‘ආවා’ කල්ලියේ 5 ක් අල්ලයි යාපනය දිස්ත්‍රීක්කයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ ප්‍රභල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුලු 05 දෙනෙකු තියුණු කඩු තුනක්ද සමග අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 26 September 2021
සුදුලූනු වංචාව හෙළිවුණේ එස්.එම්.එස්. එකකින් සතොස සතුව තිබූ සුදුලූනු කන්ටේනර් දෙකක් නීතිවිරෝධීව විකිණීමේ වංචාව හෙළිවූයේ සතොස සේවිකාවක් තමන්ට යොමු කළ දුරකථන කෙටි පණිවුඩයකින් (එස්.එම්.එස්.) බව සතොස සභාපති රියල් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. 26 September 2021
‘රටෙි මීළඟ නායකයා විහිලු කාරයෙක් නොවිය යුතුයි’ කඩා වැටී තිබෙන රට යළි ගොඩනැගීමට නම් මීළඟ පාලකයා විහිලුකාරයෙක් නොවිය යුතු බවත් එම අභියෝගය බාරගෙන ජයගත හැක්කේ ඊට දර්ශනයක් හා වැඩපිළිවෙලක් තිබෙන එක්සත් ජාතික පක්ෂයට සහ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාට බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 26 September 2021
අයවැය ඇස්තමේන්තු ලබන සතියේ කැබිනට් මණ්ඩලයට අයවැය ලේඛනයේ (2022) මූලික ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත කැබිනට් මණ්ඩලයට ලබන සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 26 September 2021
‘රටේ සම්පත් විකිණීමට එරෙහිව මහපාරේ අරගලය අරඹනවා’ රටේ සම්පත් තමන්ගේ පුද්ගලික දේපල සේ සලකමින් කුණු කොල්ලෙට විකුණා දමන කාඩ්බෝඩ් දේශප්‍රේමීන්ට එරෙහි සෞඛ්‍යමය සහ නිරෝධායන නීති රීති වලට අනුගතව මහපාරෙ අරගලය ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 26 September 2021
යොහානිගේ ‘මැණිකේ මගේ හිතේ’ මාස 4 කින් මිලියන 125 පසු කරයි යොවුන් ගායිකා යොහානි ද සිල්වා ගයන ‘මැණිකේ මගේ හිතේ’ ප්රතිනිර්මාණ ගීතය මාස හතරක් තුළ ‘යූටියුබ්’ සමාජ ජාලයේ නැරඹුම් වාර මිලියන 125 (කෝටි 12.5) පසු කළේය. 26 September 2021
‘‘ශ්‍රිලනිපය බණ්ඩාරනායක අමතක කරලා‘‘ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළේ බණ්ඩාරනායක මහතාගේ නම විකුණා ගෙන කෑම විතරයි. හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධූරය දැරූ කාලයේ එක වතාවයි බණ්ඩාරනායක ගුණ සමරුවකට මෙම ස්ථානයට ආවේ. 26 September 2021
පුපුරණ ද්‍රව්‍ය සමඟ දෙදනකු පොලිස් බාරයට බලපත් නොමැතිව නීති විරෝධි අයුරින් ඇමෝනියා නයිට්රේජන් පුපුරණ ද්‍රව්‍ය කිලෝ 175 ක් සන්තකයේ තබාගත් පුද්ගලයන් දෙනෙකු පුනෑවේදි අත්අඩංගුවට ගත්බව මැදවච්චිය පොලිසිය කියයි. 26 September 2021
ස.තො.ස සුදු ලූනු සිද්ධියේ ව්‍යාපාරිකයෙක් රිමාන්ඩ් ලංකා සතොස ආයතනයට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන්නේ බව කියන ව්‍යාපාරිකයකු ලබන 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත. 26 September 2021
පළාත් කිහිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 26 September 2021
චන්දිම වීරක්කොඩිට කොරෝනා තමාට කොවිඩ් -19 වයිරසය ආසාදනයවී ඇති බව තහවුරුවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කීවේය. 26 September 2021
වගා ළිඟට වැටුණු කෙනෙර ගොඩ ගනී කරුවලගස්වැව ඉහළපුලියන්කුලම මීගස්වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී කුසගින්නේ වෙහෙසට පත්ව සිටි කෙනෙරක ගොඩගත් බව වනජීවි අඩවි කාර්යාලය කියයි. 25 September 2021
‘‘අතරමග නතර වූ ගමේ සංවර්ධනය යළි ආරම්භ කරනවා‘‘ කොරෝනා වසංගතය නිසා නැවතී ඇති ගමේ සංවර්ධන කටයුතු ලබන වසරේ සිට නැවත ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 25 September 2021
නිවසේ තනිව සිටි කතගේ ගෙල සිරකර මරා දමලා රාජගිරියේ ප්‍රදේශයේ නිවසක තනිව ජීවත් වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිර කිරීමෙන් ඝාතනය කර ඇතැයි වැලිකඩ පොලිසිය කියයි. 25 September 2021
කුසල්, ධනුෂ්ක සහ නිරෝෂන්ගේ අභියාචනය විසිකරයි එංගලන්තයේ තරග සංචාරයක් අතරතුරදී විනය විරෝධීව හැසිරීමේ චෝදනාවට වැරදිකරුවන් වීමෙන් තහනමකට ලක්ව සිටින ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනාගේ අභියාචනා සළකා බැලීමෙන් තොරවම ඉවත දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් පැවසීය. 25 September 2021
‘‘සීමාවන්ට යටත්ව පළමු වැනිදා රට විවෘත කරනවා‘‘ පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01වැනි දා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 25 September 2021
