’ෆයිසර්’ සමඟ සාකච්ඡා සාර්ථකයි
ඇමෙරිකාවේ ෆයිසර් ඖෂධ නිස්පාදන සමාගම, ජර්මනියේ ’බයෝ ඇන්ටෙක්’ සමාගම සමඟ එක් වී, නිපදවා ඇති ’ෆයිසර්’ එන්නත ශ්‍රී ලංකාවට මිලදී ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බවත්, ඉදිරි දින කීපයේ දී ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එලැඹෙනු ඇති බවත් ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.