2020  උසස් පෙළ සිසුන්ට විශ්ව විද්‍යාල කඩයිම් ලකුණු නිකුත් කිරීමත් සමග ශිෂ්‍යයන් සරසවි සදහා බදවා ගැනිමීදී ඇතිවන අසාධාරණය පිළිබද දැනුම් දීම සදහා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජිකයන්,ශිෂ්‍යයන් සහ දෙමාපියන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අද ලිපියක්  බාර දුන්හ.

2019 වසරේ මෙන්ම  2020 වසර තුළද නව සහ පැරණි විෂය නිර්දේශයන් දෙකක් යටතේ උසස් පෙළට ශිෂ්‍යය ශිෂ්‍යාවන් පෙනී සිටීම නිසා මෙම ගැටළු කාරී තත්වය ඇති වී තිබේ.

එම නිසා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු ඉමේෂ් සංගීත් ශිෂ්‍යයා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවී සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට එම ලිපිය බාර දුන්නේය.  

(ජායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)