ඇඳිරිනීතියෙන් ලොතරැයි මණ්ඩලයට කෝටි 300ක් අහිමිවෙයි අලුත් අවුරුදු ‘කොවිඩ්’ රැල්ල හමුවේ දැන් ක්‍රියාත්මක නිරෝධානය ඇඳිරිනීතිය පනවා තිබූ දින 41 ක කාලය තුළ ජාතික ලොතරැයි මණ්ඩලයට රුපියල් කෝටි 300ක පමණ ආදායමක් අහිමිවී ඇතැයි එහි සභාපති නීතිඥා ලලිත් පියුම් පෙරේරා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 29 September 2021
මාදිවෙල තෙත්බිම රකින්න වැඩපිළිවෙලක් මාදිවෙල තෙත්බිම් කලාපයේ පරිසර පද්ධතිය ආරක්ෂා කරගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පැවසීය. 29 September 2021
ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධියේ ඉංජිනේරුවරයා රිමාන්ඩ් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියට අයුතු ලෙස ඇතුළු වී එහි දත්ත මකා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් ‘එපික් ලංකා ටෙක්නොලොජි පුද්ගලික සමාගමේ’ සහායක ඉංජිනේරුවරයා ලබන 06 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනී පෙරේරා මහත්මිය අද (29) නියෝග කළාය. 29 September 2021
සිසුන් 200 අඩු දකුණේ පාසල් 15දා විවෘත කරයි දකුණු පළාතේ ඇති සිසුන් 200 අඩු පාසල් 514ක් ලබන 15 වැනිදා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා තවදුරටත් පැවසීය. 29 September 2021
සුදුලූනු වංචාවේ තරැව්කරුවෙක් රිමාන්ඩ් ලංකා සතොස ආයතනයට අයත් සුදුලුනු කිලෝග්‍රෑම් 54,000 ක් සහිත කන්ටේනර් දෙකක් ඉවත් කිරීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවකු ලබන 01 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කර ඇත. 29 September 2021
දින 43කට පසු සිකුරාදා රට අරී කොරෝනා පැතිරීම පාලනය කිරීම සඳහා රටපුරා පනවණු ලැබූ ඇති නිරෝධායන ඇඳිරි නීතිය අනිද්දා(1)අලුයම 4.00ට ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 29 September 2021
පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට, කතෝලික සභාව ලෙස නඩු පැවරිය හැකිදැයි සොයනවා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිව යුත්තන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා කටයුතු නොකරන්නේ නම් කතෝලික සභාව ලෙස නඩු පැවරීමක් කළ හැකිද යන්න සොයාබලමින් සිටින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 29 September 2021
අමුතු සෙල්ලමක් දැමූ යතුරු පැදිකරුවකු අල්ලයි පාපැදියක් තල්ලුකරගෙන පොලිස් මාර්ග බාධකය හරහා ගමන් කිරීමට උත්සහ කළ පුද්ගලයකුගෙන් අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත ඉල්ලූ අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙසට යතුරු පාපැදිය තල්ලු කර පළා යාමට උත්සාහ කළ පැදිකරුවකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය පවසයි. 29 September 2021
කිරිපිටි නිදහස් කරගැනීම සඳුදා තෙක් ඇදෙයි ඩොලර් හිඟය හේතුවෙන් වරාය තුළ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 (ටොන් 360) ලබන සඳුදා (4 වැනිදා) වන විට නිදහස් ගතහැකි වේ යැයි විශ්වාස කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා ‘ලංකාදීප’යට අද (29) පස්වරුවේ පැවසීය. 29 September 2021
මුල් අයිතිකරුවන්ට දෙන්න නිදහස් කළ අලි ඇතුන් 15 ලියාපදිංචිය අත්හිටුවයි මුල් අයිතිකරුවන් වෙත මුදා හරින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා සහ මාතලේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළ හීලෑ අලි ඇතුන් 15 දෙනා, වනජීවි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ ලියාපදිංචි කිරීම වළකාලමින් අභියාචනාධිකරණය අද (29) අතුරු නියෝගයක් නිකුත් කළේය. 29 September 2021
