
( තිලකරත්න දිසානායක )
පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද ( 8) උදෑසන වනවිට අධි ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව ගම්පහ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.
අද උදෑසන 6 වනවිට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාලකයෙහි ජල මට්ටම මීටර් 4 දශම 87 දක්වා ඉහළ ගොස් තිබූ බවත් මෙය අධි ගංවතුර මට්ටමට ආසන්න බැවින් ඔය පිටාර ගැලීම අවදානම් තත්ත්වයක පවතින බවත් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා පැවසීය.
අත්තනගලු පිටාර ගැලීමෙන් පහත් බිම් ජලයෙන් යටවීම වලක්වාලීම පිනිස ඔයට සම්බන්ධ අමුණු 38 විවෘත කිරීමට පියවර ගෙන ඇති බව සදහන් කළ සුරවීර මහතා, පහත් බිම් ප්‍රදේශයන්හි වෙසෙන ජනතාව සැලකිල්ලෙන් පසුවිය යුතු බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගම්පහ ගංවතුරින් අවතැන්වෙන මිනිස්සුන්ට දෙන බොහෝ ආධාරත් ගංවතුරේ යනවා. සෑම අවස්ථාවකම එම ආධාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාමසේවා නිලධාරීන් මගින් පමණක් ජනතාව වෙත ලබාදෙන්න. අකරවිට නගරයේ ඇතැම් පන්සල්වලට මිනිසුන්ට දෙන්න ලබාදෙන ගංවතුර ආධාර අන්තිමට නවතින්නේ කඩවල්වල රාක්ක වලිනුයි...