කොවිඩ් එන්නත් නොගත් විසි දහසක් කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ කොවිඩ් මර්දන එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගෙන නැති විසි දහසකට ආසන්න පිරිසක් සිටින බවට තොරතුරු අනාවරණයවී ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 16 September 2021
ගොවිතැන දියුණු කරන්න ’’ටැබ්’’ දෙන්න යයි රටපුරා තොරතුරු ලබා ගනිමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ටත් කෘෂිකර්ම ක්ෂේත්‍ර නිලධාරීණ්ටත් ටැබ් පරිගණක 10,000 ක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. 16 September 2021
යුරෝපා කොමිසමේ දූත පිරිසක් 27 ලංකාවට ඇගලුම් නිෂ්පාදන , ඇතුළු නිෂ්පාදන කිහිපයක් අපනයනය කිරීම සදහා යුරෝපා සංගමය මෙරටට ලබා දෙන ජී.එස්.පී ප්ල්ස් සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමක් දින 10 ක නිල සංචාරයක් සදහා ලබන 27 වැනිදා දිවයිනට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹග් මහතා පැවසීය. 16 September 2021
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු 4 කගේ වැඩතහනම් සතොසට සතුව තිබූ රුපියල් ලක්ෂ 150 කට අධික වටිනාමින් යුත් සුදුළුණු කිලෝ 56,000 ක් නීතිවිරෝධී ලෙස වෙනත් පාර්ශවයකට අළෙවි කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සතොස මූලස්ථානයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් සිවුදෙනකුගේ වැඩතහනම් කළ බව සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා ’ලංකාදීප’යට පැවසීය. 16 September 2021
කතානායක ඉන්දීය ලොක් සභා කතානායක සමුළුව අමතයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉන්දීය ලොක් සභාව වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සමස්ත ඉන්දීය ව්‍යවස්ථාදායක කතානායකවරුන්ගේ සම්මේලනය (AIPOC) ඊයේ (15) ඇමතීය. 16 September 2021
එ.ජා.පය ගම්මට්ටමේ ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කරයි එක්සත් ජාතික පක්ෂයේ ගම්මට්ටමේ ක්‍රියාකාරීන්ගේ සියලු තොරතුරු රැස්කිරීම ලබන සතියේ සිට ඇරඹේ. 16 September 2021
’’ශ්‍රී ලංකාව ගැන සම්මත වූ යෝජනා ක්‍රියාත්මක කරන්න’’ ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමට අදාළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත වූ 46/1 යෝජනාවේ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට බලකර සිටින බව යුරෝපා සංගමය පවසයි. 16 September 2021
පාසල් දරුවන් එන්නත්කරණය තීරණ අද ‘කොවිඩ්’ මර්දන එන්නත්කරණය පිළිබඳ විශේෂ තාක්ෂණික කමිටුව අද (16) පාසල් දරුවන් එන්නත්කරණය ඇතුළු විශේෂ තීරණ රැසකට එළඹීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය. 16 September 2021
දරුවන්ගේ ප්‍රශ්නයට මැදිවූ පියාට අඟිල්ල අහිමි වෙයි මොරටුව එගොඩඋයන, මුතුවැලි පාරේ දරුවන් දෙපිසක් අතර බහින්බස්වීමකට මැදිහත් වූ පියකු අනෙක් පාර්ශවයේ පියාගේ අතක මහපට ඇගිල්ලක් වෙන්වන ලෙස මන්නාපිහියකින් පහරදී කපා ඇතැයි මොරටුව, එගොඩඋයන පොලිසිය කියයි. 16 September 2021
රටේ ණය බරින් නිදහස් විය හැක්කේ මන්නාරම් තෙල්වලින් පමණයි ශ්‍රී ලංකාවේ මන්නාරම් ද්‍රෝනියේ එම් - 2 ලෙස දැනට හදුනා ගෙන ඇති බැරකියුඩා ප්‍රදේශයේ බොර තෙල් බැරල් මිලියන 2,000 ක් තිබෙන බව සොයාගෙන තියෙනවා. එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 150 ක්.එමෙන්ම මෙම ද්‍රෝනිය තුළ ගෑස් ඝන අඩි ට්‍රිලියන 09 ක් තිබෙන බවත් සොයාගෙන තියෙනවා.ඒවායේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 17 ක් යැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. 16 September 2021
අධිවේගයේ යකඩ කැපූ දෙකක් මාට්ටු හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශය හරහා යන අධිවේගී මාර්ගයේ දෙපස දැල සවි කිරීම සදහා යොදා තිබෙන යකඩ බට කපා සොරකම් කළ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි. 16 September 2021
පළාත් කීපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ද ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 16 September 2021
කොළඹ වැසියන්ට නොමිලේ ඇන්ටිජන් කොළඹ පදිංචි කරුවන් සහ රැකියාවල නිරත වන පුද්ගලයන් සඳහා (කොළඹ 1 සිට 15 දක්වා ප්‍රදේශවල) නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීම කොළඹ මහනගර සභාව විසින් අරඹනු ලැබ ඇත. 16 September 2021
රට ඉඳලා එන අය පුද්ගලික පරිහරණයට ගේන බඩුවලට සීමා නෑ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට කිසිදු සීමා පනවා නැතැයි මුදල් අමාත්‍යංශය පවසයි. 16 September 2021
