(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින සැකයන් ගැන අදහස් දක්වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවමින් හිරිහැර කිරීම අනුමත නොකරන බව යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
සැක සහිත කරුණු ගැන කතා කරද්දී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම වැනි කටයුතු වගකිව යුතු නායකයන්ගෙන් බලාපොරොත්තු නොවන බව කී කාදිනල්තුමෝ නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ වූ හා සහය දුන් අයට එරෙහිව යැයි ද සඳහන් කළහ.
රට පාලනය කරන්නේ සැබෑ නායකයෙක් කියා සිතිය හැක්කේ අනීතිය ක්‍රියාත්මක කළොත් පමණක් බව කී අගරදගුරුතුමෝ ‘අපිව මැරුවත් ජීවිතයක් උදුරා ගත්තත් මෙම සටන අතඅරින්නේ නැහැ.’ යැයි ද කීහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ කටුවාපිටිය දේවස්ථානයට එල්ල වූ ප්‍රහාරයෙන් තම බිරිඳ හා දරුවන් අහිමි වූ ප්‍රදීප් සුසන්ත මහතාට නිවසක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.
ප්‍රහාරය අනතුරු ඇඟවීම් ලැබුණු විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ආරක්ෂක අංශවල සිටි පිරිස උත්සාහ කළේ තම ආරක්ෂාව තහවුරු කර ගැනීමට පමණක් ඒ සියලු දෙනාට දඬුවම් කළ යුතු බව ජනාධිපති කොමිසම නිර්දේශ කර තිබුණත් නමුත් වත්මන් පාලනය එය මෙතෙක් කර නොකිරීමෙන් ජනාධිපති කොමිසම සඳහා වැයකළ රුපියල් මිලියන 600ක මුදල කාණුවට ගොස් ඇතැයි ද කාදිනල්තුමෝ සඳහන් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇතැම් භික්ෂූන් පවා කුරිරු පාලකයන්ගේ මුදලට, තනතුරු වලට විකිණෙද්දී, ඔබ වහන්සේ අති ශ්‍රේෂ්ඨ යි.
කාදිනල් තුමාව පුර පුවා තමයි දැන් නෙලන්නේ
පොඩ්ඩක් ඉවසලා ඉන්න පියතුමා.
ඔබ ලෝකයේ පිලිගත් ආගමීක නායකයෙක් පදනම් විරහිත තමන්ට පෙන්නුම් කිරිමට සාක්සි නොමැතිව කටට ආපු දේ ප්‍රකාශ කරහම. ඒ සම්බන්දව ප්‍රස්න කිරිම සී.අයි.ඩී එකේ කාර්යක්. තමන්ට ඔප්පු කල හැකි සාක්සි ඇත්නම් ගමේ ගොඩේ ගැනු වගේ අගුපිලවල් වල කතා නොකර තමන් දන්න දෙයක් ඇත්නම් සී.අයි.ඩී ගොස් පැමිනිලි කරන්න. බිය වීමට කරුනක් නැත, නීතිය කාටත් එකය.
සැකයි කියලා නෙමේනෙ කිව්වෙ. කෙලින්ම බෝම්බ හදද්දි බලං හිටිය වගේනෙ කිව්වෙ. සැක සහිත කාරනා සාක්ශි නැතුව මාධ්‍ය ඉස්සරහ ඇදබාන එකත් අනුමත කරන්න බෑ. ආගමික නායකයන් විදියට ඔයිට වඩා වගකීමෙන් කටයුතු කරන්න.
ඔයාලා කරන හැමදේම නිවැරදි කියලා මිනිස්සු අනුමත කරේ ගල් යුගේ. දැන්වත් විමර්ශන නිලදාරීන්ට ඒ වැඩේ නිදහසේ කරන් යන්න දෙන්න. ඔයාල ඒ කටයුතු වලට උදව් කරනවට වඩා උදැල්ල දාන එකයි කරන්නේ. මෙයාලගෙත් මොකක් හරි හොර එලි වෙනවට භය වෙලා වගේ.
ඇයි ඒ කාලෙ කිව්වෙ පාස්කු කොමිසම් වාර්ථාව විහිලුවක් වගේ. ඒක පිලිගන්න අමාරුයි කියලා.
බොරුවට කතාකරලා පලක් නැත, ඒවා සනාථ කල යුතුයි.
සැබෑ නායකයෙක් කියා සිතිය හැක්කේ අනීතිය ක්‍රියාත්මක කළොත් පමණක් බව....".
තමන්ට ෂුවර් නැති සැක සහිත දේවල් ප්‍රසිද්ධියේ ඇසින් දැක්ක වගේ කියන කොට ඔහොම වෙයි කියලා දැනගන්න ඕනේ. අපිට කියන්න වෙන්නේ කුම්බලා මාළු කතාව තමයි.