(නිමන්ති රණසිංහ)

පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ලෙස පෙනී සිටිමින් විමර්ශන සිදුකරන බව පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  මගින් මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි වෘත්තියෙන් සීසීටීවී කැමරා සවි කරන්නක් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සැකකරු "පොලිස් සෝෂල් මීඩියා" වශයෙන් ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර ගනිමින් විමර්ශන සිදුකරන බව බව පවසා පුද්ගලයන් ගෙන් මුදල් වංචා කිරීම් මෙන්ම කණ්ඩායමක් වශයෙන් ගොස් පුද්ගලයන්ට පහර දීම් ද සිදුකර ඇතැයි මේ වන විට සිදුකළ විමර්ශන වලට අනුව කරුණු අනාවරණය වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

පාණදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා වශයෙන් පෙනී සිටිමින් මුදල් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාර නිලධාරීන් විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව මෙම සැකකරු ද විසින් ඊයේ (07) රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම සිද්ධියට අදාළ තවත් සැකකරුවෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර මෙම සැකකරු අද (8)මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .