‘‘විදෙස් ගත වන්න එන්නත් වර්ග ප්‍රශ්නයක් නෑ‘‘ ලෝක සෞඛ්‍ය සංවිධායනයේ අනුමැතිය තියෙන එන්නතක් ලබාගත් ඕනෑම කෙනෙකුට විදේශගත විය හැකි තත්වයක් උදාවිය හැකි බවත් මීට පෙර එක මාත්‍රාවක් පමණක් ප්‍රමාණවත් යැයි නිර්දේශ කර තිබූ ‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන්’ එන්නත ද මාත්‍රා දෙකක් ගතයුතු යැයි දැන් නිර්දේශ කර ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ජුන ද සිල්වා මහතා පැවසීය. 24 September 2021
තවත් පරිසර විනාශයක් ඇමැති අමරවීර පෙන්නයි මෙරට වරායන්ට එන නැව්වලින් ඉවත් කරන දැවිතෙල් වෙනුවෙන් නැව් සමාගම් මගින් රටට මුදල් ගෙවිය යුතුව තිබිය දී දේශීය ව්‍යාපාරිකයන් කිහිප දෙනකු එම තෙල් මුදල් ගෙවා නැව්වලින් මිල ගෙන එම තෙල් නීතිවිරෝධී ලෙස පරිසරයට මුදා හැරීමෙන් විශාල පරිසර දූෂණයක් සිදුවන බවට හෙළි වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය. 24 September 2021
කප්පම් කල්ලියක 6 ක් අල්ලයි ඩුබායි රටට පලාගොස් සැඟව සිටින පාතාල සාමාජිකයෙකු ගේ උපදෙස් මත කොස්ගම කලුඅග්ගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා වරින් වර විවිධ තර්ජනය කළ එම පාතාල සාමාජිකයාගේ ගෝලබාලයන් හයදෙනකු හංවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය කියයි . 24 September 2021
අදියර හතරකින් පාසල් විවෘත කිරීමට පියවර අදියර හතරක් යටතේ පාසල් විවෘත කරන බව අධ්‍යපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය. 24 September 2021
කිරිපිටි-තිරිඟු පිටි-සිමෙන්ති මිල තීරණය කැබිනට්ටුවට කිරිපිටි, තිරිඟු පිටි සහ සිමෙන්ති මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩය හිඟය පිළිබඳව ජීවන වියදම් කමිටුවේ යෝජනා ලබන සඳුදා (27 වැනිදා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ පිළිබඳව අවසන් තීරණය කැබිනට් මණ්ඩලය ගතයුතු බවත් ජීවන වියදම් කමිටුවේ සාමාජික පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 24 September 2021
ශ්‍රී ලංකාවට විශාල පරිමාණයේ භූ කම්පා තර්ජන නැහැ ශ්‍රී ලංකාව පිහිටා ඇති භූ තලය අනුව විශාල පරිමාණයේ භූකම්පන තත්ත්වයක් ඇතිවීමට ඉඩකඩ නැතැයි භූ විද්‍යාව සම්බන්ධව ආචාර්ය මහාචාර්යවරු පිරිසක් ඊයේ ( 23 ) අවධාරණය කළේය. 24 September 2021
වෛද්‍යවරියක් කොරෝනාවට බිලි කොවිඩ් වැළඳී ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31ක් හැවිරිදි වෛද්‍යවරියක් මියගොස් ඇත. 24 September 2021
විදේශ ඇමති නිව්යෝක් හීදි තායි විදේශ ඇමති හමු වෙයි ශ්‍රී ලංකාව හා තායිලන්තය ඇතර දීර්ඝ කාලයක් තිස්සේ බෞද්ධ උරුමයන් මත ගොඩනැගුන සබඳතා තර කර ගැනීමට දෙරටේ විදේශ අමාත්‍යවරු එකගතාවය පළ කළ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 24 September 2021
රටවිරුවන්ට කටුනායක දී පී.සී.ආර්. රජයේ වියදමින් මැදපෙරදිග රටවල රැකියා වල නියුතුව මෙරටට පැමිණෙන පුද්ගලයින් සඳහා කටුනායක ගුවන් තොටුපොළේදී සිදුකරන පී.සී.ආර් පරීක්ෂණ සඳහා වැයවන මුදල ගෙවීමට රජය තීරණය කර ඇතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 24 September 2021
