ස්පුට්නික් 1,20,000ක් සඳුදා දිවයිනට ස්පුට්නික්- v පළමු මාත්‍රාව ලබාගෙන ඇති අයට දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය එමඑන්නත් 1,20,000 ක ප්‍රමාණයක් ලබන සඳුදා (20) මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 15 September 2021
පෞද්ගලික රෝහලේ අත් බෝම්බය ගැන 11කගෙන් ප්‍රකාශ නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියක් තුළ තිබී සොයාගත් මදුරු දඟරයක් සවි කළ අත් බෝම්බය සම්බන්ධයෙන් පුද්ගලයන් එකොළොස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 15 September 2021
සංවර්ධන කටයුතු සඳහා වැලි මදි ජාතික සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය වැලි හිගයක් පවතින බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යංශයේ දී ඊයේ (15) පැවති මාධ්‍ය හමුවක දී පැවැසීය. 15 September 2021
ශ්‍රී ලාංකේය සම්භාවයක් කාන්තාවක් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට ශ්‍රී ලාංකේය සම්භාවයක් ඇති කම්සි ගුනරත්නම් නෝර්වේජියානු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. 15 September 2021
එජාපයෙන් නෙරපූ මන්ත්‍රීවරු 21 වෙනුවට වෙනත් අය නම් කිරීම වළකයි එක්සත් ජාතික පක්ෂ සාමජිකත්වයෙන් නෙරපූ පළාත් පාලන මන්ත්‍රීවරු 21 දෙනකු වෙනුවට වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , එම පක්ෂයෙන් මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහත්වරුන් හා එම පක්ෂ විනය කමිටු ලේකම්වරයා වෙත ඊයේ (15) වාරණ නියෝගයක් නිකුත් කළේය. 15 September 2021
කළු දිලීර රෝගීහු කිහිප දෙනෙක් මෙරටින් හමු වෙති කොවිඩ් ආසාදිතයින්ට වැළඳෙන කළු දිලීර රෝගය වැළඳුණු රෝගීන් කිහිපදෙනෙක් කොළඹ ජාතික රෝහලෙන් මෙන්ම කුරුණෑගල සහ රත්නපුර රෝහල්වලින් හඳුනාගෙන ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අද (15) පැවසීය. 15 September 2021
සිරකරුවන්ගේ ජිවිත ආරක්ෂා කිරීම රජයේ වගකීමක් අත්අඩංගුවේ හෝ සිරභාරයේ පසුවන ඕනෑම පුද්ගලයෙකුගේ ජීවිත ආරක්ෂා කිරීම රජයේ වගකීම බවත්, සිරකරුවන්ට එරෙහිව සිදුවන ඕනෑම ආකාරයක අයුතු සැළකීම්, එක්සත් ජාතින්ගේ සංවිධානය දැඩිලෙස හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මිය පැවසුවාය. 15 September 2021
“රත්වත්තේ ඇතුළු පිරිසක් සම්බන්ධ කිසිදු පැමිණිල්ලක් ලැබී නෑ’’ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිසක් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත බීමත්ව ගොස් කලහකාරී ලෙස හැසුරුණේ යයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් එම බන්ධනාගාර පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානවලට අද (15) පෙරවරුව දක්වා එම සිද්ධි සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ලංකාදීපයට පැවැසීය 15 September 2021
ලොහාන්ව අත්අඩංගුවට ගන්නැයි දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලයි අනුරාධපුර බන්ධනාගාරයට කඩා වැදී එල් ටී ටී ඊ සැකකරුවන් රදවා ඇති සිරමැදිරිය ගොස් එහි සිටි රැදවියන්ට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කළැයි චෝදනා එල්ලවන ලොහාන් රත්වත්තේ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය රජයට බලකර ඇත. 15 September 2021
සංචාරකයින්ට හා ලාංකිකයන්ට ඇති බාධා ඉවත් කරන්න ගුවන්තොටුපොළ බලධාරීන්ට උපදෙස් ගුවන්තොටුපොළ පරිහරණය කරන සංචාරකයින්ට හා ශ්‍රී ලාංකිකයන්ට පවතින බාධා කඩිනමින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ ගුවන්තොටුපොළ බලධාරීන්ට උපදෙස් දී ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටි. 15 September 2021
ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති විශ්‍රාම ලබයි ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති සහ ශ්‍රී ලංකා විදේශ සේවයේ සිටි ජ්‍යෙෂ්ඨතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන රවිනාථ ආර්යසිංහ මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගෙන ඇත. 15 September 2021
කබ්රාල් වැඩ බාර ගනියි මෙරට 16වන මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15) වැඩ භාර ගත්තේය. 15 September 2021
මුදල් පනත අද සිට බලාත්මකයි පාර්ලිමේන්තුවේදී පසුගියදා සම්මතවූ 2021 අංක 18 දරන මුදල් පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (15) පෙරවරුවේ සටහන් කළ බව කතානායක කාර්යාලය පවසයි. 15 September 2021
කළුතර බන්ධනාගාරයට කුඩු පැකට් 68 විසිකරයි කලුතර බන්ධනාගාරයේ ’ඩී’අංශයට විසිකළ පාර්සලයක තිබී හෙරෝයින් පැකටි 68 ක් සහ මත්පෙති 13 ක් ඇතුළු තහනමි ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාර නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ. 15 September 2021
