
(යොහාන් භාසුර, චාපා මධුභාෂිණි සහ ක. ග. කරුණාරත්න)
හබරණ හුරුළු ජාතික වන උද්‍යානයේදී සංචාරකයින් රැගත් සෆාරි ජීප් රථයක් පෙරලීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් අට දෙනකු තුවාල ලබා ඇතැයි හබරණ පොලිසිය පවසයි.
පන්නිපිටියේ පදිංචිකරුවෙක් වන 41 හැදිරිදි තරිඳු සුමතිරත්න නැමැත්තා මෙහිදී මියගොස් ඇති බව වාර්තා වේ.
තුවාල ලැබූ පිරිස දඹුල්ල රෝහලට ඇතුළත් කළ බවත් රෝහල්ගත කළ පුද්ගලයන් අතරට දරුවන් හතර දෙනෙක් ඇතුළත්ව සිටින බවත් පොලිසිය කීය.
එම පිරිස උද්‍යානය නරඹමින් සිටියදී අලියකුට භිය වීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් අනතුරට මුහුණ දෙන විට සෆාරි ජීප් රථයේ පුද්ගලයන් 11 දෙනෙක් සිට ඇති බව ද වාර්තා වේ.
එම අනතුරට පත්වූ පුද්ගලයන් පන්නිපිටිය සහ මාතර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය වැඩි දුරටත් පැවසීය.
(ඡායාරූප චාපා මධුභාෂිණි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟක් ලංකාවේ සෆාරි ජීප් ඩ්‍රයිවර්ලා අලියෙක් දැක්කහම උන්ගේ ඇඟ ළඟටම ගිහින් අලියව කුලප්පු කරනවා... ඊටපස්සේ අලියා ගහන්න එනකොට වේගයෙන් රිවර්ස් කරනවා. මේ වගේ අනතුරු වෙන්න ගිගින් නුලෙන් බේරුණු වීඩියෝ ගොඩක් තිබෙනවා අන්තර්ජාලයේ...
අනිච්චාවත සංඛාරා.