පළාත් පාලන මැතිවරණය ගැන නීතිපතිගේ මතය විමසයි පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ගතයුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ මතය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට හැකි ඉක්මනින්ම දැනුම් දෙන්නැයි එම කාරක සභාවේ සභාපති, සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඒ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය. 23 September 2021
පෞද්ගලික බස්වලට නීති මාලාවක් පෞද්ගලික බස් රථ ධාවනයේ යොද වන්නේ නම් පිළිපැදිය යුතු නීති රීති මාලාවක් සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනය විසින් අද නිකුත් කරනු ලැබීය. 23 September 2021
කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂක අත්අඩංගුවට පිළියන්දල පොදු වෙළෙඳපොළ සංකීර්ණයට මධ්‍යම රාත්‍රියේ පොල්ලක් රැගෙන කඩාවැදුණු කැස්බෑව නගර සභාවේ වැඩ පරීක්ෂකවරයෙකු නිදාසිටි යාචකයන්ට ඉවක් බවක් නොමැතිව පහරදී බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ඒ මොහොතේම අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලීසිය කියයි 23 September 2021
‘ආණ්ඩුව ගජ මිතුරන්ට අලි පැටවුන් ලබා ගන්න අණ පනත් සකස් කරමින් සිටිනවා ‘ රටේ ආර්ථිකය, සංවර්ධනය, දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටී ඇති අවස්ථාවක ආණ්ඩුව ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරනවා වෙනුවට තම ගජ මිතුරන්ට අලි පැටවුන් ලබා ගැනීම සඳහා පනත් සම්මත කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් නෙල්සන් මහතා කොළඹදී පැවසීය. 23 September 2021
වැටලීමකට ගිය පොලිසියේ දෙකක් අනතුරින් රෝහලේ රුකඩ වැව ප්‍රදේශයේ වැටලීමකට යතුරුපැදියකින් ගිය නොච්චියාගම පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා සහ සැරයන්වරයකු යුද හමුදාවේ කැබ් රථයක හැපී බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. 23 September 2021
‘බලලෝභී නායකයන් ගෙදර ගොස් ශ්රීලනිපය තරුණයන්ට බාරදිය යුතුයි’ බලලෝභී නායකයන්ට වැදගත්කමක් තියෙනවා නම් තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වී දූෂ්‍ය නොවූ පක්ෂයට ඇත්තටම ආදරය කරන ප්‍රතිපත්තිගරුක තරුණ පිරිසකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බාර දිය යුතු යැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නීය . 23 September 2021
“සියලුම සේවකයන් එකවර කැඳවන්න එපා” - මහාචාර්ය අර්ජුන පොදු ප්‍රවාහනවලින් ‘කොවිඩ්’ වයිරසය සීඝ්රයෙන් බෝවන බව වර්තමාන තත්වය අනුව පැහැදිළි බවත් දැඩි සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රමානුකූලව රට විවෘත කළ හැකි බවත් රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 23 September 2021
රත්නපුරයට හාල් - රතු සීනි හිඟයක් සංචරණ ඇඳිරිනීතිය මැද විවෘත කර ඇති රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රධාන නගර සහ උප නගරවල පිහිටි පෞද්ගලික සුපර් මාකට්, තොග වෙළඳසැල් සහ සිල්ලර වෙළඳසැල්වල හාල් සහ රතු සීනි හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ පවසති. 23 September 2021
ලග්ගල කොරෝනා අතරමැදි මධ්‍යස්ථානය විවෘත කළ දා සිට රෝගීන් නෑ කොවිඩ් 19 ආසාදනය වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජය රුපියල් මිලියන හැට දෙකක් වියදම් කරමින් මාතලේ ලග්ගල නගරයේ ඉදිකරන ලද අංග සම්පූර්ණ ආයුර්වේද අතරමැදි කොවිඩ් ප්‍රතිකාර රෝහල විවෘත කොට සියලු පහසුකම් ලබාදී තිබියදී රෝගීන් ඇතුළත් කර නැතැයි ජනතාව පෙන්වා දෙති . 23 September 2021
