( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
කෙරවලපිටිය යුගදනවි තාප බලාගාරයේ රජයේ කොටස් අයිතියෙන් සියයට 40 ක් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 12 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.
මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු, කුමුදුනී වික්‍රමසිංහ,මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
එහිදී පෙත්සම එදින කැදවීමට අධිකරණය තීරණය කෙරිණ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්,වේස්ට් කෝස්ට් පවර් පෞද්ගලික සමාගම,ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි පිහිටි නිව් ෆෝට්‍රස් සමාගම,නීතිපති ඇතුළු 54 දෙනෙකු නම් කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රේෂ්ඨ වැඩක්...!