දුම්රිය යකඩ කිලෝ ලක්ෂ 30 විකිණීමට යළි ටෙන්ඩර් කැඳවන්න නියෝග රජයට රුපියල් කෝටි ගණනක අලාභයක් වන ආකාරයට විකිණීමට සූදානම් වන්නේ යැයි චෝදනා එල්ල වූ දුම්රිය දෙපාර්තමේන්තුව භාවිතයෙන් ඉවත් කල යකඩ මෙට්‍රික්ටොන් 3000 ක් හෙවත් කිලෝ ලක්ෂ 30 ක තොගය විකිණීම සඳහා නැවත ටෙන්ඩර් කැඳවන ලෙස ලිඛිතව දැනුම් දුන් බව ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මොන්ටි රණතුංග මහතා පැවැසීය. 24 September 2021
කොරෝනා තුන්වෙනි රැල්ලේ අවසානය පෙනෙන මානයට ඇවිත් කොරෝනා තුන්වැනි රැල්ලේ අවසානය පෙනෙන මානයට පැමිණ ඇතැයි කොවිඩ්19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ලංකාදීපයට පැවැසීය. 24 September 2021
පාඨලී සී.අයි.ඩී යෙන් පිටව යයි පැය තුනක ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චමපික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ. 24 September 2021
වික්ටෝරියා වේල්ල අවට හුණුගල් කැණීම් ස්ථාන ඉවත් කරයි වික්ටෝරියා වේල්ල අවට මීටර් 100ක ප්‍රදේශය තුළ පවත්වාගෙන ගිය හුණුගල් කැණීම් ස්ථාන වහාම ඉවත් කිරීමට පියවර ගත් බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. 24 September 2021
ඉන්දියාවෙන් ගෙනා කහ කිලෝ 251ක් අල්ලයි ඉන්දියාවේ සිට ධීවර බේට්ටු මගින් නිතිවිරෝධීව මෙරටට ගෙනෙන ලද කහ තොගයක් ඉලුප්පුකඩවායි පොලිස් වසමේ අන්තෝනිපුරම් කැලෑබද ප්‍රදේශයක තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අද (24) අත්අඩංගුවට ගෙන ඇත. 24 September 2021
‘‘ආණ්ඩුව ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ඉවත් කරමින් සිටිනවා‘‘ කෙලවරපිටිය බලාගාරය ඇතුළු රටේ ජාතික සම්පත් විකුණමින් සිටින ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 24 September 2021
“සංජානනීය ආබාධ” සහිත දරුවන්ට එන්නත් දීම අරඹයි වයස අවුරුදු 12ත් 19ත් අතර “සංජානනීය ආබාධ” සහිත දරුවන් වෙනුවෙන් එන්නත් ලබාදීම කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී අද (24) ආරම්භ විය. 24 September 2021
නම් කළ එන්නතක් අවශ්‍ය නම් සෞඛ්‍ය ප්‍රධානියාට අභියාචනයක් ඕනෑ විදේශයන්හි අධ්‍යාපනය සඳහා හෝ රැකියා සඳහා හෝ යන යමෙකුට කිසියම් හේතුවක් මත නිශ්චිතවූ කොරෝනා මර්දන එන්නතක් අවශ්‍ය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට අභියාචනයක් ඉදිරිපත් කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 24 September 2021
හරි තීරණ නොගත්තොත් තව රැල්ලක් ඇති විය හැකියි කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වීම ගැන සතුටු විය හැකි වුවත් ආණ්ඩුවේ අසාර්ථක සෞඛ්‍ය කළමනාකරණය නිසා ඕනෑම මොහොතක තවත් රැල්ලක් ඇති වීමේ අවදානමක් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 24 September 2021