රට විවෘත කළ වාහාම දුම්රියත් වැඩ රට විවෘත කරන ආකාරය අනුව දුම්රිය ධාවනය ආරම්භ කිරීමට සූදානම් බවත් නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමට පෙර පරීක්ෂණ ධාවන කීපයක් සඳහා දුම්රිය යෙදවීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 September 2021
පොලිසියේ ලොක්කන් දහයකගේ පුටු වෙනසක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු තිදෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිධුරවලටත්, සහකාර පොලිස් අධිකාරීවරු 07 දෙනෙකු පොලිස් අධිකාරීවරුන් ලෙසත් උසස් කිරීමට රාජ්‍ය සේවා කොමිසම අනුමැතිය ලබාදී ලබා දී තිබේ. 25 September 2021
කොරෝනා මරණ 79ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 79 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25) තහවුරු කළේය. 25 September 2021
විකෘති ප්‍රභේද වැඩි වේලාවක් වාතයේ රැඳෙනවා අලුතින් නිර්මාණය වන ’කොවිඩ් 19’ නව විකෘති ප්‍රභේද, ’කොවිඩ් 19’ මුල් ප්‍රභේදයට වඩා වැඩි වේලාවක් වාතයේ රැඳී පවතිනවා යැයි ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ බොල්ටිමෝර් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් නිකුත් කළ අධ්‍යයන වාර්තාවක දැක්වෙයි. 25 September 2021
කොරෝනා ආසාදිතයන් 782ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 782 දෙනකු අද (25) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 5,12,154 දෙනකු දක්වා ඉහළ ගොස් ඇත. 25 September 2021
ඔබේසේකර කුඩු සිද්ධියට තවත් සැකකරුවකුගෙන් ප්‍රශ්න කරන්න අවසර රාජගිරිය ඔබේසේකරපුර ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ලබන 01 වැනිදා තෙක් කොළඹ අපරාධ කොට්ඨාශයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය අද (25) නියෝග කළාය. 25 September 2021
එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක් සමඟ අයෙක් මාට්ටු එංගලන්තයේ නිෂ්පාදිත ගිනි අවියක්, එම ගිනිඅවියට යොදන උණ්ඩ 90 ක් සහ කේරළ ගංජා ග්‍රෑම් 52 ක් සමඟ පුද්ගලයකු මිද්දෙනිය පොලිස් වසමේ ලැනරෝල්වත්ත ප්‍රදේශයදී පොලිස් විශේෂ කාර්ය බලකායේ දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීහූ අත්අඩංගුවට ගැනීමට සමත් වූහ. 25 September 2021
දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩු වෙලා දරුවන් අතරේ කොවිඩ් පැතිරීම වාර්තාගත ලෙස අඩුවී ඇතැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසීය. 25 September 2021
කිරිපිටි හිඟය තවත් මාසයක් ? කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව හරහා ඉල්ලීමක් කර ඇති බවත් එම මිල වැඩිවීම ලබන අඟහරුවාදා වන විටවත් නොවුණ හොත් කිරිපිටි සැපයුම සාමාන්‍ය තත්වයට පත්වීමට තවත් මාසයක් පමණ ගතවීමට ඉඩ ඇතැයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය. 25 September 2021
මෙරට පාසල් විවෘත කිරීමට ලෝක සංවිධාන තුනක අනුමැතිය පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය , යුනිසෙෆ් ආයතනය සහ යුනෙස්කෝ ආයතනය නිර්දේශ කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පැවසීය. 25 September 2021
හෙරෝයින් -අයිස් කළුතර බන්ධනාගාරයට පියාඹයි කළුතර බන්ධනාගාරයේ ‘ඊ’ අංශයට පිටතින් විසිකළ පාර්සලක තිබී හෙරෝයින් ග්‍රෑම් 9 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්බව බන්ධානාගර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 25 September 2021
එන්නත ගත් දරුවන්ගේ ගැටළු ඇත්නම් දැනුම් දීමට දුරකතන අංකයක් කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබාගත් විවිධ ආබාධ සහිත දරුවන්ට එසේ එන්නත ලබාගැනීමෙන් පසු යම් ගැටලුවක් හෝ අපහසුතාවක් ඇත්නම් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ 0702703954 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙස එම රෝහල් ප්‍රධානීහු ඉල්ලීමක් කරති. 25 September 2021
අඩු මිලට සතොසට සැමන් සතොසට රුපියල් 285 ක තොග මිල යටතේ සැමන් ටින් ලක්ෂ හතරක් සැපයීමට මෙරට ප්‍රධාන පෙළේ සැමන් ටින් නිෂ්පාදකයන් පිරිසක් එකඟවී ඇත. 25 September 2021
බලාගාර ගිවිසුමට ආණ්ඩුව - හවුල් පක්ෂ මත ගැටුම උග්‍ර වෙයි කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ගිවිසුමකින් පැවරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ අතර බරපතල දේශපාලන මත ගැටුමක් නිර්මාණය වී තිබේ . 25 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026