
(තිලකරත්න දිසානායක)
රිය අනතුරු සිදු කොට ඊට ලක්වන පාර්ශ්වය බිය ගන්වා කප්පම් මුදල් ලබා ගන්නා කල්ලියක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය කියයි.
ඒ සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය මගින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි මෙම දැනුවත් කිරීම සිදු කෙරේ.
මේ පිළිබඳව ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගෙන් කළ විමසිමේදී ප්‍රකාශ කොට සිටියේ , සැලසුම් සහගත කල්ලියක් විසින් මහමග ධාවනය වන වාහන හිතාමතා අනතුරට ලක් කොට ඊට ලක්වන පාර්ශ්රවය බිය ගන්වා පොලීසියට පැමිණිලි කිරීම වළක්වාලමින් කප්පම් ගැනීම සිදුකරන බවය.
එලෙස සංවිධානාත්මකව රිය අනතුරක් සිදුකළ හොත් වහාම ළඟම ඇති පොලීසිය වෙත පැමිණිලි කිරීමට පියවර ගන්නා ලෙසට රිය පදවන්නන් දැනුවත් විය යුතු බවත් ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සරහට ඔය වගේ දේවල් හැමෝටම කරන්න වෙයි වගේ...
රට කරවන මහඑවුන් එහෙන් මංකොල්ල කනකොට පොඩි එවුන් මෙහෙන් මංකොල්ල කනව.
අද නීතිය වල් වැදී ඇත.
මේ අර ටෙලි නාට්‍යයෙන් ඉගෙනගෙන වෙන්න ඇති.
හොලිවුඩ් නාට්‍ය ස්ථානය ක්‍රියාත්මකයි.....