වසර 20ක අධික කාලයක් ලංකාදිප මාණ්ඩලික මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ  අතුල බණ්ඩාර මහතා අද (3) උදෑසන හදිසියේ අභාවප්‍රාප්ත විය.

වසර දෙකකට ආසන්න කාලයක් රෝගීව සිටි අතුල බණ්ඩාර මහතා මිය යන විට 58 වැනි වියෙහි පසු විය. අතුල බණ්ඩාර මහතා දරුවන් තිදෙනකුගේ පියෙකි.

අනුරාධපුර රජරට සේවයෙන් මාධ්‍යට හා කළාවට සම්බන්ධවි ඇති අතර 1985 වසරේ ක්‍රියාකාරි මාධ්‍යවේදියකු වශයෙන් දිණකර ජාතික පුවත්පතෙන් සිය මාධ්‍ය ජීවිතය අරඹා ඇත.

1999 වසරේ ලංකාදීප  පුවත්පතේ අනුරාධපුර  වාර්තාකරු වශයෙන් එක් වූ ඒ මහතා 2001 වසරේ සිට මියයන තුරුම අනුරාධපු දිස්ත්‍රික් මාණ්ඩලික වාර්තාකරු ලෙස  සේවය කළේය.‍

අවසන් කටයුතු  පසුව දැනුම් දෙන බව ඒ මහතාගේ පවුලේ ඥාතිහූ සදහන් කළහ.