(සුජිත් හේවාජුලිගේ )

රටේ නඩු ලක්ෂ අටක් ගොඩ ගැසී ඇතත් ඒවා විසඳීමට සිටින්නේ විනිසුරුවරුන් 335ක් පමණක් බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ  අලි සබ්‍රි මහතා පැවැසීය.

නඩු ප්‍රමාදයට මෙය ප්‍රධාන හේතුවක් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර පවතින නීති හැටක් පමණ සංශෝධනය කිරීමට කටයුතු කරගෙන යන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි.