රන්ජන්ට ලැබුණු දඬුවම් බරපතල වැඩියි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට දඬුවම් දෙකක් ලබාදී තිබීම බරපතල වැඩිය යන්න තම පුද්ගලිකව අදහස යැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 22 September 2021
කුඩ්ඩාගේ මෝටර් රථය අල්ලයි පොලිස් නිලධාරියකු මෝටර් රථයක බොනට්ටුව මත සිටියදී අනතුරුදායක ලෙස මෝටර් රථය පදවා පසු ව එම පොලිස් නිලධාරියා අනතුරට ලක් කිරීමට යොදාගත් මෝටර් රථය තලංගම බටපොත දේවාල පාරේ නිවසක සඟවා තිබියදී අද සොයාගත් බව තලංගම පොලිසිය කියයි 22 September 2021
රනිල්ට-රංගේට වාරණ නියෝගයක් දිවයිනේ පළාත් පාලන ආයතන කීපයක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරු 19 දෙනකු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම නිසා ඇතිවූ පුරප්පාඩු සඳහා වෙනත් අය නම් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ , මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හා පක්ෂයේ විනය කමිටුවේ ලේකම්ට එරෙහිව අද (22) වාරණ නියෝගයක් නිකුත් කළේය. 22 September 2021
ජගත් සමුළුව අමතන්න ඉඩ දෙන්න - තලේබාන් ඇමෙරිකාවේ නිව්යෝක් නුවර පැවැත්වෙන 76 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වී, සැසිය ඇමැතීමටත් තමන්ට අවස්ථාවක් දෙන්නැයි ඇෆ්ගන් තලේබාන්වරුන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ගෙන් ඉල්ලීමක් කර තිබේ. 22 September 2021
පාලන මිලට භාණ්ඩ අලෙවි නොකරන වෙළෙඳුන්ට කෝටි දෙකක දඩයක් පාරිභෝගික කටයුතු අධිකාරිය(සංශෝධන) පනත් කෙටුම්පත සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතේ නියෝග පාර්ලිමේන්තුවේ දී අද (22) පස්වරුවේ සම්මතවිය. 22 September 2021
දියවන්නා ඔයේ තෙල් තට්ටුවක් දියවන්නා ඔයේ ඉන්ධන තට්ටුවක් පාවෙන බවට තමාට තොරතුරු ලැබී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 22 September 2021
’අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමේ තීරණයක් නෑ’ කිරිපිටි, ගෑස්, සහල් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිකිරීමේ තීරණයක් රජය ගෙන නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 22 September 2021
සාමාන්‍ය පෙළ-2020 ප්‍රතිඵල තවත් ප්‍රමාද වෙයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ (2020) ප්‍රතිඵල නිකුත් කරන දිනයක් තවම කිව නොහැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා අද (22) පස්වරුවේ පැවසීය. 22 September 2021
‘අමරදේව අසපුවේ කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නවා’ මේ වන විට අතරමග නැවතී ඇති ‘අමරදේව අසපුවේ’ ඉදිකිරීම් කඩිනමින් අවසන් පියවර ගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 22 September 2021
මාලදිවයිනට වැලි ඇද්ද චෝදනාව අමරවීර ප්‍රතික්ෂේප කරයි මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා නැගෙනහිර පළාතේ වැලි රැගෙන ගොස් ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එස්. රාසමාණික්‍යම් මහතා කළ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 September 2021
රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 400කින් ඉහළට මෙම වසර සඳහා රජයේ අනුමත ණය සීමාව රුපියල් බිලියන 400කින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 22 September 2021
විජය පුවත්පත් සමාගම Oracle Cloud සමඟ එක්වෙයි ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික පුවත්පත් ප්‍රකාශකයා වන විජය පුවත්පත් සමාගම (WNL) Oracle Cloud භාවිතා කරමින් සිය මාර්ගගත (online) ප්‍රකාශන 25 හි වර්ධනය වෙමින් පවතින පාඨකයන්ගේ කියවීමේ අත්දැකීම ඉහළ නැංවීමට කටයුතු කර ඇත. 22 September 2021
’ සුදු ලූනු වංචාව වහන්න ඇමති සුදුලූනු පොඩි කරනවා’ බන්දුල ගුණවර්ධන මහතා සුදුලූනු වංචාව වසන් කිරීමට ’’සුදු ලූනු’’ පොඩි කරන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා:-(ජාජබ)පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 September 2021
සුව සේවකයෝ විරෝධතාවක කෝවිඩ් අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටළුවලට විසඳම් ලබා නොදීමට විරෝධය දක්වමින් සෞඛ්‍ය සේවකයන් පිරිසක් රෝහල් ඉදිරිපිට අද දහවල් උද්ඝෝණයක නිරත වූහ. 22 September 2021
නීතිවිරෝධී වී ගබඩා වැටලීම් දිගටම ගබඩාවල සහ මෝල්වල සහල් බවට පරිවර්ථනය කිරීමෙන් තොරව නීතිවිරෝධී ලෙස ගබඩා කර තිබෙන වී තොග වටලා බාරයට ගන්නා ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ දිස්ත්‍රික් කාර්යාලවලට උපදෙස් දී ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියක් ‘ලංකාදීප’යට පැවසීය. 22 September 2021
බන්ධනාගාර සිද්ධි සොයන්න ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට මිතුරන් පිරිසක් සමඟ අයුතු ලෙස ඇතුළුවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ විශ්‍රාමික විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු ස්වාධීන පරීක්ෂණ මණ්ඩලයක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 September 2021
