(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 13,791 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අයගෙන් 16 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර පස් දෙනෙක් ද ඒ අතර වෙති.
එමෙන්ම පිරිමි අය 06 දෙනකු සහ කාන්තාවන් 15 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd