(ශාන්ත රත්නායක්)

ඉල්ලීම කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා හෙද සංගම සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අද (03) පැවැත්විය.

සෞඛ්‍ය සේවය සදහා අයවැයෙන් වෙන් කරන මුදල් කප්පාදු නොකරන ලෙසත් සියලු හෙද විදුහල් විශ්ව විද්‍යාල පීට බවට පත් කරන ලෙසත් , උසස්වීම් ගැටලුව වහා විසදුම් ලබා දෙන ලෙසත් , වැඩිවන ජිවන වියදමට සරිලන සේ රු 10000 කින් වැටුප් වැඩි කරන ලෙසත් ඉල්ලා විරෝධතාවයේ නිරත වූහ.