අලුත හැදූ ආදාහනාගාරයේ දේශපාලකයන්ගේ නම් 51ක් වැලිගම ප්‍රාදේශීය සභාව මගින් වරකපිටිය ප්‍රදේශයේ ඉදි කළ ආදාහනාගාරය සහ අවංගල්‍ය ශාලාවේ සමරු ඵලකයේ දේශපාලනඥයන්ගේ නම් 51ක් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතා බහකට ලක්ව ඇත. 23 September 2021
අද දවසේ කාලගුණය මධ්‍යම, ඌව, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් දිස්ත්‍රික්කයේත් අද (23) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 23 September 2021
කාබනික ගොවිතැනට යුරෝපා සංගමයේ සහය ශ්‍රී ලංකාවේ කාබනික වගාව දියුණු කිරීමට අවශ්‍ය ඕනෑම සහයෝගයක් දීමට සූදානමින් සිටින බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා නියෝජිත ජෙනි කොරියා නියුනස් (Jenny Correia Nunes) මහත්මිය සඳහන් කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 23 September 2021
‘‘ත්‍රස්තවාදී ප්රචණ්ඩත්වයක් නැවත කිසි දිනෙක ශ්‍රී ලංකාවේ සිදු වන්නේ නෑ‘‘ ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන් හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය අමතමින්අද (22)රාත්‍රියේ ප්‍රකාශ කළේය . 22 September 2021
රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී ඒ මහතා කොරෝනා ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. 22 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 464ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 464 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 September 2021
ලොහාන්ගේ සිද්ධිය ගැන පරීක්ෂණ වාර්තාව සති දෙක තුළ හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්. ටී. ටී. ඊ. සිරකරුවන් වෙත සිදුකළැයි කියන අයුතු බලපෑම සම්බන්ධයෙන් බන්ධනාගාරයෙන් සිදුකරන පරීක්ෂණයේ ‘අවසන් වාර්තාව’ ඉදිරි සති දෙක ඇතුළත බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත භාරදීමට නියමිතව ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. 22 September 2021
ආණ්ඩුව ’’බාර්’’ඇරලා, පාර්ලිමේන්තුව වහනවා රටේ ප්‍රශ්න එන්න එන්න ගොඩ ගැහෙද්දී ආණ්ඩුව පාර්ලිමේන්තුව වසා බාර් අරින බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 September 2021
දේශීය කිරිපිටි මිලත් ඉහළ යන ලකුණු ආනයනික කිරිපිටි මිල වැඩි කරන්නේ නම් දේශීය කිරිපිටි මිල වැඩි කළ යුතු යැයි දේශීය කිරිපිටි නිෂ්පාදන සමාගම් ඉල්ලා සිටින බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යංශයේ උසස් නිලධාරියකු පැවසීය. 22 September 2021
’’කෙරවලපිටිය සම්බන්ධයෙන් ඇත්තේ සංකල්පීය එකඟතාවක් පමණයි’’ කෙරවලපිටිය බලාගාරය ඇමෙරිකානු සමාගමකට ලබාදීම ගැන මෙතෙක් එකඟතාවක් ඇතිවී නැති බවත් දැනට පවතින්නේ දෙපාර්ශවය අතර සංකල්පීය එකඟතාවයක් පමණක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 22 September 2021
ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුලු වූ 10ක් රිමාන්ඩ් බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස ජලගැලූම් නිම්න ජාතික වනෝද්‍යානයට ඇතුළු වූවැයි කියන සැකකරුවන් 10 දෙනකු මේ මස 24 වෙනි දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන්නැයි ලෙස පොලොන්නරුව දිසා මහේස්ත්‍රාත් හර්ෂණ දනුෂ්ක රත්නායක මහතා නියෝග කළේය. 22 September 2021
