එජාපයේ ප්රතිසංවිධාන කටයුතු ශක්තිමත් කිරිමට කමිටුවක් එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නිර්දේශ සැකසීමට එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් විසින් පත්කර තිබෙි. 02 July 2021
පොලිසියට බාර වූ ප්‍රා. මන්ත්‍රීවරු තිදෙනා අත්අඩංගුවට මොරටුව මහ නගර සභා ආරක්ෂක අංශ සේවකයාට පහර දුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නාගරික මන්ත්‍රීවරුන් තිදෙනකු පොලීසියට බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය කියයි. 02 July 2021
කෝටියක මත්පැන් දුම්වැටි සමඟ අයෙක් අත්අඩංගුවට තීරු බදු නොගෙවා මෙරටට රැගෙනවිත් තිබු රුපියල් කෝටියකට අධික වටිනා විදෙස් මත්පැන් සහ දුම්වැටි තොගයක් සමග මීගමුවේ පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් මගින් අද(02) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්යබළකාය කියයි. 02 July 2021
දිස්ත්‍රික්ක 4 ක ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් අද (02) උදෑසන 6 සිට දිස්ත්‍රික්ක 4කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 02 July 2021
ශ්‍රී ලංකාවට ඔස්කාර් සම්මානයක් ශ්‍රී ලංකාවේ අන්තරායක රසායනික ද්‍රව්‍යවලින් ආරක්ෂා වීම පිළිබඳ ප්‍රතිපත්තියට ලොව හොඳම ප්‍රතිපත්ති පිළිබඳ ඔස්කාර් සම්මානය ලෙස සැලකෙන ’’2021 අනාගත ප්‍රතිපත්ති සදහා වූ සම්මානය ’’හිමිව ඇතැයි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා කොමසාරිස් කාර්යාලය කියයි. 02 July 2021
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වෙනස් කම් ගැන යුරෝපා සංගමය දැනුම්වත් කරයි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සඳහා ගත් පියවර සහ ප්රතිසන්ධානය පිළිබඳ ප්‍රගතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමර්ග පිළබදව යුරෝපා සංගමයට දැනුම්වත් කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 02 July 2021
පළාත් කිපයකට තරමක් තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (2) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 02 July 2021
අමතර කණ්ඩායමක් පැත්තකින් තියයි එංගලන්ත සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුමට අත්සන් නොකළ හොත් එම ක්‍රීඩකයන් වෙනුවට සංචිතයට ඇතුළත් කිරීමට ක්‍රීඩකයන් 13 ක් කොළඹ තරු පංතියේ හෝටලයක ‘ජෛව ආරක්ෂිත බුබුලක්’ ලෙස සංචිත ගතකර තිබේ. 02 July 2021
නිරෝධායන නීති කැඩූ 325ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 325:දෙනකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 02 July 2021
කොළඹ එන්නත් දීමේ අවුලක්:ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ අපහසුතාවයක කොළඹ නගරයේ කොවිඩ් මර්දන එන්නත ලබාදීම නිසි සැලසුමකට සිදු නොවීම නිසා ජනතාව දැඩි අපහසුතාවයකට පත්වන බව වාර්තා වේ. 01 July 2021
පොලිසියේ සේවය වේගවත් කරන්න ත්‍රීරෝද රථ 2000ක් පොලිසිය රාජකාරි කටයුතු කාර්යාක්ෂමව ඉටුකර ගැනීම සදහා සහ ශක්තිමත් ප්‍රවාහන පද්ධතියක් පවත්වාගෙන යාම සදහා ත්‍රිරෝද රථ 2000 ක් දිවයිනේ පොලිස් ස්ථාන වෙත ලබා දීමේ වැඩසටහනක් අද (1) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානාත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පරිශ්‍රයේ දී පැවැත්විණි. 01 July 2021
වෙළෙඳපොළේ රත්රන් හිඟයක් රත්රන් ආනයනය දැඩි ලෙස සීමා කිරීම හේතුවෙන් මේ වන විට දේශීය වෙළඳපොළේ රත්රන් වල දැඩි හිඟයක් මතුව ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කරයි. 01 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 642ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 642 දෙනෙක් අද (1) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 01 July 2021
මැති ඇමැතිවරුන් රබර් මුද්‍රා බවට පත්වෙලා වර්තමානයේදී කැබිනට් ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රබර් මුද්‍රා බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 01 July 2021
’’පිටි මිල වැඩි කළාට උසාවි ගෙනියනවා’’ පාන් පිටි (තිරිඟු පිටි) මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් අදාල සමාගම්වලට එරෙහිව නඩු පවරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 01 July 2021
