කළුතර බන්ධනාගාරයට තවත් තහනම් ද්‍රව්‍ය පාර්සලයක් කළුතර බන්ධනාගාරයේ ’ඩී’ අංශයට පිටතින් විසිකළ පාර්සලයක තිබී තහනම් ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 27 September 2021
කොවිඩ් ආසාදිතයන් තව 715ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 715 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 27 September 2021
“වයස 30ට වැඩි සියයට 52.3කට දෙවෙනි එන්නත් මාත්‍රාව ලබාදී අවසන්’’ වයස 30ට වැඩි ජනගහනයෙන් සියයට 52.3කට කොරෝනා දෙවෙනි එන්නත් මාත්‍රාව අද (27) වනවිට ලබාදී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 27 September 2021
කොළඹ මහ නගර සභා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු විරෝධතාවයක සංචරණ සීමා හේතුවෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට වියළි ආහාර පාර්සල් ලබාදීමට එම නගර සභාව මගින් යෝජනාවක් සම්මත කරගෙන තිබියදීත් නාගරික කොමසාරිස්වරිය එයට අනුමැතිය ලබා නොදුන්නේ යැයි විරෝධය පා එහි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු නගර සභාව ඉදිරිපිට අද (27) විරෝධතාවයක නිරත වූහ. 27 September 2021
තිසර ඇමරිකාවට යන්න සූදානමක් ? ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක තිසර පෙරේරා ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකාවට යෑමට සූදානම් වන බව තමන්ට ද දැනගන්නට ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය. 27 September 2021
කොවිඩ් මරණ 51ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 51 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය. 27 September 2021
කන්ටේනර්වලට නිදහස දෙන්න රේගුව නීතිපති උපදෙස් පතයි රේගුව තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර්වලින් ඒවායේ ආනයනකරුවන් නඩු පවරා ඇති කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයා උපදෙස් ලබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 27 September 2021
“මේ වසරේ මාසික අපනයන ඉපැයීම් ඉහළ ගිහින්’’ මේ වසරේ ශ්‍රී ලංකාවේ මාසික අපනයන ඉපැයීම් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 27 September 2021
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ෆයිසර්වලින් තෙවැනි මාත්‍රාවක් ඉල්ලයි රට විවෘත කිරීමේදී සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙකක් ලබා දුන් වයස අවුරුදු 60ට වැඩි පිරිසට ෆයිසර් එන්නතින් තුන් වැනි මාත්‍රාවක් ලබාදීමට ප්‍රමුඛතාව දෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. 27 September 2021
'ශාඛ්‍ය ජනපදය' ජාත්‍යන්තර බෞද්ධ සංචාරක කලාපයක් කරන්න යයි පිළියන්දල කහපොළ ප්‍රදේශයේ අක්කර 78ක භූමියක ඉදිකිරීම් ආරම්භ කර මේ වන විට වල් වැදී විනාශ වෙමින් පවතින ‘ශාඛ්‍ය ජනපදය’ ව්‍යාපෘතියේ ගොඩනැගිලි ද භාවිතා කරමින් එහි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක්, ජාත්‍යන්තර පිරිවෙන් මධ්‍යස්ථානයක් ඇතුළත් බෞද්ධ සංචාරක කලාපයක් ඉදිකිරීමට පියවර ගන්නා බව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ මහතා පැවසීය. 27 September 2021
