(රංජන් කස්තුරි)
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් සියයට 40ක් හා එල්.එන්.ජී. වායු ගෙන්වීම හා බෙදාහැරීමේ ඒකාධිකාරිය ඇමෙරිකාවට විකිණීමට එරෙහිව ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති සංධානය සංවිධානය කළ උද්ඝෝෂණ මාලාවක් රටපුරා විදුලිබල මණ්ඩල නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාල ඉදිරිපිට දී අද කෑම පැයේදී පැවැත්විණි.
යුගදනවි බලාගාරය විකිණීමට එරෙහිව පෙත්සමක් ද අත්සන් කෙරිණි.
රටේ මර්මස්ථාන හා රටේ සම්පත් විදේශිකයන්ට විකිනීමට එරෙහිව මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)




(ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා )
කොළඹ ඇතුල්කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි ලංකා විදුලිය බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී කාර්යාලය ඉදිරිපිට




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම උද්ඝෝෂණයකට, වැඩ වර්ජනයකට (ඒවා සාධාරණද? නැද්ද? අපට වැඩක්ම නැත...) පෝස්ටර් ඇදීම පිළිබඳව සියලු කොන්ත්‍රාත්තු බාරගනු ලැබේ. මිට දියව් දියව් කුමාර ප්‍රමුඛ ජෙප්පන්ගේ අනුබද්ධ ආයතනයක් වන අන්තරේ සංසදය... මහජන සාපය "ලබාගැනීම" පිළිබඳව 100%ක් වගකියනු ලැබේ.
මෙහෙම කිරීම හොඳයි... මේවා නගරාශ්‍රිතව කරනවා නම් වඩාත් සුදුසුයි...
ඔය ඔක්කොම 69 ලක්ෂයේ සාමාජිකත්වය දරපු අය නේද? දැන් ෂෙපද?
අප රටේ දේශපාලකයින්ට දේශපාළුවන් කියා ව්‍යවහාර කරන තරමට අපකීර්තියට පත්වුවද ඒ හා සමවම දේශපාලනයෙන් අවස්ථාවාදීව වාසි ගන්න රාජ්‍ය සේවකයන් කොටසක් බිහිවී ඇත. ඇත්තම කිව්වොත් ගහට පොත්ත බද්ධ වෙන ලෙස මේ අංශ දෙක සමාන්තරව දූෂිත බවින් අඩු කිරීම ලෙහෙසි නැත. ඉතා අවංක රාජ්‍ය සේවකයින් තලා පෙලා දැමීම මෙන්ම ඝාතනය පවා සිදු කිරීමට දූෂකයින් නොපැකිලීම ඉතා අවාසනාවන්ත තත්වයකි.