ක්‍රිකට් කණ්ඩායමට ‘ඇස්ට්‍රාසෙනිකා’ දීම අත්හිටුවයි ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයන්ට ‘කොවිඞ් 19’ මර්දන ‘ඇස්ට්‍රාසෙනිකා’ එන්නත ලබාදීම අත්හිටවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය. 12 April 2021
5000 බෙදීම ඇරැඹේ අඩු ආදායම් ලාභීනට අලුත් අවුරුද්ද වෙනුවෙන් රජය මගින් ලබාදෙන රුපියල් 5000 දීමනාව අද සවස සිට ලබා දෙන බව අප වාර්තා කරුවෝ පවසති 12 April 2021
හොර ලේඛන හැඳූ තාක්ෂණ නිලධාරියා අත්අඩංගුවට වාලච්චේන ඔට්ටමාවඩි ප්‍රදේශයෙ තරුණයන්ට ව්‍යාජ සහතික පත් සකස් කර දීම සම්බන්ධයෙන් ඔට්ටමාවඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ හා පර්යේෂණ නිලධාරිකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 12 April 2021
‘‘තත්ත්ව සහතික ලැබෙන තෙක් සැක භාණ්ඩ නිදහස් කරන්නේ නෑ‘‘ ‘ඇෆ්ලටොක්සීන්‘ නැමැති පිළිකා කාරකය බහුලව අඩංගු බවට පිළිගැණෙන පොල්තෙල් සහ වියලි මිරිස් තත්ව සහතිකය ලැබෙන තෙක් ආනයනික සමාගම්වලට මුදා හැරීම අත්හිටුවූ බව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි. 12 April 2021
විදේශ ඇමති හා තානාපතිවරුන් හමුවක් සංවර්ධන ආධාර ඇතුළු ද්වි පාර්ශ්වික සහයෝගීතාව වැඩිදියුණු කළහැකි ක්‍රම හා මෙරට සංහිදියා යාන්ත්‍රණයේ ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට අමෙරිකා තනාපතිවරිය සහ යුරෝපා සංගම් තනාපතිවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. 12 April 2021
කුඩු කිලෝ 13ක් සමග හයක් සැකපිට ජාඇල නිවන්දම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 13 ක් සමග සැකකරුවෝ 6 දෙනෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 April 2021
අද දවසේ කාලගුණය දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 April 2021
අධිවේගයේ වැරදි ලෙස ගිය හතර දෙනාට එන්නැයි දැනුම් දෙයි මෝටර් රථයේ ජනෙල් කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහ මහතා පවසයි. 12 April 2021
උම්බලකඩවලට මුවාවී කුඩුත් බෙදලා උම්බලකඩ ව්‍යාපාරයක් පවත්වාගෙන යන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්කුඩු ජාවාරමේ නිරත කෝටිපති ව්‍යාපාරියෙක් සහ ඔහුගේ ගෝලයෙක් වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 12 April 2021
පුංචි මන්ත්‍රීවරු 80කට අල්ලස් චෝදනා අල්ලස් ගැනීම්,දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලනාඥයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 12 April 2021
බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමට දැඩි ආරක්ෂාවක් ටෙස්ට් තරග දෙකකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට සහභාගි වීමට අද (12) ශ්‍රී ලංකාවට පැමිණෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව දැඩි කරන ලෙස යුද හමුදාවට දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් කියයි. 12 April 2021
‘‘5000ක් දෙන්න තීරණය කළත් තවම මුදල් ලැබී නෑ‘‘ සමෘද්ධි පවුල් සහ අඩු ආදායම්ලාභී පවුල්වලට අලුත් අවුරද්දට රුපියල් 5000 දීමනාවක් ලබාදීමට රජය තීරණය කළ ද එම මුදල් සමෘද්ධි බැංකුවලට ලබාදී නැතැයි සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. 11 April 2021
විෂ පොල්තෙල් ගෙනියන්න ‘‘බාර්බරා‘‘ නැව අද කොළඹට ‘ඇෆ්ලටොක්සීන්’ අඩංගු පොත්තෙල් යැයි හඳුනාගත් රුපියල් කෝටි තුනකට අධික වටිනාමින් යුත් පොල්තෙල් කිලෝ 105,000 මැලේසියාවට හරවා යැවීමට ‘බාර්බරා’ නැමැති නෞකාව එන තෙක් බලාසිටින බව රේගු අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පවසයි. 11 April 2021
ගිනි අවියක් සමග ධීවරයෙක් අත්අඩංගුවට ස්වයංක්‍රීය පිස්තෝලයක් ළඟ තබා ගෙන සිටි ධීවරයෙක් රත්ගම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුරේ නිලධාරීන් විසින් වල්ගම රේල් ගේට්ටුව අසලදී අද (11) සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගනු ලැබීය. 11 April 2021
‘‘වරාය නගරයට වෙනම නීති ‘‘ නාගරික සංවර්ධන අධිකාරි පනත, මහ නගර සභා ඇඥාපනත හා ආයෝජන මණ්ඩල පනත ඇතුළු මේ වන විට රටේ ක්‍රියාත්මක පනත් හතක නීති රෙගුලාසි කොළඹ වරාය නගරය තුළ බලාත්මක නොවන බව ‘‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ‘‘ සඳහන් වේ. 11 April 2021
