ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම ලෝක ශූරතා තරගාවලියට පිටත්ව යයි ශ්‍රී ලංකා මල්ලවපොර කණ්ඩායම, 2021 ලෝක ශූරතා තරගාවලිය සදහා අද (30) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් නෝර්වේ බලා පිටත්ව ගියහ . 30 September 2021
කිරිපිටි හරවා යවන්න ආනයනකරුවෝ සූදානම් වෙති වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 නිදහස්කරගැනීමට රජය මේ දක්වා වාණිජ බැංකුවලට ඩොලර් නිදහස් කරනොමැති වීම නිසා වරායේ තිබෙන කිරිපිටි තොගය වෙනත් රටකට ලබාදීමට විදේශ නිෂ්පාදනය සමාගම සමඟ සාකච්ඡා කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය. 30 September 2021
හැදුනුම්පත් කාර්යාලයත් සඳුදා විවෘත කරයි නිරෝධායන ඇඳිනීතිය ඉවත්කිරීමත් සමඟ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යලය ඇතුළු සියලුම පළාත් කාර්යාල ලබන සඳුදා (4 වැනිදා) සිට විවෘත කරන බව ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පැවසීය. 30 September 2021
සුදුලූනු වංචාව ගැන වෙළඳ අමාත්‍යංශයෙන් විමර්ශනයක් විවාදයට තුඩු දී ඇති ලක් සතොස සුදු ලූනු ගනුදෙනුව සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යාංශය වෙනම විමර්ශනයක් ආරම්භ කරන්නේ යැයි එහි ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය අද (30) පැවැසීය. 30 September 2021
රේගුවෙන් මුදාගත් කිරිපිටි ගැන රටට ඇත්ත කියන්න අගමැති නියෝග අනුව මහ බැංකුව නිකුත් කළ ඩොලර් වැයකර රේගුවෙන් නිදහස් කළ කිරිපිටි වලින් කොපමණ ප්‍රමාණයක් කල් ඉකුත් නොවී තිබුණේ දැයි රජය වහාම හෙළි කළ යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය . 30 September 2021
දිස්ත්‍රික්ක පහක රජයේ වී මෝල් පහක් සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා දිස්ත්‍රික්ක පහක සහල් මෝල් පහක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 30 September 2021
රට විවෘත කළත් සෞඛ්‍ය නීතී පිළිපැදිය යුතුයි රට හෙට විවෘත කෙරුණද ජනතාව මූලික සෞඛ්‍ය නීති පහ ආරක්ෂා කරමින් දිගටම කටයුතු කිරීම වැදගත් බව කොවිඩ් සැර කොරෝනා වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් ජාන විශ්ලේෂණ පරීක්ෂණවල නියැළී සිටින ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 30 September 2021
දුෂ්කර පාසල් වල දරුවන්ට උදේට කිරි වීදුරුවක් දෙන්න යයි දුෂ්කර පාසැල්වල සිසු දරුවන්ට දියර කිරි වීදුරුව බැගින් ලබා දිමේ අරමුණෙන් කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 30 September 2021
රට විවෘත කලත් පෞද්ගලික බස් රථ ධාවනයට සීමා නිරෝධායන ඇදිරි නීතිය ඉවත් කර රට විවෘත කළත් පෞද්ගලික බස් රථ වලින් ධාවනය කළ හැක්කේ 25% ක පමණ තරම් ප්‍රමාණයක් පමණක් බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 30 September 2021
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් ගිවිසුමට අත්සන් තබයි කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීමට අදාළ ගිවිසුමට අද (30) දින අත්සන් තබනු ලැබිණි. 30 September 2021
ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් ඔක්තෝබර් මෙරටට ඉන්දීය විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ් වර්ධන් ශ්‍රින්ග්ලා ඔක්තෝබර් මුලදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 30 September 2021
සීඅයිඩිය ලංකාදීපයට පැමිණීමේ සිද්ධිය මැති සබයට සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් කෙරුණු තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ලංකාදීප ප්‍රධාන කාර්යාලයට පැමිණීම සහ මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 30 September 2021
ගුවන් සමගම් 07ක් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් සේවා අරඹයි ජාත්‍යන්තර ගුවන් සමගම් 07 ක් මේ වසර අවසන් වීමට පෙර ශ්‍රී ලංකාව හා සෘජු ගුවන් සේවා ඇරඹීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ පැවසීය. 30 September 2021
වත්මන් අකරතැබ්බ වලට මුල යහපාලන ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමයි වත්මන් ආණ්ඩුව ආර්ථික අතින් කඩාවැටීමට මුල කොරෝනා වසංගතය නොව යහපාලන ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන ආ ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන් 2019 වසරේ නොවැම්බර් මාසයේ සිට වෙනස් කිරීම යැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 30 September 2021
