(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

36 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙල ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද  (03) පැවැත්විණ.

විවිධ කලාවන්හි නියතුව සිට මෙරට කලාවට අනගි මෙහෙවරක් සිදුකල සාහිත්‍යවේදීන් ,මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් 200 ක පිරිසක් මෙහිදී කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුහ.

ප්‍රවීණ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලක ,ප්‍රවීණ ගායක ඇනෙස්ලි මාලාවන ,ප්‍රවීණ නිවේදිකා තිලකා රණසිංහ ප්‍රවීණ නාට්‍යවේදී අතුල වී.සමරවීර ,ප්‍රවීණ ඡායාරූප ශිල්පී සරත් පෙරේරා ඇතුළු මහත්ම මහත්මීන් රැසක්  රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ අතින් කලාභූෂණ රාජ්‍ය සම්මාන ලබාගත්තේය. සම්මාන උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස ප්‍රවීණ රංග ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය මහතා එක්ව සිටි අතර සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ මහත්මිය මුලිකත්වයෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සම්මාන උළෙල සංවිධානය කර තිබිණ.

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා )