෙන්න ‘ රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂාකරන පුද්ගලයන්ගේ ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 12 September 2021
අපනයන ඉපැයුම් ඉහළට ශ්‍රී ලංකාවේ අපනයන ඉපයුම් පසුගිය වසරේ පළමු මාස අටට සාපේක්ෂව 22.4 %කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 12 September 2021
‘සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵලත් ඕනේ’ සෞන්දර්ය විෂයන්වල ප්‍රායෝගික පරීක්ෂණ නොපවත්වා සාමාන්‍ය පෙළ විභාග (2020) ප්‍රතිඵල නිකුත් කිරීමට රජය කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් ස්ටාලින් මහතා ලංකාදීපයට පැවැසීය. 12 September 2021
‘උමාරිාට සහ සන්තුෂ්ට ‘කොරෝනා මෙරට ජනප්‍රිය ගායකයකු වන සන්තුෂ් වීරමන් මහතාට සහ ජනප්‍රිය ගායිකාවක වන උමාරියා සිංහවංසට මහත්මියට මේවන විට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. 12 September 2021
සංචාරක හෝටල්වල සුරා සල් වීවෘත කරන්න අවසර සංචාරක මණ්ඩලයේ අනුමත සියලුම හෝටල් සඳහා මත්පැන් අලෙවි කිරීමට අවසර ලබාදෙන බව සුරාබදු කොමසාරිස් (නීති) කපිල කුමාරසිංහ මහතා පවසයි. 12 September 2021
‘ජනමත විචාරණයක් කැඳවන්න’ තවදුරටත් රට බංකොලොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 12 September 2021
අධිවේගයේ ප්‍රධාන මුදල් අයකැමියෙක් ලක්ෂ 14ක් සමග අතුරුදහන් මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ගයට අයත් ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ අයකැමි අංශයේ සේප්පු දෙකක තිබූ රුපියල් 14 ලක්ෂයකට අධික මුදලක් අස්ථානගත වී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 12 September 2021
නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹයි රටට අවශ්‍ය කෙරෙන නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීම අරඹා ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය. ඔහු මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේදී පසුගිය 10 වැනිදා පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය. 12 September 2021
’පාලන මිලට ආණ්ඩුවේ තැන්වලත් නෑ’ රජයේ වෙළෙඳ ආයතන වලත් පාලන මිල ඉක්මවා භාණ්ඩ විකුණන නමුත් ඊට එරෙහිව ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය. 12 September 2021
නොවිය යුත්තක් ගැන ජී.එම්.ඕ.ඒ කියයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 ත් 30 ත් අතර පිරිසට ෆයිසර් එන්නත ලබාදුන්නේ රජයේ උපදෙස් අනුව බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසා ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසීය. 12 September 2021
එන්නත් කාඩ් 45ක් සමග සංවර්ධන නිලධාරියා මාට්ටු කොවිඩ් එන්නත් කාඩිපත් 45ක් ළග තබාගෙන සිටි ගාල්ල මහනගර සභාවේ ප්‍රජා සංවර්ධන නිලධාරිධාරියකු අත්අඩංගුවට ගත් බැව ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි. 12 September 2021
අද දවසේ කාලගුණය පළාත් කිහිපයක අද (12) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 September 2021
සුනාමියක් යැයි බොරු ප්‍රචාරයක් නිසා අඟුලානේ පිරිස් දුවති බස්නාහිර වෙරළ කලාපයේ මුහුදේ රළු ස්වභාවය නිසා උස් රළ ගෙඩි ඇතිවේ යැයි කාලගුණ දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම සුනාමි තත්වයක් යැයි කිසිවකු විසින් ගෙන ගිය අසත්‍ය ප්‍රචාරය නිසා බිය වු අගුලාන ජනතාව රෑපවාහිනි යන්ත්‍ර වැනි බඩු භාණ්ඩ රැගෙන ගොඩබිම දෙසට දිව ගිය බව අප වාර්තා කරුවෝ පවසති 12 September 2021
මත් පෙති සමග දෙකක් දැලේ රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමින් යුත් මත්පෙති 9000 ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් තලපත්පිටිය සහ උඩහමුල්ල ප්‍රදේශවලදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගැනීමට සමත් විය. 11 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026