මනූෂ නානායක්කාර සී.අයි.ඩීයට ප්‍රකාශයක් දෙයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනට අදාළව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු-මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා අද (30) අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුවේ පෙනී සිට පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත. 30 September 2021
මාධ්‍යවේදීන්ගෙන් ප්‍රකාශය ගන්න නියෝග දුන් නිලධාරීන්ට විමර්ශනයක් ප්‍රකාශයක් ලබාගැනීමට යැයි සඳහන් කරමින් පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන් කිහිප දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියෝග දුන් එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අද (30) විශේෂ විමර්ශනයක් ආරම්භ වූ බව පොලිස් මූලස්ථානය පවසයි. 30 September 2021
ලංගම බස් 5500 ක් හෙට සිට ධාවනයට සෞඛ්‍ය නීති රීතිවලට අනුකූලව කටයුතු කරමින් ලංගම බස් රථ 5500 ක පමණ ප්‍රමාණයක් හෙට(01) සිට ධාවනයට සූදානම් කර ඇතැයි ශ්‍රීලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය. 30 September 2021
අගමැතිවරයාගෙන් මහබැංකු අධිපතිට නියෝගයක් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය සහ උපකරණ සඳහා දැනට පනවා ඇති ආනයන සීමා හැකිතාක් දුරට අවම කර සහන ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ඊයේ (29) උපදෙස් දුන්නේය. 30 September 2021
ගුවන් සමාගමේ සේවකයා රත්තරන් සමඟ මාට්ටු රත්තරන් තොගයක් සමඟ රේගුව අත්අඩංගුවට ගත් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සේවකයා දඩ නියම කිරීමෙන් පසුව නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසීය. 30 September 2021
“ඇත්ත කියන අය දඩුවම් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වෙලා’’ කොරෝනා වසංගතයට, ආර්ථික අර්බුදයට මුහුන දී රට ශක්තිමත් කරනවා වෙනුවට ඇත්ත කියන අය දඩයම් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (30) පැවසීය. 30 September 2021
විදේශීකයන්ගේ ව්‍යාජ පී.සී.ආර්. වාර්තා තර්ජනයක් ඇතැම් විදේශීකයන් ව්‍යාජ ලෙස සැකසූ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් මෙරටට පැමිණීම රටේ සෞඛ්‍ය ආරක්ෂාවට තර්ජනයක් බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 30 September 2021
’’ෆයිසර්’’ ලක්ෂ 04ක් මෙරටට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ’’කොවැක්ස් ’’ පහසුකම යටතේ , ශ්‍රී ලංකාවට ප්රදානය කළ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා ලක්ෂ 04ක් අද (30) උදෑසන එමිරේට්ස් ගුවන් සේවයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එවා ඇති බව මහාචාර්ය චන්න ජයසුමන රාජ්‍යය අමාත්‍යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය . 30 September 2021
හෙට සිට දුවන්න බස් විෂබීජ හරණයේ දින 43 ක් පුරා පැවති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු හෙට (01) උදැසන සිට ධාවනයේ යෙදවීමට නියමිත බස් රථ අද (30 ) මහරගම ඩිපෝවේදී විෂබීජ හරණය කළේය. 30 September 2021
රට ඇරියත් පළාත් සංචරණ සීමා දිගටම රට හෙට විවෘත කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 30 September 2021
පාර්ලිමේන්තුව ලබන සතියේ දින 5ක් රැස්වෙයි රට හෙට විවෘත කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව ලබන සතියේ දින පහක් 5ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය. 30 September 2021
ආණමඩුව හිටපු ප්‍රා සභාපති අත්අඩංගුවට ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයකු වන ගාමිණි වඩිගමංගාව මහතා (එක්සත් ජාතික පක්ෂය) ගිනි අවියක් රැගෙන විත් කාන්තාවකට පහර දිමේ සිද්දියක් සම්බන්ධව අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය පවසයි. 30 September 2021
හෙට- අනිද්දා වැස්ස වැඩිවන ලකුණු දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (1) සහ අනිද්දා (2) දිනවල වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 September 2021
රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. 30 September 2021
යළි කොරෝනා රැල්ලක් ආවොත් රටට දරාගන්න බැරි වේවි කොරෝනා රැල්ලක් යළි ඇති වුණහොත් එය රටට දරාගත නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැසුවාය. 30 September 2021
එළිමහන් කඳවුරේ දෙන්නෙක් එළියටම පැනයති ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනෙක් පැනගොස් ඇති බවට එම සිරකඳවුරේ බලධාරීන් විසින් දැනුම්දීමක් කර ඇති බව ඇඹිලිපිටිය පොලීසිය පවසයි. 30 September 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026