විදුලිබල,ඛනිජ තෙල්,ලිට්රෝ ගෑස් ගැටළු කෝප් කමිටුවේ සාකච්ඡාවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්රෝ ගෑස් සමාගම යන ආයතනවල ගැටළු රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී(කෝප්) ඊයේ (21)පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ. 22 September 2021
බේරුවල ප්‍රා සභාපතිට පහරදුන් හතරක් මාට්ටු බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතාට පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සේවකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය අද(22) පෙරවරුවේ පවසයි. 22 September 2021
අද දවසේ කාලගුණය සබරගමුව, බස්නාහිර, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 September 2021
‘‘ආහාර මිල පාලනයට පියවරක් ගත යුතුයි‘‘ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය සඳහා වහා පියවරක් ගත යුතුව ඇතැයි ඇමතිවරුන් ගණනාවක් ඊයේ (21)පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 22 September 2021
යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී කෝටි 11 කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාට ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව ඇත. 22 September 2021
පොලිස් නිල නිවසට පැන්න කුඩ්ඩන් දෙදෙනා අල්ලයි නාරාහේන්පිට ඇන්ඩසන් මහල් නිවාස සංකීර්ණයට අයත් පොලිස් නිල නිවසක් බිද රන්,රිදී ඇතුළු භාණ්ඩ රැසක් සොරකම් කළ කුඩ්ඩන් දෙදෙනකු සහ එම රන් භාණ්ඩ සන්තකයේ තබා ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශය කියයි. 22 September 2021
කොරෝනා ආසාදිත බිරිය ඝාතනය කළ ව්‍යාපාරිකයා මාට්ටු දේපළ ලබා ගැනීමේ බලාපොරොන්තුවෙන් කොරෝනා වයිරසය ආසාදනය වූ තම බිරිඳ නිදි යහන මත ඝාතනය කළ බව කියන ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි. 21 September 2021
පොලිසියට වෙට්ටු දැමූ කුඩ්ඩා හඳුනා ගනී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් වෙට්ටුවක් දමා සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 21 September 2021
කුඩා දරුවකු අපයෝජනය කළ නරුමයකු අල්ලයි වයස අවුරුදු 5යි මාස 8 ක බාලවයස්කාර දැරියක බරපතල ලෙස ලිංගික අපයෝජනය කර සමාජ මාධ්‍ය ඔස්සේ එය ප්‍රචාරය කළැයි කියන විසි හැවිරිදි විවාහකයකු නුගේගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 21 September 2021
අගමැති හා හවුල්කාර පක්ෂ අතර හමුවක් හෙට අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හවුල්කාර පක්ෂවල නායකයන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී හෙට (22) දහවල් පැවැත්වෙි. 21 September 2021
ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාවෙන් පොලිසියේ සැරයන්වරියක් ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන ලෝක ශූරතා දුන්නෙන් විදීමේ තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ශ්‍රී ලංකා පොලීසියේ කාන්තා පොලිස් සැරයන් අනුරාධා විජේසිංහ කරුණාරත්න මහත්මිය සුදුසුකම් ලැබ තිබේ. 21 September 2021
මාර්ග ආරක්ෂව පිළිබඳ ජාතික සභාවේ රක්ෂණ සමාගම් දායකය වැඩි කරයි ශ්‍රී ලංකාවේ සියලුම වර්ගයේ වාහන සඳහා රක්ෂණ සමාගම් නිකුත්කරන තුන්වැනි පංතියේ සෑම රක්ෂණ ආවරණයකින්ම මාර්ග ආරක්ෂව පිළිබඳ ජාතික සභාවට මෙතෙක් ලැබුණු සියයට එකක ප්‍රතිශතය සියයට දෙකක් බවට පත්කරමින් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 21 September 2021
2020 උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ලකුණු ලබන මාසයේ නිකුත් කෙරෙයි අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ - 2020 විභාගයේ ප්‍රතිඵල මත ඒ ඒ උපාධි පාඨමාලා සාඳහා සිසුන් බඳවා ගන්නා ඉසෙඩ් ලකුණු ලබන මාසයේදී නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය. 21 September 2021
ආබාධිත දරුවන්ට ෆයිසර් එන්නත ලබාදීම 24වැනිදා ඇරඹේ වයස අවුරුදු 12ත් 19ත් අතර ආබාධ සහිත සහ නිදන්ගත රෝගවලින් පෙළෙන ළමයින් සඳහා ෆයිසර් එන්නත් ලබන 24 වැනිදා ලබාදීමට සැලසුම් කර ඇති බව ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 21 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 918ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 918 දෙනකු අද (21) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 21 September 2021
දෛනික කොවිඩ් මරණ 66ක් දක්වා අඩුවෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 66 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 September 2021