දුම්වැටියෙන් 97 පියා මරු වැළඳ ගනී වනාතවිල්ලුව කරතිව් නිවසකට ගිනි ඇවිලීමෙන් එහි සිටි 97 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 22 September 2021
පසුපෙළ මන්ත්‍රීවරු ඇමැති - මන්ත්‍රි දේශාපාලන ගැටුමට මැදි වෙති මහජන ආරක්ෂක ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ.ඩි.ජගත් කුමාර මහතා අතර ඇතිව තිබෙන දේශපාලන ගැටුම සමථයකට පත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් වී සිටී . 22 September 2021
රුහුණේ උපකුලපතිවරයාට එරෙහිව පැමිණිල්ලක් රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ මර්දනකාරී වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පමණක් නොව ආචාර්වරුන්ගේ සහ සේවකයන්ගේ ද අයිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අධ්‍යාපන අමාත්‍යාංශයට ලිපියක් බාරදුන්නේය. 22 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 878 ක් වාර්තා වෙයි කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත්878 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 22 September 2021
වඩිවෙල්ගේ වරප්‍රසාද ප්රශ්නය අධිකරණ තීන්දුවෙන් පසුව ගන්න ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේ රාජගිරිය කාර්යාලයේ ඉකුත් සැප්තැම්බර් 8 වැනිදා වූ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා ඉදිරිපත් කළ වරප්‍රසාද ප්‍රශ්නයට සම්බන්ධ කාරණය පිළිබඳව අධිකරණයට අපහාස කිරීමෙි නඩුවක් ද විභාගයට ගැනෙන බැවින් එය කතා කළ යුත්තේ අධිකරණ තීන්දුවෙන් පසුව යැයි හිටපු අග්‍රාමාත්‍ය සහ කොළඹ දිස්ත්‍රික් පත්කළ මන්ත්‍රී (එජාප) රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 September 2021
“චෝදනා ඔප්පු කළහොත් එම දේපළ පවරනවා’’ තමාට රේන්ජ් රෝවර් වර්ගයේ වාහනයක් සහ කෝට්ටේ ප්‍රදේශයේ කෝටි දෙකක් වටිනා නිවෙසක් තිබෙන බව ඔප්පු කළහොත් ඒ මොහොතේම ඒ ඔප්පු කරන අයට එම දේපළ පවරා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 September 2021
දරුවන්ට උගැන්වූවැයි තර්ජනය කළ ගුරුන් දෙදෙනකුගෙන් ප්‍රකාශ මාර්ග ගත ක්‍රමය ඔස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීමේ කටයුතු කරන ගුරුවරුන්ගේ නාම ලේඛනයක් වට්ස් වටස්ඇප් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රදර්ශනය කිරීම සහ ගුරුවරුන් කිහිප දෙදෙනකුට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සැකපිට ගුරුවරුන් දෙදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි. 22 September 2021
මිලින්ද මොරගොඩ ඉන්දීය ජනාධිපතිට අක්තපත්‍ර පිරිනමයි ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කර සිටින මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවරදී ඊයේ (22) ඉන්දීය ජනාධිපති ශ්‍රී රාම්නාත් කෝවින්ද් මහතා වෙත සිය අක්තපත්‍ර පිරිනැමීය. 22 September 2021
කොවිඩ් මරණ 92ක් කොවිඩ් ආසාදිතවූ තවත් 92 දෙනකු ඊයේ (21) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (22) තහවුරු කළේය. 22 September 2021
“සූජීවා’’ ඇතින්න-පැටවා කිසිදු පාර්ශවයකට නොපවරන්නැයි අතුරු නියෝගයක් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ’’සුජීවා’’ නැමැති ඇතින්නිය සහ තුන් මාසයක් වයසැති ඇයගේ පැටවා කිසිදු පාර්ශවයක් වෙත මුදාහැරීමෙන් වළකාලමින් අභියාචනාධිකරණය ඊයේ එම දෙපාර්තමේන්තුවට එරෙහිව අද (22) අතුරු නියෝගයක් නිකුත් කළේය. 22 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026