ආනයනය සිමා කර ඇති භාණ්ඩ තොගයක් අල්ලයි රුපියල් ලක්ෂ 65 කට ආසන්න වටිනාකමින් යුත් නීති විරෝධීව ආනයනය කළ වියලි ඉඟුරු, උඳු සහ තල් සූකිරි තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගු නිවාරණ අංශය සමත් වූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති) සුදත්ත සිල්වා මහතා පැවසීය. 16 September 2021
කොරෝනාවෙන් මියගිය වැඩි පිරිසක් එන්නත් නොගත් අය කොවිඩ් ආසාදිතවී මියගිය පිරිසෙන් සියයට 76 ක් එකම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බව අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිවී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය . 16 September 2021
යොහානිගේ යූ ටියුබ් චැනලය වාර්තාවක් තබයි සතීශන් රත්නායකගේ ‘මැණිකේ මගේ හිතේ..’ ගීතය ප්‍රති නිර්මාණය කිරීම නිසා නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වා ගේ යූටියුබ් චැනලය තවත් වාර්තාවක් තැබීමට සමත් වී ඇත. 15 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 572ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 572 දෙනකු අද(15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 September 2021
බුලත් කොළය නව මුහුණුවරකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට නව ප්‍රතිපත්ති මාලාවක් සහිතව නව මුහුණුවරකින් ගොඩනැගීම කෙරෙහි එම සන්ධානයේ අවධානය යොමු වී ඇත. 15 September 2021
කටුගස්තොට රෝහලේ වෛද්‍යවරයකු කොරෝනාවට බිලි කටුගස්තොට රෝහලේ සේවය කරමින් සිටි වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී පේරාදෙණිය ශික්ෂණ රෝහලේදි අද (15) මිය ගියේය. 15 September 2021
කොවිඩ් මරණ 132ක් කොවිඩ් ආසාදිතවූ තවත් 132 දෙනකු ඊයේ (14) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය. 15 September 2021
කොරෝනා ආසාදිතයෝ 11,605ක් සුවය ලබා ගෙදරය යති කොවිඩ් ආසාදිත ප්‍රතිකාර ලැබූ තවත් රෝගීන් 11,605 ක් සුවය ලබා අද (15) රෝහලෙන් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 15 September 2021
පාසල් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ඉතා කඩිනමින් ඉදිරි සති දෙක තුනක කාලයේදී පාසල් ආරම්භ කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් එහිදී පළමුව ළමුන් 200 ට අඩු පාසල්, පෙර පාසල් හා 6 වන ශ්‍රේණිය දක්වා වූ පාසල් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය. 15 September 2021
ඇමැතිකමින් ඉවත් වුණු හේතුව ලොහාන් හෙළිකරයි ආණ්ඩුව අපහසුතාවයට පත් කරවීමට අකමැතිවූ නිසා තමා රාජ්‍ය ඇමැති ධූරයෙන් ස්වකැමැත්තෙන් ඉවත්වූ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ලංකාදීපයට පැවැසීය. 15 September 2021
හම්බන්තොට වරායේ තොග භාණ්ඩ හැසිරවීම සියයට 186ක වර්ධනයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය මෙම වසරේ (2021) පළමු මාස හය තුළ සමස්ත තොග භාණ්ඩ හැසිරවීම පරිමාව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 186 කින් වර්ධනය කරගෙන ඇතැයි හම්බන්තොට වරායේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තිස්ස වික්‍රමසිංහ මහතා පැවසීය. 15 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 1,742ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,742දෙනකු අද (15) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 15 September 2021
එන්නත් කරන හමුදාවට පිසූ ආහාර විහාරමහා දේවි උද්‍යානයේ එන්නත්කරණ කටයුතුවල නිරත යුද හමුදා භට පිරිස් සඳහා පිසින ලද ආහාර ලබා දීමට ශ්‍රී ලංකා බෝරා මුස්ලිම් ප්‍රජාව විසින් අද සිදු කරන ලදි. 15 September 2021
වැටලීමකට ගිය පොලිසියට ගල් ප්‍රහාරයක් දෙමටගොඩ කාලිපුල්ලවත්තේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමක ගල්ප්‍රහාරයක් එල්ල කළ බව කියන සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 15 September 2021
පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගෙනා අය මාට්ටු නාරාහේන්පිට පෞද්ගලික රෝහලට අත් බෝම්බයක් ගෙන ආ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 15 September 2021
හම්බන්තොට නගරාධිපති එරාජ් කොළඹදී යකා නටයි බම්බලපිටිය කොතලාවල ඇවනිව් ඉඩමකට කඩාවැදී එහි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි. 15 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026