
(අංජුල මහික වීරරත්න)
කාබනික පොහොර යොදා වගා කරන නාඩු වී කිලෝවක් රුපියල් 100 කට මිලට ගැනීමට රජය සූදානම් බව බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
මේ වන විටත් නාඩු වී කිලෝව රුපියල් 80ක් ද සම්බා වී කිලෝව රු.100ක් හා කිරී සම්බා වී කිලෝව රු.125කට මිලදී ගැනීමට ව්‍යාපාරකයින් පෙළඹි සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය .
මේ දිනවල රටපුරා රට පුරා උද්ඝෝෂණ කෙරුණත් ඒවායේ ඉන්නේ සැබෑ ගොවීන් නොමැති බව කී අලුත්ගමගේ මහතා හොඳ මිලක් ගෙවා ගොවීන්ගේ නිෂ්පාදන මිල දී ගන්නවා සේම කාබනික වගාවෙන් පාඩුවක් වුණොත් එහි වන්දිය ගෙවීමට රජය සූදානමින් සිටින බවද සඳහන් කළේය.
වී කිලෝවකට පළමු වරට රුපියල් අසූවක් ලැබුනේ තමා ඇමති සමයේ බව තම රුව සහිත පඹයන් හදා පුච්චන ගොවීන්ට අමතක වී තිබෙන බවද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.
රජය ලබාදෙන මෙම සහතිකය ගැන විශ්වාසය තබා වහාම ගොවිතැනට යොමු වන්නැයි ගොවීන්ගෙන් ඉල්ලා සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
100ට අරන් කීයටද විකුණන්නේ?
දින 02 කට පෙර නැනෝ පොහොර රැගෙන ඉන්දියාවෙන් ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඉන්දියානු ගුවන් හමුදා යානා 6ක් තවම ඉන්දියාවේ ගුවන් තොටුපළේ නවතා ඇත.
වී 100 ට අරං අපිට හාල් කවන්නේ 300ටද?
හාල් කිලෝවක් හදාගන්න වී කිලෝ එක හමාරයි.අනෙක් වියදම් සමග හාල් කිලෝවක් රුපියල් දෙසීයක් පසුකරාවි. ගල් බමුණන් කියාවි (බඩුමිල අඩුම කාලේ) සිරිසේන වී ගත්තෙ තිහට (.භාණ්ඩ මිල අභ්‍යාවකාශයට ගිය මෙකල) අපි වී කිලෝවක් සීයට ගත්තා කියලා දැනට පවතින භාණ්ඩ මිල අනුව හරියට බැලුවම සිරිසේනගෙ කාලෙට වඩා අනුපාතිකව වී මිල තවමත් අඩුයි කියලා හිතෙනවා
ඔය ගානට වී මිල නැග්ගුවාම හාල් කන්නේ කීයටද කියලා නොහිතෙන්නේ... ඔය ඔලුවල තියෙන්නේ ගොමද? මැටිද? හැබෑටම...
නිෂ්පාදන පිරිවැය ගගැන මෙයා අහලවත් නැහැ
තොපි පිට රටවල් වලින් නයට සල්ලි අරන් අපේ දරුවන්ව සදා වහල්ලු කරලා තොපේ දරුවන්ට සැප ,නොවටින ගණන් වලට වී අරගෙන රටට හෙන ගහන්නේ
රජය විස්වාස කරන්න හොදට තියෙයි. පේනවනේ විස්වාස කල ගුරුවරුන්ට වෙච්ච දේ. මේ ඒක නෙවෙයි කොහෙන්ද වන්දි ගෙවන්නේ. ඉන්ධන ගෙන්වන්නත් මුදල් නැහැ නේද. තම තමන් හොරකම් කල මුදල් අනුකම්පා හිතිල ගොවීන්ට දෙනවද?
මේ හාල් ඇටයක්වත් පිටරටින් ගෙන්නන්නෙ නැ කිව්ව යෝදය නේද.
මෙයා මේ ඇමති දුරයට ආපු දා ඉඳන් අරව කරනවා, මේවා කරනවා, අරව දෙනවා, මේවා දෙනවා මිස කරපු මගුලක් නැහැ. මෙහම තමයි විදුලිබල ඇමති ඉන්න කාලෙත්. කයිවාරු විතරයි. විදුලි අර්බුදය, තෙල් අර්බුදය, කෘෂිකර්ම අර්බුදය එසේමයි.
අහු වෙන්න එපා. මෙයා කට ඇරියොත් කියන්නේ බොරු. අසුචි පොහොරටික විකුණාගන්න කරන රඟපෑමක්.
කට ඇරියොත් කියන්නේ මෙහෙම කතාවක් ම තමයි.... හැබයි දැන් මිනිස්සු ඉවසන සිමාව ඉක්මවා ගිහින් ඉන්නේ. සිහියෙන් කතා කලොත් හොදායි...
දැනට ගොවීන් විතරයි පඹයා පුච්චන්නේ .හාල් වල ගණන් 200 පැන්නොත් ජනතාවටම උත්තර දෙන්න වෙයි .මෙහෙමත් මෝඩ රැලක්