
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයට අද සවස සිට ඇද හැළෙන අධික වර්ෂාව හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය අකුරණ නගරයෙන් ඒ -09 මාර්ගය සහ දුනුවිල මාර්ගය සම්පූර්ණයෙන් ජලයෙන් යට විය.
අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල පාරෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම නිසා අකුරණ නගරය ජලයෙන් යටවී ඇති අතර මේ වන විටත් නගරය ජලයෙන් යටව පවතී.
දින දහයක් තුල තුන් වන වරටත් අද දිනයේදී නගරය ජලයෙන් යටව ඇති අතර වෙළඳ සැල් හා නිවාස ජලයෙන් යටවිය.
ඒ- 09 මාර්ගය ජලයෙන් යට වීම නිසා මහනුවර යාපනය මාර්ගයේ වාහන ගමනා ගමනයද ඇන හිට තිබිණ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයේ ඉවුරු අල්ලලා කණු උඩ මහා මන්දිර හදපු මොදයෝන්ට මුළු ජිවිත කාලයම ස්වාභාදහමෙන් දඬුවම් ලබනවා
අකුරණ ගැන කියන්න තියෙන්නේ ඉතින් තමන්ගේ වල තමන් විසින් කපා ගත් නගරයක්... මිනිස්සුන්ට හිතෙන හිතෙන තැන් වල බිල්ඩින් ගැහුවා. කාගෙන්වත් අවසර ගත්තේ නෑ. අනික අවසර දෙන තැන් වල ඉන්නෙත් දන්නා කට්ටිය නිසා එතනින් ගලා යන ඇල මාර්ගේ යටකරන් ගෙවල් හැදුවා. දැනට අවුරුදු 30 විතර කලින් හරිම සුන්දර පොඩි නගරයක්... අද ගැන කතා කරලා වැඩක් නෑ...