පාඨලී චම්පික සී.අයි.ඩීයට කැඳවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවනු ලැබ ඇත. 24 September 2021
ඔක්සිමීටර් 250 ක් අනුරාධපුරයෙන් අල්ලයි නීති විරෝධීව ඔක්සිමීටර් 250 ක් සන්තකයේ තබාගත් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පුද්ගලයකු අනුරාධපුර නගරයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. 24 September 2021
සොරාගත් එළදෙනුන් දෙදෙනා පණපිටින් පුච්චා මරලා දිඹුලාගල මැණිකේ ඇළ ප්‍රදේශයෙන් සොරකම් කළ ගැබ්බර එළදෙනුන් දෙදෙනකු රැගෙන යාමේ දී වූ බාධාවක් නිසා කුඹුරක බැඳ පිදුරු දමා පුළුස්සා මරා දැමීමේ අවාසනාවන්ත පුවතක් දිඹුලාගලින් වාර්තා වෙයි. 24 September 2021
එන්නත් ගන්න අය නැතිව එන්නත් පොළ හකුලාගෙන යයි ආණමඩුව කොට්ටුකච්චිය ජාතික පාසලේ පැවති කෝවිඩ් එන්නත් කරණ මධ්‍යස්ථානයට එන්නත් ගැනීමට තරුණ පිරිස් පැමිනිම අඩුවීම නිසා එන්නත්කරණ කටයුතු අතරමග නවතා කාර්ය මණ්ඩලය ආපසු කාර්යාල වෙත යැවිමට කටයුතු කළ බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවි අබේරත්න මහතා පැවසිය. 24 September 2021
දඩයක්කරුවෙක්ගේ බඳින තුවක්කුවට දඩයක්කරුවන් දෙදෙනකු බිලි මුරියාකල්ල වැව් පිටියේ වන සතුන් ඝාතනය කිරිම සදහා අටවා තිබූ බදින තුවක්කු දෙකක් පත්තුවිමෙන් දඩයක් කරුවන් දෙදෙනකු එම ස්ථානයේම මිය ගොස් තවත් තවත් එක් දඩයක් කරුවකු තුවාල ලබා ඇතැයි තිරප්පනේ පොලිසිය කියයි. 24 September 2021
මව්පියන්ගේ අකමැත්තෙන් විවාහ වූ පුතුට අපූරු පාඩමක් තම පුතු මව්පියන්ගේ අකමැත්ත මත විවාහයක් කර ගැනීමට විරෝධය දැක්වමින් නිවසට ඇතුළුවන දොර වසා දැමීම නිසා අලුතගෙනා මනමාලිය සමග තමාට ඉහළ මහළයේ ඇති කාමරයට ඉනිමගකින් යාමට සිදු ව ඇතැයි අම්පාරේ තරුණයකු උහන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා ඇත. 24 September 2021
පාසල් ළමයින්ට නිවසේ සිටම වෘත්තීය පුහුණුව පාසල් ළමයින්ට නිවසේ සිටම හැදෑරීමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසුවාය. 24 September 2021
නිරිත දිග කොටසේ වැස්ස වැඩි වෙයි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරි දිනවලදී වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 September 2021
රටේ එකවර විවෘත කිරීම අනතුරුදායකයි රට එකවර විවෘත කිරීම බෙහෙවින් අනතුරුදායක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 24 September 2021
‘‘ජනපති ආ විගස සතොසේ සියලු තොරතුරු කියනවා‘‘ ජනාධිපතිවරයා අද හෙටම මුණ ගැසී සතොස දූෂණ වංචා සම්බන්ධයෙන් ඔහුට තොරතුරු ඉදිරිපත් කිරීමට තමා බලාපොරොත්තුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය. 24 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 450ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 450 දෙනකු අද(23) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 23 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026