‘‘අපට එජාපය සමග එක්වැන්නැයි ඉල්ලමින් විහිළු සපයනවා‘‘
ජනතා බලයෙන් පත්වූ පළාත් පාලන නියෝජිතයින් නෙරපා හරිමින් ජනතා ප්රජාතන්ත්රවාදයට මරු පහරක් එල්ල කළ එක්සත් ජාතික පක්ෂය, විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට එම පක්ෂය සමග එක්වන ලෙස කරන ඉල්ලීම විහිලු සහගත බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කරයි.