‘බුද්ධිමත් නායකයකුට රට දුන්නොත් බේරගන්න පුලුවන් ‘ ඉදිරි මැතිවරණයක දී රට ’’කැහි ගෑනි’’ගෙන් ගෙන ’’හොටු ගෑනි’’ ට දී පලක් නැතැයි ද රට ගොඩ ගන්න හැකි බුද්ධිමත් නායකයකුට බාර දුන්නොත් පමණක් ලංකාවාසී ජනතාවට නැවතත් හොඳ කලක් යනු ඇතැයිද එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය . 27 September 2021
“රටට එරෙහි කිසිඳු කිසිදු බලපෑමකට යටත් වන්නේ නැහැ’’ රටට එරෙහිව එල්ල වන කිසිදු බලපෑමකට යටත් නොවී අනන්‍යතාවය තහවුරු කරගනිමින් ස්වාධීනව රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල් පීරිස් මහතා කොලඹදී අද (27) පැවසීය. 27 September 2021
රට පුරා රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ කෝවිඩ් අවදානම් දීමනාව නතර කිරීම සහ වෘත්තීය ගැටලුවලට විසඳම් ලබා නොදීමට විරෝධය දක්වමින් හෙද හෙදියන් පිරිසක් රෝහල් ඉදිරිපිට අද (27) දහවල් උද්ඝෝණයක නිරත වූහ. 27 September 2021
ජීවිතාන්තය තෙක් සිර දඩුවම් නියම වු අයෙක් නිදොස් කොට නිදහස් හෙරොයින් ග්‍රෑම් 9.64 ක් සිය සන්තකයේ තබා ගැනීම සහ වෙළදාම කිරීමේ චෝදනාවන්ට වරදකරුකර කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියමවී වසර 2කට ආසන්න කාලයක් සිර දඩුවම් ලබමින් සිටි චූදිතයෙකු නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියෝග කරන ලැබ ඇත. 27 September 2021
බදු ඩොලර්වලින් ගෙවන්නන්ට වාහන ගෙන්වීමට අවසර බදු මුදල් ඩොලර්වලින් ගෙවීමට එකඟ වන පුද්ගලයන්ට වාහන ආනයනය සඳහා අවසර දීම සම්බන්ධයෙන් අවධානය යොමුවී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ලංකාදීපයට පැවැසීය. 27 September 2021
’’පරීක්ෂණයෙන් පසු ලොහාන් ගැන පියවර ගන්නවා’’ වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට මිතුරන් පිරිසක් සමග අයුතු ලෙස ඇතුළුවී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගැනිම එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසුව සිදුකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය. 27 September 2021
’’ෆයිසර්’’ එන්නත් 30,000ක් මෙරටට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 12 ට වැඩි ළමුන් එන්නත්කරණය සදහා යොදා ගැනීමට අවශ්‍ය ’’ෆයිසර්’’ එන්නත් මාත්‍රා 30,000ක් අද (27) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත කටාර් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් විසින් රැගෙන විත් තිබේ. 27 September 2021
ස්වයං රැකියා වෙළඳ ව්‍යාපාරික සංගමයෙන් පෙත්සමක් නිරෝධායන නීතියට පටහැනි අයුරින් මත්පැන් හල් විවෘත කිරීමට අවසර දෙන්නේ නම් තම සංගමයේ සාමාජිකයින්ට ද ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට අවසර දෙන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික ස්වයං රැකියා වෙළද ව්‍යපාරික සංගමය ගොනු කළ පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 4 වැනිදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) දින නියම කළේය. 27 September 2021
‘රට විවෘත කරන්න සැළසුම් සුදානම් ‘ රට ලබන පළමු වැනිදා අලුයම හතරට විවෘත කිරීමට හැකි වන පරිදි සියලු කටයුතු සූදානම් කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස්දී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 27 September 2021
