( තිළිණි ද සිල්වා )
ඉතාලිය සහ මියන්මාරය සදහ නව ශ්‍රී ලංකා තානාපතිවරුන් දෙදෙනෙක් පත් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව ඉතාලියේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතාද , මියන්මාරයේ නව ශ්‍රී ලංකා තානාපති ලෙස ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා පත් කරනු ලැබ ඇතැයි විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
කලක් තිස්සේ පුරප්පාඩුව පැවති එම තානාපති ධූර සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ උපදෙස් මත විදේශ අමාත්‍යාංශය කළ මෙම ප පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ද මේ වනවිට ලැබී ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිලිබද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු ද වන ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා මීට පෙර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය සඳහා නාමයෝජනා අනුමත වී තිබිණි.
තානාපති ධුරය බාර ගැනීමට පෙර ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ද , කලකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙසද කටයුතු කළේය.එසේම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්රකාශනය සැකසීම සදහාද හෙතෙම සිය දායකත්වය දැක්වූ අයෙකි.
මේ අතර මියන්මාරයේ ශ්‍රි ලංකා තානාපති ලෙස පත් කළ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා මේ වනවිට දැනට නයිජීරියානු ෆෙඩරල් ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරය හොබවනු ලබයි.ඔහු මීට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කළේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද කටයුතු කළ ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර ලෙසද කලක් සේවය කළේය.

ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා

ජානක ප්‍රියන්ත බණ්ඩාර මහතා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්ති හදන්න දායකවීම ද හොදම සුදුසු කම ජගත් වැල්ලවත්තගේ.ඒ උනාට එය අර වීඩ්යෝ එකක් දලා එයාගේ ඉංගී්‍රීසි දැනුම ගැන කීවට පස්සේ යන්න උන්න රට වෙනස් උන වගක් තමා කියන්නේ.මොනවා උනත් ඕනම සුදුසු කම සපුරලනේ
සේරම දේශපාලන පත්වීම්. කිව්වේනම් කොහොමද.
ගොට්ටන්ට ගිය රට...
ඉතාලියට අබ සරණයි...!
ජගත් වැල්ලවත්ත, ඔබ හොඳ මිනිසකු යැයි අප අසා ඇත. නමුත් ඉතාලියේ ලොකුම මාෆියා එක තියෙන්නේ සිසිලි දූපතේ නම් නොවේ. ඔබ රැකියාව කරන්න යන ගොඩනැගිල්ල ඇතුළෙයි.. හැබැයි ඉතාලිකාරයෝ නම් නොවෙයි. අහුවෙන්න එපා. ඉස්සෙල්ලා ඔතන හදන්න පටන්ගන්න. හදන්න ඕනේ ඔබට පහසුවෙන් ඉන්න නම් නොවෙයි. ඔබෙන් පසුව ඔබේ තනතුරට එන කෙනාට කොන්ද කෙලින් තියාගෙන හරියට රාජකාරිය කරන්නයි. වැඩ බැරි දාසලා, මාෆියා මාස්ටර්ලා ඔය ගේට්ටුවෙන් එළියට දමන්න. ඉතාලියේ උපන් තරුණ ජවයක් ඇති ලාංකික අය අදාල තනතුරු වලටත්, උගත් ලාංකික රාජ්‍ය සේවකයිනුත් ළංකර ගන්න. සන්නා කියූ විදියට වැඩකාරයෙක් වී ඔතන සුද්ද කරන්න. අපිට ඔබෙන් අවශ්‍ය සේවය එපමණයි. ඔබට සුබපතමි...!
ජගත් වැල්ලවත්ත, ඔබ හොඳ මිනිසකු යැයි අප අසා ඇත. නමුත් ඉතාලියේ ලොකුම මාෆියා එක තියෙන්නේ සිසිලි දූපතේ නම් නොවේ. ඔබ රැකියාව කරන්න යන ගොඩනැගිල්ල ඇතුලෙයි... හැබැයි ඉතාලිකාරයින් නම් නොවෙයි. අහුවෙන්න එපා... ඉස්සෙල්ලා ඔතන හදන්න පටන්ගන්න... හදන්න ඕනේ ඔබට පහසුවෙන් ඉන්න නම් නෙවෙයි. ඔබෙන් පසුව ඔබේ තනතුරට එන කෙනාට කොන්ද කෙලින් තියාගෙන හරියට රාජකාරිය කරන්නයි. වැඩ බැරි දාසලා, මාෆියා මාස්ටර්ලා ඔය ගේට්ටුවෙන් එළියට දමන්න. ඉතාලියේ උපන් තරුණ ජවයක් ඇති ලාංකික අය අදාල තනතුරු වලටත්, උගත් ලාංකික රාජ්‍ය සේවකයිනුත් ළංකර ගන්න. සන්නා කියූ විදියට වැඩකාරයෙක් වී ඔතන සුද්ද කරන්න. අපිට ඔබෙන් අවශ්‍ය සේවය එපමණයි. ඔබට සුබ පතමි...!
හෙංචයියලා පත්කිරීම නතරවන්නේ කවදාද?
ඇත්තටම විදේශ සේවයට විභාග තියලා උගත්තු ගන්නේ මොකටද? මේ වගේ දේශපාලන පිම්පියන් ඒවාට දානවා නම්... අන්තිමට රටේ අවශ්‍යතාව වෙනුවට යන කාලකන්නින්ගේ පුද්ගලික න්‍යාය වෙනුවට රටේ සල්ලි වියදම් කරනවා.
මෙයා ඉංග්‍රීසි ටියුෂන් දෙනවලු ඉතාලිවල ඉන්න අයට....
කලින් කලට පත්වන තානාපති කාර්යාලවල සේවකයන්ටත් තමන් ජනතාවට සේවය කරන බව අමතක වෙනවා. ලාංකිකයො වැඩක් කරගන්න ආවම කාලය කා දැමීමට සහ ඉල්ලීමක් නොකර ඉන්නෙ කොහොමද කියල බලන අය බහුලයි. අතින් තානාපති සේවය ඉහළ තැනක ඉන්නෙත් ඔය දේශපාලුවන්ගෙ උඩගුකම සේවකයන්ටත් බෝවෙලා නිසයි. ලංකාවෙ මේ කට්ටියගෙ මෝඩ පාට් ගැන දින ගණන් කථා කලත් නිමක් වෙන්නෙ නැහැ. වරප්‍රසාද ගන්න ඉපදුණු වැඩ බැරි පන්දම් කාරයො නැත්තෙ ඉතා කිහිප දෙනෙකු කියල කිව හැකි තරමට මේ අය ඒගොල්ලන්ගෙ ප්‍රතිරූපය විනාශ කරගෙන තියෙන්නෙ.