අමද්‍යප මහ සභාවෙන් ජනාධිපතිවරයාට යෝජනාවලියක් කොවිඩ් මරණ අඩු කර ගැනීම සඳහාත් කොවිඩ් හමුවේ රටේ මතුවී ඇති ආර්ථික පසුබෑම සමනය කර ගැනීම සඳහාත් මධ්‍යසාර සහ දුම්කොළ සඳහා වන බදු මුදල් වහාම වැඩි කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි. 29 September 2021
යුරෝපා සංගමයේ නියෝජිතයන් විපක්ෂ නායක හමුවෙයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ යුරෝපා කොමිසමේ දූත පිරිසක් අතර විශේෂ හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී සිදුවිය. 29 September 2021
ඇමති උපදෙස් නොතැකූ සී.අයි.ඩී නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් කර තිබියදීත්, එම දැනුම්දීම අනුව කටයුතු නොකළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධව වහාම විමර්ශනයක් සිදුකරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත. 29 September 2021
බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම හොඳ නැහැ බොහෝ ආයතනවල සෞඛ්‍ය නීති රැකීම හොඳ මට්ටමක නැති බවත් කොවිඩ් පැතිරීම ආරම්භවීමත් සමග ආයතන හා සාප්පු සංකීර්ණ ඉදිරිපිට දෑත් සේදීම සඳහා මුල් කාලයේදී සවි කෙරුණු බොහෝ ජල කරාම පවා මේ මොහොත වනවිට ක්‍රියාත්මක නොවන බවත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවැසීය. 29 September 2021
මත්තල ගුවන්තොටුපළේ සිට නව ගුවන් මෙහෙයුම් ලොව ප්රමුඛ පෙලේ ගුවන් සමාගම් රැසක් මත්තල සමග නව ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සාකච්චා පවත් වමින් සිටින බවත් , ඉන් ගුවන් සමාගම් හතරක් සිය මෙහෙයුම් ආරම්භ කිරීමට දැනටමත් කැමැත්ත පළ කර ඇතැයි ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා අද (29) පැවසිය. 29 September 2021
“ලබන අප්‍රේල් වන විට ආර්ථික අර්බුදය වැඩි විය හැකියි’’ වත්මන් රජය ජාත්‍යන්තර වශයෙන් රට නිසියාකාරව හැසිරවීමක් නොකළ නිසා මේ වනවිට කර්මාන්තශාලා විශාල ප්‍රමාණයක් වැසී යන තත්ත්වයට පත්ව තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 September 2021
ක්‍රිකට් ක්‍රීඩක සචිත්රගේ වත්කම් වාර්තාව සී.අයි.ඩී.යට ක්‍රිකට් තරග මුදලට පවාදීමට යෝජනා කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩක සචිත්ර සේනානායකගේ වත්කම් වාර්තාව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සී.අයි.ඩී.) නීති විරෝධි වත්කම් විමර්ෂණ ඒකකයට යොමු කළේ යැයි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් ෆොන්සේකා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 29 September 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබන 4වැනිදා යළිත් රැපිඩ් ඇන්ටිජන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ලබන 4 වැනිදා අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ තවත් වටයක් ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 29 September 2021
මන්නාරම ප්‍රා.සභාපති නම් කිරීමේ ගැසට්ටුව නිකුත් කිරීම අත්හිටුවයි පුරප්පාඩුව පවතින මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු නම් කරමින් ලබන මස 27 වනදා තෙක් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් උතුරු පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත අද ( 29) නියෝගයක් නිකුත් කළේය. 29 September 2021
