‘‘ඩෙල්ටා‘‘ රෝගියා හමුවූ ජයලිගම තවත් හතරකට කොරෝනා ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයා සොයා ගැනුණු කහතුඩුව ජයලිගම ප්‍රදේශයේ තවත් සිවු දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. 29 June 2021
සජබට ගිය උඩුනුවර ප්‍රා මන්ත්‍රිවරු යළි එජාපයට සමගි ජන බලවේගයට සහාය දැක්වූ උඩුනුවර ප්‍රාදේශීය සභාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු අද (29)නැවත එක්සත් ජාතික පක්ෂයට එකතු වූ බව එජාප මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පැවසීය 29 June 2021
රිවස්ටර්න් ආසන්නයේ ගින්නක් : අක්කර 5 ක් විනාශයි මාතලේ රත්තොට රිවස්ටර්න් මාර්ගයේ උදලිමාන ප්‍රදේශයේ අද ( 29)දා දහවල් ගින්නත් පැතිර ගොස් ඇති බව පොලිසිය කියයි. 29 June 2021
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍ය අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ අභිනව මහෝපාධ්‍යායන් වහන්සේ (උප කුලපති) ලෙස එම විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පිඨයේ පීඨාධිපති මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූහ. 29 June 2021
වනජීවි නිලධාරියාට පහරදීමේ සිද්ධියට අධිකරණයෙන් වාර්තාවක් ඉල්ලයි මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජාකරියේ යෙදි සිටි වනජීවී නිලධායකුට පහරදී රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර අධිකරණයට කරුනු වාර්තා කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා එම වනෝද්‍යානයේ උද්‍යාන බාරකරු භාතිය මඩුගල්ලේ මහතාට නියෝග කළේය. 29 June 2021
කුසල්, ධනුශ්ක, දික්වැල්ල නිරෝධානයට එංගලන්තයේ තරග සංචාරයක නිරතව සිටියදී විනය විරෝධීව හැසුරුණේ යැයි චෝදනා එල්ල වීම නිසා හදිස්සියේ නැවත ශ්‍රී ලංකාවට කැඳවූ ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනා නිරෝධානය සඳහා මීගමුව ප්‍රදේශයේ හෝටලයකට යොමු කරන්නේ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 29 June 2021
ලක්ෂ 30ක ගිතෙල් රේගුවෙන් අල්ලයි නීති විරෝධීව ආනයන කළ රුපියල් ලක්ෂ 30 කට ආසන්න වටිනාකමින් යුත් ගිතෙල් කිලෝ 1500 ක් ශ්‍රී ලංකා රේගු තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අංශය අද (29) අත්අඩගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය. 29 June 2021
දරුවකු අපයෝජනය කළ කතක් ඇතුළු දෙකක් මාට්ටු මහනුවර කැටවල විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනයේ පුහුණුව ලද බාලවයස්කාර පිරිමි දරුවකු බලහත්කාරයෙන් රඳවාගෙන ලිංගික අපයෝජනයකට ලක් කළැයි කියන රස කැවිලි නිෂ්පාදන ආයතනය සේවිකාවක සහ එහි හිමිකරු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. 29 June 2021
නන්දාගේ ගීත හොරෙන් විකුණු අයට දුන් දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කොට විශාරද නන්දා මාලනී මහත්මිය විසින් ගායනා කළ ගීත නීතිවිරෝධී ලෙස සංයුක්ත තැටිවලට ඇතුළත් අලෙවි කිරීමේ චෝදනාවට වරදකරු කළ විත්තිකරුවකුට මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළ අත්හිටවූ සිරදඬුවම් හා රුපියල් ලක්ෂ පහක දඩය ශ්‍රේෂ්ඨාධිකරණය අද තහවුරු කළේය. 29 June 2021
දස්කම් පෙන්නූ මිල්කා ඔලිම්පික් පිටියට ශ්‍රී ලංකා ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහාන් ද සිල්වා ටොකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට දක්ෂතාව මත සුදුසුකම් ලබා ඇතැයි ශ්‍රී ලංකා ජිම්නාස්ටික් සංගමය පවසයි. 29 June 2021
විදෙස්ගත ලාංකිකයින් 142 ක් කොරෝනාවෙන් මරුට විදෙස් රැකියාවල නිරත ලාංකිකයින් 142 දෙනෙකු කොරෝනා ආසාදිතව මියගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 29 June 2021
විවාහ නීති වෙනස් කරන කමිටුවේ වාර්තාව අධිකරණ ඇමතිට විවාහ, දික්කසාද සහ බාල වයස්කාර දරුවන්ට අදාල නීති සංශෝධනය සඳහා පත්කළ කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ කුෂාන් ද අල්විස් මහතා විසින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට බාරදෙනු ලැබීය . 29 June 2021
ගිලන් රථයට පහරදුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගම්පහ නගරයේදී ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට අයත් ගිලන් රථයකට පහරදුන් බව කියන පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව ගම්පහ පොලීසිය පවසයි. 29 June 2021