‘‘වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා පොකුරක්‘‘ වැලිකඩ බන්ධනාගාරයෙන් දින දෙකක් තුළ ‘කොවිඞ් - 19’ ආසාදිත රැදවියන් 105 ක් හදුනාගෙන ඇති බව එම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පැවසීය. 11 April 2021
‘‘අලුත් අවුරුදු සතියේ දුම්රිය රැසක් නවතී‘‘ කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන් වාර 25 ක් පමණ 13 සහ 14 දෙදිනේ අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 11 April 2021
‘‘ෂොපිං යන්න කොරෝනා නොගේන්න‘‘ අවුරුදු උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන්නැයි කෝවිඩ් - 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 11 April 2021
‘‘දියවන්නාවේ වතුරට මොකද වුණේ‘‘ දියවන්නා ඔයේ පාර්ලිමේන්තුව අවට ප්‍රදේශයේත්, බත්තරමුල්ල පාලම් තුන අවට පිහිටි තෙත්බිමේත් ජලය අවපැහැගැන්වීම සම්බන්ධව වහාම සොයාබලා තමන්ට වාර්තාවක් ලබා දෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දී ඇත. 11 April 2021
‘‘දේශපාලන පලිගැනීම්‘‘ යෝජනාව 21 මැතිසබයට රජයේ නිලධාරින්, රජයේ සංස්ථාවල සේවකයනට, සන්නද්ද හමුදාවන්හි සහ පොලිසියේ සාමාජිකයනට 2015 හා 2019 අතර කාලයේදී සිදුව ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්ෂා කිරීමේ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාව තීරණය හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 21 වැනි දා ඉදිරිපත් කිරීමට නියමිතය. 11 April 2021
2020ටම පාසල් ඇරියේ දින හැත්තෑවයි කොරෝනා වසංගතය හේතුවෙන් පසල් වසා දැමීම නිසා ඉකුත් වසරේ පාසල් පවත්වා ඇත්තේ දින 50ත් -70වත් අතර දින ගණනක් බව වාර්තා වෙයි. 11 April 2021
අවුරුදු සමයේ කුකුල්ලුත් ගණන් උස්සති වෙළඳපොලේ කුකුල් මස් මිල පැවැති මිල මෙන් දෙගුණයකට ආසන්න මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. 11 April 2021
රිදියාගම සත්ව ගොවිපොළේ වසර දෙකක පාඩුව කෝටි 17යි විවිධ අක්‍රමිකතා හේතුවෙන් අම්බන්තොට රිදියාගම සත්ව ගොවිපොළ 2017 හා 2018 වර්ෂවලදී රුපියල් කෝටි 17කට වැඩි පාඩුවක් ලබා ඇතැයි පොදු ව්‍යාපාර පිළබඳ කාරක සභාවේදී තොරතුරු අණාවරණය වී ඇත. 11 April 2021
මාල කැඩූ මෘදුකාංග ඉන්ජිනේරුවාට වැඩ වරදී කාන්තාවන්ගේ රන් ආභරණ හා අත්බෑග කොල්ල කා පළාගිය පරිගණක මෘදුකාංග ඉන්ජිනේරුවරයකු අත්අඩංගුවට ගත් බව පොල්ගහවෙල පොලිසියේ අපරාධ අංශය පවසයි. 11 April 2021
අධිවේගයේ සෙල්ලම් දැමූ හතරක් සොයයි මෝටර් රථයේ ජනේලය මත ඉඳගෙන සිරුර මෝටර් රථයෙන් පිටතට දමා අනතුරුදායක ලෙස අධිවේගී මාර්ගයේ ගමන් ගත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 11 April 2021
කොරෝනා යාපනයට තහංචි දමයි යාපනය දිස්ත්‍රීක්කයේ සියලුම සිනමාහල්, උපකාරක පංති සහ විවාහ උත්සවද තාවකාලකව නවතා දැමීමට පියවර ගත් බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඒ. කේදීස්වරන් මහතා පවසයි. 11 April 2021
‘‘ඇන්ටිජන් කරන තැන් කියන්නේ නෑ‘‘ සිංහල - හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා කොළඹ සිට ගම්බ්ම් බලා යන ජනතාව පිවිසුම් මාර්ගවලදී අහඹු අයුරින් ක්ෂණික ප්‍රතිදේශ පරීක්ෂණවලට යොමු කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. 11 April 2021
ගුවන් සෙබළෙක් මුහුදෙත් දස්කම් පායි ගුවන් හමුදා නායක ගුවන් භට රොෂාන් අබේසුරන්දර, තලෙයිමන්නාරම ඌරුතොට ජැටියේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩිය දක්වා පිහිනා ආපසු ඌරුතොට ජැටි පිහිනීමෙන් නව ආසියානු පිහිනුම් වර්තාවක් පිහිටුවීමට අද (11) පෙරවරුවේ සමත් විය. 11 April 2021
ඉංග්‍රීසි ගුරාගෙන් අමුතු පාඩමක් මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක කාමරයක් තුළදී 14 හැවිරිදි පාසල් සිසුවියකගේ ශරීරය ස්පර්ශ කර සිප ගැනීමට උත්සාහ කළ බව කියන ගුරුවරයකු අත් අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි. 11 April 2021
මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ දිවි මඬලෙන් සමුගනී මහරගම අපෙක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත විය. 11 April 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026