ශාන්ති කර්මයක් මුවාවෙන් ලක්ෂක 10 රන්වලට විද්ද යකැදුරා මාට්ටු විශ්ව බලයෙන් රෝග සුව කරන මහා බලයක් ඇතැයි පවසමින් පුරා පැය හයකට ආසන්න කාලයක් නිවසේ විදුලිය විසන්ධි කර කෝටිපති ව්‍යාපාරික නිවැසියන් මුලාකර රුපියල් ලක්ෂ දහයකට ආසන්න රන් භාණ්ඩ ඇතුළු දේපල වංචා කළ යකැදුරකු බව කියන පුද්ගලයකු පන්නිපිටිය ඇරැව්වල දි අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. 28 September 2021
දේශීය දේ රැක ගන්න පාරම්පරික වෛද්‍ය සභාව ආදිවාසීන් සමග එක් වෙයි ජාත්‍යන්තර පාරම්පරික වෛද්‍ය සභාව මෙරට ආදිවාසීන් සමග එක්ව දේශීය වී වගා කිරීම ඇතුළු දේශීය අනන්‍යතා රැසක් සුරක්ෂිත කිරීමට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලැත්තන් එකඟතාවය පළ කළේය. 28 September 2021
ලංකා සහල් නිෂ්පාදකයෝ සහල්වලට පාලන මිලක් ඉල්ලති රජය මුහුණ පා සිටින ඩොලර් අර්බුදය හමුවේ සහල් ආනයනය කිරිම වහාම නතර කර සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවන ලෙසත් පාරිභෝගික ජනතාවට හිඟයකින් තොරව සහල් ලබාදීමට තමන් සතුව පවතින ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමය අද පැවැසීය. 28 September 2021
මෙරට හදවත් රෝගී දරුවන්ට ඉන්දියාවේදී නොමිලේ සැත්කම් හදවත් රෝගී මෙරට දරුවන්ට ඉන්දියාවේ කෝචි හි පිහිටි අම්රිතා රෝහලේ දී (අම්රිතා වෛද්‍ය විද්‍යා ආයතනය) නොමිලයේ සැත්කම් කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 28 September 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 642ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 642 දෙනකු අද (28) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 28 September 2021
යුරෝපා සංගම් නියෝජිතයන්ගෙන් සුබ පණිවුඩයක් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ලබා දිය හැකි සහන සම්බන්ධයෙන් ධනාත්මකව කටයුතු කරන බව යුරෝපා සංගමයේ නියෝජිතයෝ පිරිසක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට දැනුම් දුන්හ. 28 September 2021
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියට ඉංජිනේරුවරයකු අත්අඩංගුවට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ සහායක ඉංජිනේරුවරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (28) අත්අඩංගුවට ගනු ලැබීය. 28 September 2021
විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේදී විවෘත කරයි සියලු විශ්ව විද්‍යාල ලබන නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි. 28 September 2021
වරායෙන් සීනි කන්ටේනර් 81 ක් සතොසට සීනි ආනයනය තහනම් කිරීම නිසා වරාය අධිකාරිය බාරයේ තිබෙන සීනි කන්ටේනර් 81 ක් ලංකා සතොසට ලබාදීමට තීරණය කර ඇති බවත් එම කන්ටේනර් තුළ සීනි මෙටි්රක්ටොන් 2000 කට අධි ප්‍රමාණක් ඇති බවත් වරාය අධිකාරියේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට පැවසීය. 28 September 2021
කොවිඩ් මරණ 55ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (27) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (28) තහවුරු කළේය. 28 September 2021
