
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රධාන පෙළේ සමාගම් හතළිහක් සහ පෞද්ගලික බැංකුවක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි ගණනක බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පවසයි.
මේ ආයතන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ආදායම් බදු එක සත පහක් හෝ වසර හතකින් ගෙවා නැතැයි එම කාරක සභා ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු ආදායම් එකතු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දැඩි විවේචනයට ලක්ව ඇත.
එහි ඇතැම් නිලධාරින් බදු ගෙවීම පැහැර හරින්නන්ට ආධාර අනුබල ලබාදෙන ආකාරයෙන් කටයුතු කිරීම අනුමත නොකරන බව කමිටු නිලධාරීහු පැවසූහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කාරක සභාවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අභියාචනා කමිටු කිහිපයක් ක්‍රියාත්මකවීම නිසා බොහෝ ආයතන එම කමිටුව හරහා ගොස් කල්මරමින් බදු ගෙවීම දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස ප්‍රමාද කර ගන්නා බවයි.
අභියාචනා කමිටු කිහිපයක් මෙලෙස පැවතීම බදු ගෙවීම පැහැර හරින්නන්ට අද ලොකු අස්වැසිල්ලක් වී ඇතැයි පවසන මහාචාර්යවරයා මේ තත්වය සැලකිල්ලට ගෙන එක අභියාචනා කමිටුවක් පමණක් පවත්වාගෙන යන්නැයි තමා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර ඇතැයිද සඳහන් කළේය.
එසේම මෙම බදු මුදල් කඩිනමින් අයකර ගැනීමට වෙනම අධිකරණ පද්ධතියක් සකස් කරගත යුතු බවටද තමා යෝජනා කර ඇතැයි විතාරණ මහතා පැවසුවේය.
රටේ ඇතැම් ප්‍රධාන පෙළේ සමාගම් ගෙවීම පැහැර හරින බදු මුදල අයවැය පරතරය පවා පියවා ගැනීමට හැකි මුදලක් බවත් එම බදු මුදල එකතු කර ගැනීමට නිශ්චිත විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් මහාචාර්ය තිස්ස විතාරණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම් ලයිස්තුවත් ප්‍රකාශයට පත් කරන්න. ඇයි හංගන්නේ? ප්‍රධාන පෙළේ සමාගම් කිව්වාම එයාල හෙන ලොකු අයද!!! බඩගින්නට උහුල ගන්න බැරුව හොරෙන් අඹ ගෙඩි දෙක තුනක් කඩා ගත්ත පොඩි දැරිවියකගේ මුළු පැටිකිරියම රට පුරා දිග හැරිය නම්, ඇයි මේ වගේ ජාතික අපරාධ කරන ආයතනවල නම් ප්‍රකාශ කරන්න බැරි?
මෙය ප්‍රසිද්ධ රහසකි. වංචනික ලෙස බදු ගෙවීම් පැහැර හරින්නේ දූෂිත නිලධාරීන්ගේ සහයෝගයෙන් බව පැහැදිලිය. රජයේ අකාර්යක්ෂම බව මනාව පෙනීයයි. නිසි පරිදි බදු අය කලහොත් ණය ආධාර කිසිවක් අවශ්‍ය නොවේ. රටේ ආර්ථිකය කඩාවැටෙන්නේ දූෂිත නිලධාරීන් නිසාය. දේශපාලුවන්ද මීට හවුල්දැයි සිතන්නට සිදුවේ.
මේ නම් ලැයිස්තුව ප්‍රසිද්ධ නොකරන්නේ ඔය සමාගම් රජයේ ලොකු මිනිස්සුන්ට අයත් ඒවා එහෙම නැතිනම් ඔවුන්ගේ පවුල් වල සහ හිතවතුන්ට අයත් දේවල්.
මේවා ඉතින් ප්‍රසිද්ධ රහස් නේ. නිලධාරීන්ගේ මගුල් ගෙවල්, නිවාස ණය ගෙවන එක සමාගමට ලාභයි බදු ගෙවනවට වඩා.
තත්වය මෙසේ තියද්දී, මේ බර පටවන්නේ රටේ සාමාන්‍ය දුප්පත් ජනතාවට.
අව්රුදු හතක් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දීර්ඝ නිද්‍රාවකද හිටියෙ. 2014 ඉඳන් 2021 වෙනකන් කියන්නේ ආණ්ඩු තුනක්. ජනාධිපතිවරු තුන් දෙනෙක්. ඒ වෙලත් කිසි ප්‍රතිඵලයක් වෙලා නෑ. කවුරු කොහොම සුදු හුණු ගාන්න හැදුවත් අපේ රටේ රාජ්‍ය සේවකයන්ගෙන් බහුතරය අඩු වැඩි වශයෙන් දූෂිතයි. ඒකයි ආණ්ඩු කොච්චර මාරු උනත් රාජ්‍ය සේවය එන්න එන්න පිරිහෙන්නේ. අවංක සේවය කරන මිනිස්සු ඉන්නේ බොහොම ටිකයි. බහුතරය පින් පඩිකාරයො. අල්ලසට, දූෂණයට යට නොවිච්ච අය පවා බලන්නේ අලසව දවස ගත කරලා, වැඩ අනලා, වැඩ කල් දාල, වැඩ කර ගන්න එන මිනිස්සුව රස්තියාදු කරවලා, හවස 4.15 මාරු වෙන්න.
සමාගම් කාගෙද මේවාට ආදායම් දෙපාර්තමේන්තුව වගකිවයුතුය. ඒ සමග මේව වංචාවට ලොකු දේශපාලුවො සමසම්බන්ධව සිටීද බලා ඔවුන්ට දඩුවම් දියයුතුය. සමහරක් දේශපාලුවො බදු මුදලින් කොටසක් සාක්කුවට දාගෙන බදු අහෝසි කරවනවාලු. වැටයි නියරයි ගොයම් කා ඇති බව කිවහැකිය.