ජේ.පී.ආර්. කරුණාරත්න මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයකු වන ජේ.පී.ආර්. කරුණාරත්න මහතා සැප්තැම්බර් 15 වැනි සිට ක්‍රියාත්මක වන පරිදි මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම් ලෙස පත් කර ඇත. 21 September 2021
පෞද්ගලික බස්රථ රක්ෂණයට සහනයක් ‘කොවිඩ්’ වසංගතයෙන් අපහසුතාවට පත්ව සිටින පෞද්ගලික බස්රථ හිමියන්ට සහනයක් ලෙස ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචි බස්රථවල වාර්ෂික රක්ෂණ ගාස්තුවේ දෙවැනි කොටස ගෙවීමට මාස හයක කාලයක් ලබාදීමට රක්ෂණ සමාගම් එකඟ වූ බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රජ්‍ය අමාත්‍යයේ උසස් නිලධාරියකු පැවසීය. 21 September 2021
විදේශ ඇමති නිව්යෝකහීදී ඔස්ට්‍රේලියා විදේශ ඇමතිනිය හමුවෙයි රටේ උතුරු හා නැගෙනහිර පළාත්වල ආර්ථික සංවර්ධනය සහ සංහිඳියාව සම්බන්ධයෙන් ප්‍රගතියක් අත් කර ගෙන තිබියදී , ශ්‍රී ලංකාව තෝරා ගෙන ඉලක්ක කරගත් යාන්ත්‍රණයක් මානව හිමිකම් කවුන්සිලය තුළ පැවතීම නුසුදුසු බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා විදේශ අමාත්‍ය මාරිස් පේන් මහත්මිය වෙත දැනුම් දුන්නේය. 21 September 2021
පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට අද (21) බාරදෙනු ලැබීය. 21 September 2021
බස්රථවලට පසුගිය වසරේ කෝටි 30ක සහන ජාතික ගමනාගමන කොමිෂන් සභාව පසුගිය වසරේ පෞද්ගලික බස්රථ හිමියන්ට රුපියල් කෝටි 30 ක පමණ (මිලියන 300) සහන ලබාදී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂි වෙල්ගම මහතා පැවසීය. 21 September 2021
“කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව එක්කෝටි තිස්ලක්ෂකට ලබාදීලා’’ ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩසටහන යටතේ මේ වන විට පුද්ගලයින් එක්කෝටි තිස්ලක්ෂකට පමණ පළමු මාත්‍රාව ලබාදී ඇතැයි පුවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රමාලී ද සිල්වා මහත්මිය පැවසුවාය. 21 September 2021
සංචාරක ක්ෂේත්රයට දුන් ණය සහන කාලසීමාව මාස 09කින් දීර්ඝ කරයි මෙරට සංචාරක ක්ෂේත්රයට ලබා දී ඇති ණය පමා සහන කාලසීමාව තවත් මාස 09කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. 21 September 2021
කැනඩා අගමැතිට යළිත් ජනවරමක් කැනඩා මහ මැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්රමුඛ ඔහුගේ ’ලිබරල්’ පක්ෂය ජයග්‍රහණය කළේය. 21 September 2021
’’සුජීවා’’ ඇතින්න-පැටවා මුල් හිමිකරුට දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි නීතිපති උපදෙස් ප්‍රකාරව අලි ඇතුන් දාහතර දෙනකු මුදා හැරීමට අදාළව උපදෙස් ලැබුණු අංක 206 ’’සුජීවා’’ ඇතින්න සමග ඇගේ පැටවා ද මුල් හිමිකරුටම මුදා හරින ලෙසට නීතිඥවරුන් කර ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (21) ප්‍රතික්ෂේප කළාය. 21 September 2021
හය දෙනකුට දුන් මරණ දඩුවම දෙවැනි වරටත් තහවුරු කරයි පුද්ගලයෙකු මරා දමා තවත් පුද්ගලයෙකුට මරණීය තුවාල සිදු කිරීමේ චෝදනාවට කොළඹ මහාධිකරණය මගින් වරදකරුවන් කළ පුද්ගලයින් හයදනෙකුට ලබා දී තිබූ මරණ දඩුවම් සහ සිර දඩුවම් දෙවැනි වරටත් අනුමත කළ අභියාචනාධිකරණය ඔවුන් ගොනු කර තිබූ අභියාචන පෙත්සම් ඉවත දැමීමටද නියෝග කරන ලැබ ඇත 21 September 2021
දත්ත මැකී යෑම ගැන ඇමති චන්නගෙන් මැති සබයේදී විශේෂ ප්‍රකාශයක් ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකී ගොස් ඇත්තේ පසුගිය රජය සමයේදී කෝටි ප්‍රකෝටි ගණනක් පාඩුවූ ඖෂධ ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව යැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (21) පැවසීය. 21 September 2021
කිරිපිටි - තිරිඟු පිටි - සිමෙන්ති සමාගම්වලට දැඩි කොන්දේසි කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල ඉහළ දැමීමේදී අදාල ආනයනික සමාගම්වලට දැඩි කොන්දේසි පැනවූ බවත් ඒවා හුදෙක්ම පාරිභෝගිකයා ආරක්ෂාකරගැනීම සඳහා වන කොන්දේසි පමණක් බවත් පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 21 September 2021
‘‘කාබනික පොහොර කියා මඩ ගොහොරු ගේන්න හදනවා‘‘ කාබනික පොහොර කියා චීනයේ තිබෙන මඩ ගොහොරුවක් ගෙනෙන්නට හදන බව ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 21 September 2021
‘‘මැණිකේ මගේ‘‘ ඇමෙරිකාවටත් යයි නවක ගායිකා යොහානිගේ ගායනයෙන් ජනප්‍රිය වූ සතිෂන්ගේ ගීතයක් වන ’’මැනිකේ මගේ හිතේ’’ ගීතය එක්සත් ජනපදයෙන් ද ඇසෙන්නට පටන් ගෙන තිබේ . 21 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026