(සුජිත් හේවාජුලිගේ )

පොදු ස්ථානවලට පැමිණෙන පුද්ගලයන්ට එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම පිළිබඳව තීරණය  මීළඟ  කොවිඩ්  කාර්ය සාධක බලකා රැස්වීමේදී  ගනු ඇතැයි  කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

එම කාරණය සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කරගෙන යන බව පැවසූ යුද හමුදාපතිවරයා  තවමත් සියයට හයකට  පමණ  දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී නැති හෙයින් එවැනි වැඩපිළිවෙළක්  ක්‍රියාත්මක කිරීම සුදුසු නැති බව සමහරුන්ගේ අදහස වී ඇතැයිද  ප්‍රකාශ කළේය.
එන්නත් කාඩ්පත් අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් විවිධ මත තිබෙන බවද ඔහු සඳහන් කළේය.