ඩෙල්ටා රෝගීන්ගේ ආශ්‍රිතයන් සුරක්ෂිතයි ඉන්දීය ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනයවූ පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් කිසිවෙකුටත් එම වයිරසය ආසාදනය වී නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. 01 July 2021
ගිනිගත් නැවේ වගකිව යුත්තන්ට නඩු පවරන්නැයි පෙත්සමක් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට වෙරළේ දී මුහුදුබත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට ඒරෙහිව නඩු පැවරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පරිසර විද්‍යා ඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන ජෙරාන් ජෙගතිෂන් යන මහත්ම මහත්මීන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ. 01 July 2021
හෙද වර්ජනයෙන් එන්නත්කරණයට බාධා හෙද වැඩවර්ජනය හේතුවෙන් බස්නාහිර පළාතේ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනටද අද (01) බාධා එල්ල විය. 01 July 2021
කොවිඩ් මරණ තවත් 43ක් කොවිඩ් ආසාදිතවූ තවත් 43 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 July 2021
’’රසායනික පොහොර ගෙන්වන්න වැය කළ කෝටි 800ක මුදල ගොවි ජනතාවට ලබාදෙනවා’’ රසායනික පොහොර ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන රුපියල් කෝටි 800ක මුදල අනාගතයේදී මෙරට ගොවි ජනතාව අතට ලැබීමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. 01 July 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,173ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 1,173දෙනෙක් අද (1) වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 01 July 2021
’’පාන් මිල වැඩි කරන්නෙ නෑ’’ පාන් මිල වැඩි නොකරන්නේ යැයි සමූපකාර සේවා, අළෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (01) පස්වරුවේ පැවසීය. 01 July 2021
දෙදෙනකුට ඇණ ගැසූ කපුවා අත්අඩංගුවට පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන ගොස් අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකදී කොටයකට තබා කුරුසයක පරිද්දෙන් පරාල ඇණ ගසා අමානුෂික වද හිංසා කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකාර කපුවා පල්ලේකැලේ පොලිසිය විසින් අද (01) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 01 July 2021
බඩු මිල එරෙහිව සජබය පාරට බසී බඩු මිල අඩු කර ජනතාවට ජීවිත් වීමෙි අයිතිය ලබා දෙන්නැයි ඉල්ලමින් සමගි ජන බලවේගය කොළඹ කොම්පඤ්ඤ වීදියේ දී අද පස්වරුවේ උද්ඝෝෂණයක් කළහ. 01 July 2021
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සුබ පණිවිඩයක් කොරෝනා මර්දනය සඳහා දිගටම සහාය ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නව නේවාසික නියෝජිත ආචාර්ය අලන්කා සිං මහත්මිය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට අද (1) දැනුම් දුන්නාය. 01 July 2021
චෙන්කල්අඩි හිටපු ප්‍රා.ලේ ගැන විමර්ෂණයක් චෙන්කල්අඩි හිටපු ප්‍රාදේශීය ලේකම්වරයාට එරෙහිව කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ලබාගැනීමට උත්සහ කිරීමේ සිද්ධියක් ඇතුළු දූෂණ චෝදනා රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ විමර්ෂණ අංශය පවසයි. 01 July 2021
වියළි කහ කිලෝ 2,000 ක් මන්නාරමෙන් සොයාගනී නාවික හමුදාව විසින් දින තුනක් පුරා මන්නාරම ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මුහුදු මගින් මෙරටට රැගෙනවිත් තිබු වියලි සහ කිලෝ 2000 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව කියයි. 01 July 2021
මිහින්තලේ ප්‍රා.ස. උප සභාපති රිමාන්ඩ් අන්තර්ජාලය ඔස්සේ තැරැව්කරුවකු මගින් ලබාගත් බාලවයස්කාර දැරියකට ලිංගික අතවරයක් කළැයි ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (01) නියෝග කළාය. 01 July 2021
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක් කොරෝනා ‘ඩෙල්ටා’ ප්‍රභේදය පිළිබඳව වගකීමෙන් කටයුතු නොකළ හොත් රට අවදානම් තත්වයකට පත්විය හැකි බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි. 01 July 2021
සෙවණගල පොලිසියේ දුෂණ මර්දන අංශයේ ලොක්කාට වැඩ වරදී කසිප්පු ජාවාරම්කරුවන් පිරිසක් සමඟ හිතවත්කම් පාමින් ඔවුනට රහසිගත තොරතුරු ලබා දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෙවණගල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කළ බව ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනුවන් මෙන්ඩිස් මහතා පැවැසීය . 01 July 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026