නාගරික මන්ත්‍රී මොහොමඩ් රම්සිට ඇප කොළඹ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර නිලධාරිනියට සාපරාධී බිය ගැන්වීමක් සිදුකර අඩන්තේට්ටම් කළැයි කුරුදුවත්ත පොලිසිය අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් රම්සි මහතා රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ආර්. බණ්ඩාර නෙලුම්දෙණීය මහතා අද (28) නියෝග කළේය. 28 September 2021
සහල් මිල පාලන ගැසට්ටුව ඉවත් කළේ පාරිභෝගිකයා-ගොවියා ආරක්ෂා කරන්නයි සහල් මිල පාලන ගැසට් නිවේදනය අවලංගු කිරීමේ අරමුණ පාරිභෝගිකයන් සහ ගොවි ජනතාව ආරක්ෂා කරගැනීම බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 28 September 2021
මන්නාරමේ ප්‍රා.ස සභාපති ඉවත් කිරීමේ තීරණය බල රහිත කරන්නැයි ඉල්ලයි මන්නාරම ප්‍රාදේශීය සභා සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ෂාහුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් මහතා අභියාචනාධිකරණයට හමුවේ අද ( 28) රිට් පෙත්සමක් ගොනු කළේය. 28 September 2021
මාධ්‍ය නිදහසේ තරම රංගේ බණ්ඩාර කියයි ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයේදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකළ මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීමෙන්ම රටේ මාධ්‍ය නිදහසට උරුම වී තිබෙන තත්ත්වය තේරුම් ගත හැකි බව එක්සත් ජාතික පක්ෂ මහලේකම ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් අද (28) පැවසීය. 28 September 2021
“පක්ෂය කිව්වොත් වයඹ මහ ඇමැතිකමට තරග වදිනවා’’ පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ලංකාදීපයට පැවැසීය. 28 September 2021
‘වෙළඳපොලේ සහල් මිල ඉහළ යන්න දෙන්නේ නැ’ සහල් සම්බන්ධයෙන් රජය ගනු ලැබූ තීරණය හේතුවෙන් මේ රටේ පාරිභෝගික ජනතාව අපහසුතාවයට පත්වන ආකාරයට වෙළඳපොලේ සහල් මිල ඉහළයාමට කිසිසේත්ම ඉඩ තබන්නේ නැතැයි ප්‍රධාන පෙලේ සහල් මෝල් හිමියෝ කියා සිටිති. 28 September 2021
බවුසර් වෙනුවට දුම්රිය මඟින් ඉන්ධන ප්‍රවාහනය වැඩි කිරීමට අවධානය දැනට සියයට තිස් අටක් වන දුම්රිය මගින් තෙල් ප්‍රවාහනය කිරීමේ කටයුතු 60% දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 28 September 2021
වරායේ සිරවූ කන්ටේනර් 800න් 400ක් නිදහස් ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරාය තුළ සිරවී තිබූ අත්‍යවශ්‍ය ආහාර සහිත කන්ටේනර් 800 න් 400 ක් පමණ නිදහස් කරගැනීමට හැකි වූ බව ආහාර ආනයනකරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයකු අද (28) පස්වරුවේ ‘ලංකාදීප’යට පැවසීය. 28 September 2021
කතානායක සුම් තාක්ෂණයෙන් පොදු රාජ්‍ය පාලිමේන්තු කමිටුව අමතයි පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපීය නියෝජිතයා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (28) ආරම්භවූ එම සංගමයේ විධායක කමිටු රැස්වීම් සැසියට සහභාගීවිය. 28 September 2021
නාගරික මන්ත්‍රී මොහොමඩ් රම්සි අත්අඩංගුවට කොළඹ නගර සභාවේ නාගරික භාණ්ඩාගාර නිලධාරිනියට සාපරාධී බිය ගැන්වීමක් සිදුකර අඩන්තේට්ටම් කළැයි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රී මොහොමඩ් රම්සි මහතා කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. 28 September 2021