පොත් සාප්පු විවෘත කරන්නැයි ඉල්ලීමක් සංචරණ සීමා පනවා තිබෙන කාලයේ පොත් අලෙවිහල් විවෘත කර තැබීමට අවසර දෙන්නැයි පොලිස්පති සී.වී. වික්‍රමරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයගෙන් ඉල්ලීමක් කර ඇත. 22 September 2021
වෙලේ සුදාට වෛද්‍ය ප්‍රතිකාර ගන්න බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අවසර මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඩුවම නියමව බූස්ස බන්ධනාගාරයේ රඳවාසිටින ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා නැමැත්තා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යාමට අභියාචනාධිකරණය අද (22) අවසර ලබා දෙන ලදී. 22 September 2021
හොරකම් කළා කියා ඔප්පු කළොත් දේශපාලනයෙන් සමුගන්නවා තමාගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනයකින් එක ශත පනහක් හොරකම් කර හෝ වංචාකර හෝ කොමිස් මුදලක් ලබාගෙන හෝ ඇතැයි කවුරුන් හෝ ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නොව මුළු දේශපාලනයෙන්ම සදහටම සමු ගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 September 2021
ලිට්රෝ ගෑස් මූල්‍ය සංචිතයෙන් කෝටි 1000ක් වැයකරයි ‘කොවිඩ්’ වසංගතය මධ්‍යයේ ජනතාවට බරක් නොදීම සඳහා කටයුතු කිරීමෙන් ලිට්රෝ ගෑස් සමාගම උපයාගෙන තිබූ මූල්‍ය සංචිතයෙන් රුපියල් බිලියන 10ක් හෙවත් කෝටි 1000ක් මෙම වසර තුළ පමණක් වැය කර ඇතැයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති නීතිඥා තෙෂාර ජයසිංහ මහතා පැවසීය. 22 September 2021
“යොහානිට සතීශන්ට විශේෂ ගෞරවයක් ලබා දෙන්න’’ ශ්‍රී ලංකාවේ යොවුන් ගායන ශිල්පිනියක වන යොහානි ද සිල්වා සහ ගායන ශිල්පි සතීශන් රත්නායක ගායනා කළ ගීතයක් ලෝකය පුරා බෙහෙවින් ජනාදරයට පත්වෙමින් ලෝක වාර්තාවක් තබා ඇති හෙයින් එම දෙදෙනාට විශේෂ ගෞරවයක් ලබා දෙන්නැයි තමා යෝජනා කරන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය. 22 September 2021
කබ්රාල්ට එරෙහි පෙත්සමට විරෝධතා ඇත්නම් ගොනු කරන්නැයි දැනුම් දෙයි හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපති ධුරයේ කටයුතු කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දකුණු සහ මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති මහතා ගොනු කළ රිට් පෙත්සමට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය පෙත්සමේ වගඋත්තරකරුවන්ට අද (22) කල් ලබා දෙන ලදී. 22 September 2021
‘ජීවන වියදම් කමිටුව’ හෙට රැස් වෙයි භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් වැඩි කිරීමට කර ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ජීවන වියදම් කමිටුව හෙට (23) පෙරවරුවේ රැස්වෙයි. 22 September 2021
සන්නද්ධ හමුදා රටපුරා කැඳවීමට ජනපතිගෙන් විශේෂ ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා දිවයින පුරා කැඳවීමට ජනාධිපතිවරයා විශේෂ ආඥාවක් නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය. 22 September 2021
‘රත්වත්තේ පමණක් නොව රට කන ආණ්ඩුවත් ගෙදර යා යුතුයි‘ බන්ධනාගාරවලට පැන සිරකරුවන් බිය ගැන්වූ රත්වත්තේ පමණක් නොව රට කන මුළු ආණ්ඩුවම සහ ජනාධිපතිවරයාත් වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 22 September 2021
මැතිවරණ නීති හදන මැති සබා කමිටුවට බැසිල් -හකීම් මැතිවරණ නීති සංශෝධනය සඳහා කරුණු සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකයන් ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ රාවුෆ් හකීම් යන මහත්වරුද අලුතින් පත් කරනු ලැබ සිටිති. 22 September 2021
විදුලිබල,ඛනිජ තෙල්,ලිට්රෝ ගෑස් ගැටළු කෝප් කමිටුවේ සාකච්ඡාවට ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය,ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්රෝ ගෑස් සමාගම යන ආයතනවල ගැටළු රැසක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී(කෝප්) ඊයේ (21)පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ. 22 September 2021
බේරුවල ප්‍රා සභාපතිට පහරදුන් හතරක් මාට්ටු බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතාට පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ බව කියන සේවකයන් සිව්දෙනා අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය අද(22) පෙරවරුවේ පවසයි. 22 September 2021
අද දවසේ කාලගුණය සබරගමුව, බස්නාහිර, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 September 2021
‘‘ආහාර මිල පාලනයට පියවරක් ගත යුතුයි‘‘ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය සඳහා වහා පියවරක් ගත යුතුව ඇතැයි ඇමතිවරුන් ගණනාවක් ඊයේ (21)පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත . 22 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026