
(යොහාන් භාසුර)
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහන කිරීම ඇතුළු චෝදනා කීපයක් යටතේ දුර ගමන් සේවා බස් රථ 8ක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව බාරයට රී ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
කොළඹ නගර සීමාව තුළ ඊයේ රාත්‍රී කළ විශේෂ මෙහෙයුමේදී කොළඹ සිට මඩකළපුව සහ යාපනය දක්වා ද, යාපනය සිට කොළඹ දක්වා ද, බලපත්‍ර නොමැතිව මගීන් ප්‍රවාහනය කළ බස් රථ පහක් සහ වැඩිපුර මගීන් ප්‍රවාහනය සහ ගාස්තු වැඩියෙන් අය කිරීම යන චෝදනාව යටතේ කොළඹ සිට අම්පාර සහ මඩලපුව දක්වා ධාවනය කළ බලපත්‍ර සහිත බස් රථ තුනක් බාරයට ගත් බව කී ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා එම බස්රථ, ඒවායේ රියදුරු සහ කොන්දොස්තවරයා අධිකරණයට ඉදිරිපත් කරන බව ද සඳහන් කළේය.
මෙම බස් රථ කිසිඳු නියාමනයක් නොමැතිව මගීන් ප්‍රවාහනයෙන් රජයට බදු මුදල් අහිමිවන බවත් වැඩි මුදල් අය කිරීම සහ මගීන්ගේ ආරක්‍ෂාව පිළිබඳව කටයුතු නොකිරීමෙන් ජනතාවට අසාධාරණයක් වන බවත් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඕන විදියට පාරේ යන්න දියව්... වහාම බස්රථ සියල්ල නිදහස් කරව්... නොඑසේ නම් හෙට සිට බස් වර්ජනය කරන්නෙමු. මීට නොදකින් "මුණු"...
රජයේ ආයතන, පෞද්ගලික ආයතන සියල්ල විවෘතයි. සේවකයන් වැඩට ගෙන්වනවා. ඔවුන් යන්නේ කොහොමද? කොරෝනා බෝ වෙන්නේ බස්වලින්ද?
ඔය පරීක්ෂක නිලධාරීන් රථවාහන පොලිස් නිරධාරින්ගේ ගොන් පාට් 2 රඟ දක්වනවා පාරේ ඉඳන්. ඕනෑම බස් රථයක් ගමනාන්තයටම යනවා.. එතැනදී ඕනෑම නම් බලපත්‍ර පරීක්ෂා කළ හැකියි. එ්ත් කවදාවත් මහජනතාවට වෙන අකටයුතුකම් බලන්න එතුමන්ලාට බස් එකේ ටිකට් එකක් පමණක් ලබාගෙන පැමිණියහොත් බලාගන්න පුළුවන්... එ්ත් ඔවුනුත් කරන්නේ ඔය බස්කාරයින්ට වුවමනා දේ විතරයි...