(සිතුම් චතුරංග)

කිලිනොච්චිය, මරුදන්කේනි ප්‍රදේශයේ වළදමා තිබූ මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව මරුදන්කේනි පොලිසිය පවසයි.

පැරණි ඉඩමක් වගාකටයුතු සඳහා බැකෝ යන්ත්‍ර යොදා සකස් කිරීමේදී තල් ගසක් පාමුල සඟවා තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් එලෙස සොයාගත් බවද පොලිසිය පැවසීය.

මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 15 ක්, මිලිමීටර 81 වර්ගයේ ලෝන්චර් වර්ගයේ මෝටාර් උණ්ඩ එකක්, මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 12 ක්, මිලිමීටර් 60 වර්ගයේ පැරා මෝටාර් උණ්ඩ හයක්, ආර්.පි.ජි වර්ගයේ උණ්ඩ 16 ක්, ටි 56 පතුරම් 2256 ක්, එල්.පි.එම්.ජි වර්ගයේ උණ්ඩ 1999 ක්, එම්.පි.එම්.ජි වර්ගයේ පතුරම් 824 ක්, හැක් හැක් වර්ගයේ පතුරම් 230ක්, පතරොම් බහාළුම් ඇතුළු දිරාපත්වූ පුපුරණ ද්‍රව්‍ය කොටස් රැසක් සොයාගත් බවද පොලිසිය පැවසීය.

යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පසුබහින එල්.ටි.ටි.ඊ සංවිධානය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් මෙම පුපුරණ ද්‍රව්‍ය සඟවා තබන්නට ඇති බව පොලිසිය සැකපලකරති.

පොලිසිය පැවසූයේ හමුවූ පුපුරණ ද්‍රව්‍යවලින් කොටසක් දැඩිලෙස දිරාපත්ව තිබූ බවත් කිලිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් මරුදන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.