ළමයින් 7534 කොවිඩ් වැළඳී නිවෙස්වල ළමයින් හත් දහස් පන්සිය තිස් හතර දෙනකු (7534) කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පැවසුවාය. 15 September 2021
“ආණ්ඩුව වසර දෙකක් තුළ රට 1977 යුගයට ගෙන ගියා’’ රට තාක්ෂණික යුගයකට, සෞභාග්‍යමත් දේශයකට ගෙනයන බවට පම්පෝරි ගසා බලයට පත්වූ පත් වූ ආණ්ඩුව වසර දෙකක් යාමට මත්තෙන් රට 1977 යුගයකට ගෙන ගිය බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 15 September 2021
සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් තනතුරේ වැඩ බැලීමට රේණුකා බණ්ඩාරනායක ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් තනතුරෙන් ඉවත්වීමෙන් පසු පුරප්පාඩුවූ එම තනතුරේ වැඩ බැලීම සඳහා එහි නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් රේණුකා බණ්ඩාරනායක මහත්මිය පත්කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. 15 September 2021
ඇමැති ලොහාන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වලට, බීමතින් සිය මිතුරන් පිරිසක් ද සමග අයුතු ආකාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද (15)සිය ධුරයෙන් ඉල්ලා අස්විය. 15 September 2021
ලාංකික තරුණයින් දහසකට ජපානයේ රැකියා දොර ඇරෙයි මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපොළ වල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 15 September 2021
කටුනායකට-මත්තලට විශේෂ ආරක්ෂාවක් කිසියම් ප්‍රහාරයක් සම්බන්ධයෙන් ලද තොරතුරක් මත කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ආරක්ෂාව අද (15) සිට දැඩි කර ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙයි. 15 September 2021
වසර දෙකක් ඇතුළත පිටි කිරි සහ බීජ ආනයනය නතර කරනවා තව වසර දෙකක් ඇතුළත බීජ ආනයනය සහ පිටිකිරි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය. 15 September 2021
කබ්රාල්ගේ පත්වීමේ ලිපිය ජනපති අතින් ශ්‍රී ලංකා මහ බැංකුවේ 16 වන අධිපතිවරයා ලෙස පත් කෙරුණු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (15) පෙරවරුවේ සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. 15 September 2021
වී අලෙවි මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ආචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී තිබෙි. 15 September 2021
’විස්කි ’ ජාවාරමක් ගැන රේගුවේ අවධානය විදේශ රැකියාවල නිරතව සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ඇතැමුන් රජයට විශාල බදු ආදායමක් අහිමිකරමින් කාලයක් සිට කරගෙන යන ‘විස්කි’ ජාවාරමක් පිළිබඳව රේගුවේ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසීය. 15 September 2021
ජනතාව කදුළු සාගරේ :ඇමතිවරු ප්‍රීති සාගරේ ආණ්ඩුව මහ බැංකුවත් දේශපාලනය කරන තැනක් බවට පත් කර ගැනීම නිසා මහ බැංකුව තිබූ ගැන තිබූ ලෝකයේ විශ්වාසය මෙන්ම රටේ විශ්වාසයත් පලුදු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 15 September 2021
රට තවමත් රතු කලාපයේ රට අවදානම් තත්වයෙන් තවමත් මිදී නැතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවසුවාය. 15 September 2021
අයිස් මත් ද්‍රව්‍ය සමග හතරක් මාට්ටු තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් සිය බාරයට ගත් බව නාවික හමුදාව කියයි. 15 September 2021
එල්ලේ ක්‍රීඩකයාගේ මරණයට හමුදා බුද්ධි අංශ පහක් රඳවා ප්‍රශ්න කරයි මෝදර එල්ලේ ක්‍රීඩකයා මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි නිලධාරීන් පස්දෙනකු හෙට (16) දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අවසර ලබා දුන්නේය. 15 September 2021
සූර්වි වැලිකඩට ගිය රාජ්‍ය ඇමැති සූර්වී අනුරාධපුරයටත් ගිහින් කොළඹ බන්ධනාගාර මූලස්ථානය ට මිතුරන් පිරිසක් සමග බීමතින් අයුතු ලෙස ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයා අනුරාධපුර බන්ධනාගාරයට ද ඒ අයුරින්ම අයුතු ලෙසින් ඇතුළු වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි 15 September 2021
‘‘ජංගම පී.සී.ආර්. පහක් මාස පහක් තිස්සේ පැත්තක දමලා‘‘ ඉතා කෙටි කාලයකින් පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ලබා දියහැකි ජංගම වෛද්‍ය රසායනාගාර 5ක්, පරිත්‍යාග ලෙස ලැබී තිබියදී මාස 5ක් තිස්සේ ඒ පිළිබද තීරණයක් නොගැනීම පී.සී.ආර්. පරීක්ෂණ හරහා ජනතාව සූරා කෑමට මගපාදා ඇති බව වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ රවී කුමුදේශ් මහතා චෝදනා කරයි. 15 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026