ගෑස් මිලදී ගැනීමට ඒකාබද්ධ සමාගමක් ගෑස් මිලදී ගැනීම වෙනුවෙන් ඒකාබද්ධ සමාගමක් පිහිටුවා ජනතාවට පවතින මිලට වඩා අඩු මිලකට ගෑස් ලබාදීමට පියවර ගන්නා බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 28 September 2021
කොළඹ මහනගර සභාවේ සේවකයෝ වර්ජනයක කොළඹ මහනගර සභාවේ සේවක සේවිකාවෝ පිරිසක් අද (28) වැඩ වර්ජනයක නිරත වූහ. 28 September 2021
දරුවකුගේ නිරුවත් රූ අන්තර්ජාලයට මුදාහල තරුණයා මාට්ටු ගිරිඋල්ල පොලිස් වසමට අයත් හමනගල්ලේ කුඹුරක සරුංගල් යවමින් සිටි 11 හැවිරිදි පාසල් සිසුවකු නිරුවත්කර ඡායාරූප ගෙන සමාජ මාධ්‍යජාලාවලට මුදාහැරියේ යැයි කියන තරුණයකු අත් අඩංගුවට ගත් බව ගිරිඋල්ල පොලීසිය කියයි. 28 September 2021
රක්වානේ තරුණයෙක්ගෙන් කාබනික පොහොර නිෂ්පාදනය පහසු කරන්න යන්ත්‍රයක් රජය මගින් කාබනික පොහොර නිෂ්පාදන කටයුතු පහසු කිරිම සදහා අවශ්‍ය වන ඇඹරුමි යන්ත්‍රයක් නිපදවිමට රක්වාන ප්‍රදේශයේ තරුණයෙක් සමත් විය. 28 September 2021
පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යයට කරන බලපෑම විපක්ෂනායක හෙළාදකියි ලංකාදීප, දිවයින කර්තෘවරුන්ට, එහි මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ට මෙන්ම තවත් මාධ්‍ය කිහිපයක මාධ්‍යවේදීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනීසිටින ලෙස නියෝග කරමින් ප්රජාතන්ත්රවාදයේ ප්‍රධානතම කුළුණ වන මාධ්‍ය අරඹයා එල්ල වූ පිළිකුල් සහගත තර්ජනය ඒ තර්ජනයටම අනන්‍ය වූ පිළිකුලෙන් යුතුව හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 28 September 2021
පාලම් පාරුවේ ක්‍රියාකරු ගඟේ ගසාගෙන යයි අධික වර්ෂාවත් සමග මහවැලි ගගේ පාරුවක් ගැට ගැසිමට ගිය දෙදරු පියකු මහවැලි ගඟේ සැඩ පහරට හසු වි ජිවිතක්ෂයට පත් වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 28 September 2021
සියලු කෘෂි පරීක්ෂණ කෘෂිකර්ම අමාත්‍යංශය යටතට කෘෂිකර්ම ක්ෂේත්රයට අදාල සියලු පර්යේෂණ එක් මධ්‍යස්ථානයකින් අධීක්ෂණය කර ඒවායේ ප්‍රතිඵල කඩිනමින් ගොවියා අතට පත් කෙරෙන යාන්ත්‍රණයක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතාට අද(28) උපදෙස් දුන්නේය. 28 September 2021
'යොහානි' බොලිවුඩ් චිත්‍රපට ගායනයට සතීෂාන් රත්නායකගේ ’මැණිකේ මගේ හිතේ ’’ ප්‍රති නිර්මාණ ගීතය ගායනා කිරීම නිසා ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වය පත් ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා සිය ප්‍රථම බොලිවුඩ් චිත්‍රපට පසුබිම් ගායනයට අද (28) සිට පිවිසියාය. 28 September 2021
‘‘අකමැත්තෙන් වුවත් සහල් පිට රටින් ආනයනය කරනවා‘‘ රට මුහුණ දී ඇති අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා ඉදිරි අයවැයෙන් සියලු සැලසුම් සකස් කරන බව ඉඩම් අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා කොළඹදී අද පැවසීය. 28 September 2021
අසාද් සාලි යළිත් රිමාන්ඩ් ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 12 වන දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (28) නියෝග කළේය. 28 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026