ආණමඩුවේ පෞද්ගලික ඉඩමක සැගවු පොහොර තොගයක් එළියට ආණමඩුව මහඋස්වැව එච් 7 ගම්මානයේ පුද්ගලික ඉඩමක රජයේ පොහොර තොගයක් සගවා තිබියදී සොයා ගත් බව ආණමඩුව පොලිසිය කියයි. 29 June 2021
වෛද්‍ය සිසුවිය සමඟ මෝටර් රිය පැහැරගත් පුද්ගලයා අත්අඩංගුවට කරාපිටිය බැංකුවක් අසලදි ඉකුත් 23 වනදින තරුණියක්ද සමග මෝටර් රථයක් පැහැරගෙන ගොස් තරුණියගේ මුදල් සහ රන් භාණ්ඩ කොල්ල කන ලද සැකකරු ගාල්ල පොලිසිය විසින් අත් අඩංගුට ගෙන තිබේ. 29 June 2021
‘කල්පිටියේ රජයේ ඉඩමකට ඇතුළු වූ පිරිසක් පොල් පැළ විනාශ කරලා‘ කල්පිටියේ රජයේ ඉඩමකට බලෙන් ඇතුලු වූ කිසියම් පිරිසක් විසින් එහි තිබූ පොල් පැළ සමූහයක් මුලින් උදුරා දමා කපා කොටා විනාශ කොට ඇතැයි, කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා කල්පිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ. 29 June 2021
මැදිපෙරදිග රටවල් 06කිනුත් මගීන් රැගෙන ඒම තහනම් කරයි පසුගිය සති දෙකක කාලය තුළ මැදපෙරදිග රටවල් හයක සංචාරය කළ ගුවන් මගීන්ට ජූලි 01 වැනිදා සිට මෙරටට පැමිණිය නොහැකි බව ශ්‍රී ලංකා ගුවන් සේවය කියා සිටී. 29 June 2021
සොත්ති උපාලිගේ පුතෙක් කුඩු සමග පොලිස් දැලේ මෙරට සංවිධානාත්මක අපරාධ අපරාධ කරුවෙකු සිටී සොත්ති උපාලි නමැත්තා ගේ පුතෙක් අයිස් මත්ද්‍රව්‍ය සමග බොරැල්ල නිවසකදී විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය. 29 June 2021
කෝටියක කුඩු සමග තරුණයෙක් මාට්ටු රුපියල් කෝටියකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි (27) හැවිරිදි තරුණයකු මට්ටක්කුලිය ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශනය මගින් අත්අඩංගුවට ගෙන ඇත . 29 June 2021
අදත් වැසි වාර කීපයක් සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 June 2021
ගම් කීපයක් වහද්දී තවත් කීපයක් අරී කොරෝනා ව්‍යාප්තිය අවධානම් ප්‍රදේශ කීපයක් අද (29) උදෑසන 6.00 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය . 29 June 2021
සංචරණ නීති කඩා ධාවනය වූ බසයක් අල්ලයි සංචරණ නීති උල්ලංඝණය කරමින් මගීන් පිරිසක් රැගෙන ධාවනය කළ පෞද්ගලික බස් රථයක් මිරිස්වත්ත පොලිස් මාර්ග බාධකයේදී අත්අඩගුවට ගත් බව ගම්පහ පොලිසිය කියයි. 29 June 2021
ඉකුත් 24 පැයේ අනතුරුවලින් 12ක් මරුට මාරක රිය අනතුරුවලින් ඊයේ 27 දිනයේ පුද්ගලයන් 12 දෙනකු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 29 June 2021
නීලිකා මලවිගේ එන්නත් කමිටුවෙන් ඉවත් වෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කෙරුණු එන්නත් පිළිබඳ ස්වාධීන විශේෂඥ උපදේශක කමිටුවෙන් ඉවත් වී ඇත. 29 June 2021
නිරෝධායන නීති කඩා පන්ති පැවැත් වූ හැටන් විදුහල්පතිවරයකුට දැඩි අවවාද නිරෝධායන උපදෙස්වලට පටහැනිව කටයුතු කරමින් හැටන් කොටගල කොමර්ෂල් ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් පිරිසකට පන්ති පැවැත් වු විදුහල්පතිවරයාට සහ ගුරුවරුන්ට දිඹුලපතන පොලිසියේ නිලධාරින් දැඩි ලෙස අවවාද කර මුදා හැරියේය. 28 June 2021
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරියක ඇතුළු හතරකට කොරෝනා වතුපිටිවල මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියකට හා එහි තවත් සුළු සේවිකාවන් තිදෙනකුට කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය. 28 June 2021
නවගමුව කට්ටඬියාගේ ඝාතනයට අනියම් බිරිඳ ඇතුළු තිදෙනෙක් දැලේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට හංවැල්ල ඇඹුල්ගම නිවසකට සිටි කට්ටඬියකු පැහැරගෙන ගොස් ඝාතනය කර කැලණි ගඟට දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්‍රාමික නාවික සෙබළකු ඇතුළු තිදෙනකු අද අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 28 June 2021
‘‘මත් මුද්දර‘‘ සමග කොන්ත්‍රාත්කරුවෙක් පොලිස් දැලේ රුපියල් ලක්ෂ 22ක් වටිනා ‘මත් මුද්දර’ 1200ක් විකිණීම සඳහා සන්තකයේ තබා ගෙන සිටි හොරණ පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 28 June 2021
කොවිඩ් මරණ තවත් 41ක් කොවිඩ් ආසාදිතවූ තවත් 41 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 June 2021
කර්මාන්ත ශාලාවක සේවකයින් 75කට කොරෝනා මිනුවන්ගොඩ මාතම්මන ප්‍රදේශයේ පවත්වාගෙන යන මහා පරිමාණ පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් 75 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 28 June 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026