15 දැරිය අපයෝජන සිද්ධියේ තවත් පහක් රිමාන්ඩ්
අන්තර්ජාලය ඔස්සේ වයස අවුරුදු 15 ක බාලවයස්කාර දැරියක දූෂණය කළේ කියන සිද්ධියට අදාලව ළමා හා කාන්තා කාර්යාංශය අත්අඩංගුවට ගත් නැවක කපිතාන්වරයකු, මැණික් ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා අද (3) නියෝග කළේය.