ඩීසල් නොලැබුණොත් ’’ලොක් ඩවුන්’’ දිගු වෙිවි ශ්‍රී ලංකාව ඇනවුම් කළ ඩීසල් ඔක්තෝබර් 1 වන විට නොලැබුණොත්’’ලොක් ඩවුන්’’ කිරීම ඔක්තෝම්බර් මැද දක්වා දිගු කරන්නට සිදුවනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 27 September 2021
රාජ්‍ය සේවකයන් කැඳවීම ගැන තීරණයට අද විශේෂ සාකච්ඡාවක් රට විවෘත කිරීමෙන් පසු රාජ්‍ය සේවය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සියලු දෙනාගේ එකඟතාව ඇතිව වැඩපිළිවෙළක් සකස් කරගෙන යන බව රාජ්‍ය සේවා පළාත් සභා පළාත් හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා පැවැසීය. 27 September 2021
ලිට්රෝ අළෙවි නියෝජිතයෝ ගෑස් සඟවති ගෑස් මිල අද (27) පස්වරුවේ ඉහළ යනු ඇතැයි විශ්වාසය තුළ දිවයින පුරා ලිට්රෝ අළෙවි නියෝජිතයන් ගෑස් අළෙවිසල්වලට ලබාදී ඇති ගෘහස්ථ ගෑස් සිලින්ඩර එකතු කරමින් සිටින බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. 27 September 2021
වී මිලත් අද වැඩි වෙයිද ගොවීන් මුහුණ දී සිටින වී මිල ප්‍රශ්නයට අද (27) පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැහැදිළි තීරණයක් ගනු ඇතැයි සියලු දෙනා විශ්වාස කරන බව රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙක් පැවසීය. 27 September 2021
‘ආණ්ඩුව මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරනවා ‘ මහා සාගතයක සහ දැවැන්ත ආර්ථික බංකොලොත් බාවයක පෙරනිමිති ඇස් ඉදිරියේ තිබියදීත් ආණ්ඩුව කොමිස් ව්‍යාපෘතිවල නියැලෙමින් මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 27 September 2021
ඉන්ධන ආනයනයට රජයෙන් ඩොලර් ඉදිරි මාස තුන සඳහා ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් රජය ලබාදෙන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. 27 September 2021
නිවසක් මතට ගසක් කඩාවැටී මව-පුතා රෝහලේ බදුල්ල කැන්දගොල්ල නිවසක් මතට ඊයේ මැදියම් රැයේ රූස්ස ටර්පන් ටයින් ගසක් කඩාවැටී නිවසේ නිදාසිටි මව සහ පුතා තුවාල ලබා බදුල්ල සහ කැන්දගොල්ල රෝහල්වලට ඇතුළත් කර තිබේ . 27 September 2021
රටපුරා සුව සේවකයෝ පැය පහක වැඩ වර්ජනයක කෝවිඩ් දීමනා සහ සහන කප්පාදුව සම්බන්ධයෙන් සාධාරණ විසඳුමක් නොලැබීම නිසා අද වෘත්තීය ක්‍රියාමාර්ගය දිවයින පුරා රෝහල්වල සාර්ථකව ක්‍රියාත්මක කළ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 27 September 2021
හිරවූ ආහාර කන්ටේනර්වල නිදහස් කරන්න ඩොලර් මිලියන 15 ක් ඕනෑ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර අඩංගු කන්ටේනර් 800 කට අධික ප්‍රමාණය නිදහස් කරගැනීම සඳහා ඩොලර් මිලියන 15 ක් හෙවත් රුපියල් ලක්ෂ 35,000 කට අධික මුදල් අවශ්‍ය බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 27 September 2021
පාරිභෝගික අධිකාරියෙන් අස්වූ තුෂාන්ට තර්ජන පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ ධූරයෙන් පසුගියදා ඉල්ලා අස්වූ තුෂාන් ගුණවර්ධන මහතාට දුරකතන මාර්ගයෙන් විවිධ තර්ජන එල්ල වෙමින් ඇත. 27 September 2021
ගල්අඟුරු බත්තලක් සුළඟට අසුව ගසාගෙන යයි ලක්විජය ගල් අගුරු බළාගාරය වෙත ගල්අගුරු ප්‍රවාහනය කරමින් තිබූ ඉන්දීය බත්තලක් අද අලුයම, සැඩ සුළඟට අසුව ඉලන්තඩිය මුහුදු තීරය ආසන්න නොරොච්චෝල ජැටිය වෙත පාවී ගොස් ඇතැයි නොරොච්චෝල පොලිසිය පවසයි. 27 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026