
( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින්, තමාව අත්අඩංගුවට නොගන්නැයි ඉල්ලමින් ආචාර්ය සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (8) දින උපරිමාධිකරණයේ දී සලකා බැලීමට නියමිතය.
අධිකරණයට ගොස් සිටින ගාමිණී ප්‍රනාන්දු පියතුමන්ට සහාය දැක්වීමක් ලෙස කතෝලික පියතුමන්ලා, කන්‍ය සහෝදරියන් ඇතුළු පොදු ජනතාව කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිට එක් රැස්වී නිහඩ විරෝධතාවයක මේ වන විට නිරතව සිටිති.
සටන් පුවරු කිසිවක් නොමැතිව මෙම පියතුමන්ලා අලුත්කඩේ පිහිටි හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාස පිලිරුව අසල සිට උපරිමාධිකරණය. සංකිර්ණය දක්වා එක පෙළට රැදී සිටිම විශේෂත්වයකි .
ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛව ගරු සිරිල් ගාමිණී පියතුමා ඉල්ලා සිටින සත්‍ය, යුක්තිය, සාධාරණත්වය වෙනුවෙන් මෙම පියතුමන්ලා මෙලෙස අලුත්කඩේ උපරිමාධිකරණය ඉදිරිපිටට එක් රැස්ව සිටිති.
(ඡායාරූප: ශාන්ත රත්නායක)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියතුමනි අපි ඔබතුමාව තනි කරන්නේ නැහැ.
එතුමා අත් අඩංගුවට ගන්න හදන්නේ මිනීමරලද? එහෙම නැත්නම් රට විකුණගෙන කාලාද? පියතුමනි, අපි සැමදා ඔබ සමගයි. යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරපු දූෂිත දේශපාලකයෝ රජකරන රටක් ගැන කවර කතාද?
රජය ප්‍රකාශයක් කරන්න අදාළ පාදිලි උන්නැහේ තම ප්‍රකාශය තහවුරු කරන්න එන්නේ නැති නිසා මෙම ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයක් හැටියට සලකනවා... අර නිලධාරියාට සිදු වුණු හිතේමාරුවට කණගාටුව ප්‍රකාශ කරනවා කියලා...