(අජන්ත කුමාර අගලකඩ)
වෙළඳපොලේ ශිඝ්‍රයෙන් ඉහළ යන සහල් මිල පාලනය කිරීම සඳහා ඉන්දියාව, පාකිස්ථානය හා මියන්මාරය යන රටවලින් සහල් වහාම ආනයනය කිරීමට රජය තීරණය කර ඇත.
ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීමට දැනටමත් පියවර ගෙන ඇති අතර, පාකිස්ථානයෙන් හා මියන්මාරයෙන් ද ඉදිරි සති කීපයේ සහල් ආනයනය කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය . මේ සම්බන්ධයෙන් එම රටවල් සමග දැනටමත් සාකච්ඡා කර ඇතැයිද ඔහු සඳහන් කළේය .
ඉන්දියාවෙන් ආනයනය කළ නාඩු සහල් කිලෝ ව රුපියල් 98 ට කිලෝ 5 බැගින් සතොසෙන් හෙට (01) සිට පාරිභෝගිකයන්ට ලබා දීමට කටයුතු යොදා ඇතැයි කී ඇමතිවරයා පිටරටින් සහල් ආනයනය ටෙන්ඩර් නොකැඳවා රජයන් දෙකක් අතර ගනුදෙනුවක් සේ සිදුකරන බවද සඳහන් කළේය .
රජය විසින් පාලන මිල ඉවත් කරනු ලැබීමත් සමඟ වෙළඳපොලේ දේශීය සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති අතර, කීරි සම්බා කිලෝවක මිල රුපියල් දෙසිය ඉක්මවා ගොස් ඇත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ව්‍යාපාරිකයන් දියුණු වෙන්න ඕන කියලා අහිංසක අපි හිතුවට ඔවුන් අමානුෂික විදිහට කල දුටු කල වල ඉහගන්න හදනවා
පාරිභෝගිකයාගේ පැත්තෙන් මෙය සහනයක් වුවත්, දේශීය සහල් තිබියදී විදේශ විනිමයද හිඟවූ මේ අවස්ථාවේ රටින් ගෙන්වීමට සිදුවීම රජයේ නොහැකියාවක්...
ඕක කරගන්නනේ මෝල්ලුයි ගොයියෝයි නැටුවේ...
කාබනික පෝරවලින් අස්වද්දපු සහල්ද?
පියවර පියවර ඔකොම කටින් නමුත් බඩු නෑ. පත්තර මහතුනේ, මේ අයට පන්දම් අල්ලන්න එපා.
මේ තරම් හොඳට දේශීය සහල් නිෂ්පාදනය කළහැකි රටක පිටරට සහල් කවන්න ආණ්ඩුවට ලොකු වුවමනාවක් තියෙනවා. මේ වගේ පිස්සු වැඩ කරන පාලකයින් ඉන්න රටක් ලෝකෙ කොහේවත් නැතිව ඇති...