චීන කාබනික පොහොර ආනයනය නවත්වයි මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්රජන් කාබනික පොහොර චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 29 September 2021
පළාත් පාලන ආයතන ඩිජිටල්කරණයට තොරතුරු තාක්ෂණය දියුණු වර්තමාන ලෝකයේ පළාත් පාලන ආයතනවලින් සපයන මහජන සේවා ස්මාර්ට් ජංගම දුරකතනයකින් ඉටු කරගැනීමේ අරමුණින් සියලුම පළාත් පාලන ආයතන ඩිජිටල්කරණය කරන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 29 September 2021
බඹරු ඇනීමෙන් සිව් දරු මව මරණයට මුන්දලම කන්දතොඩුවාව ගම්මානයේ බඹර ප්‍රහාරයකට ලක්වු සිව් දරු මවක් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කරන අතර තුර මරණයට පත්ව ඇති බව මුන්දලම පොලිසිය කියයි. 29 September 2021
කෝකිලායි සිංහල විදුහලේ සිසුවියක් පළමුවරට සාපෙළ ජයගනී මුලතිව් කොකිලායි රජයේ පාසලේ ප්‍රථම වතාවට සිසුවියක අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව ඇතැයි විදුහල්පතිනී සුජිවනී ප්‍රනාන්දු කන්යසොයුරිය පැවැසුවාය.කෙ 29 September 2021
පළාත් කිහිපයකට අදත් වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 September 2021
කන්ටේනර් නිදහස් කරගන්න මහ බැංකුව ඩොලර් මිලියන 50 ක් දෙයි ඩොලර් හිඟය හේතුවෙන් කොළඹ වරායේ සිරවී තිබෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කන්ටේනර් නිදහස් කරගැනීම සඳහා වශයෙන් ඩොලර් මිලියන 50 ක් රාජ්‍ය බැංකු දෙකකට නිකුත් කළ බව මහ බැංකුව පවසයි. 29 September 2021
අතරමං වූ සෝමාලියා ධීවරයන් සිවු දෙනකු බේරා ගැනෙති සෝමාලියානු ධීවරයන් සිව්දෙනකු ගැඹුරු මුහුදේ අතරමංව සිටියදී බේරුවල ධීවරයන් පිරිසක් විසින් බේරාගෙන ඇති අතර , ඔවුන්ගෙන් දෙදෙනකු බීනු 5 බහුදින ධීවර යාත්‍රාවෙන් බේරුවල ධීවර වරායේ ධීවර යාත්‍රා මධ්‍යම වැඩපොල අංගනය වෙත රැගෙන එන ලදී . 29 September 2021
ගුවන් මගින්ට ලබන 1 වැනිදා සිට අලුත් සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් මෙරට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා ලබන පළවෙනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. 29 September 2021
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් වැළඳී මිය යයි කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංගජීව ජයසිංහ මහතා කොවිඩ් ආසාදිතව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (28) පස්වරුවේ මියගියේය. 28 September 2021
රජය සහල් සමිති යෝජනා ප්‍රතික්ෂේප කරයි සහල්වලට සම්බන්ධ එක සමිතියක් යෝජනා කළ සහල් මිල රජයට පිළිගත නොහැකි බවත් රජය සද්භාවයෙන් පාරිභෝගිකයා සහ ගොවියා ආරක්ෂා කිරීමට උපරිම මිල ඉවත්කිරීම කිසියම් පාර්ශවයක් වැරදි ලෙස පාවිච්චි කරන්නේ නම් අනිවාර්යෙන්ම රජය ඊට මැදිහත් වන බවත් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ‘ලංකාදීප’යට අද (28) පස්වරුවේ පැවසීය. 28 September 2021
නොමිලේ දෙන ඖෂධ මංජුසාව පළමුව අගමැතිට කොරෝනා වසංගතයෙන් මහජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා නොමිලේ බෙදා දීමට නියමිත “සුව ධරණී” ආයුර්වේද ප්‍රතිශක්තීකරණ ඖෂධ මංජුසාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වීම අද (28) දින අරලියගහ මන්දිරයේ දී සිදුවිය. 28 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026