විදුලි රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රමාදයෙන් 2030 ඉල්ලක්කයට යා නොහැකියි 2030 වනවිට රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ රජයේ ඉලක්කයට ළඟා වීමට බාධාවන අයුරින් සූර්ය හා සුළං ප්‍රභවයන්ගෙන් මෙගාවොට් 190 ක විදුලිය නිපදවීමට අදාළ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම වසරක කාලයක් තිස්සේ ප්‍රමාද කර ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය. 02 October 2021
අයිස් මත් කිලෝ 10ක් සමග දෙකක් මාට්ටු පොලිස් අණ නොතකා කුඩා ලොරි රථයකින් අයිස් කිලෝ 10ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනකු මන්නාරම මුරුංකන් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි . 02 October 2021
ඇමෙරිකාවෙන් ලැබුණු තවත් ‘‘ෆයිසර්‘‘ එන්නත් ලක්ෂ 4ක් කටුනායකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් ’’ කොවැක්ස් ’’ පහසුකම යටතේ මෙරටට පරිත්‍යාග කළ ’’ෆයිසර්’’ එන්නත් මාත්‍රා ලක්ෂ 04 ක් අද බාරගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය කෙහළිය රඹුක්වැල්ල සහ ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය ඇලෙයිනා ටෙප්ලිප්ස් ඇතුළු පිරිසක් අද සවස කටුනායක ගුවන්තොටුපෙළ වෙත පැමිණ සිටියහ. 01 October 2021
පහන්තුඩා අසභ්‍ය විඩියෝවේ යුවළට දඩ සහ සිර දඬුවම් රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර සමාජ ගත කළ බවට වරද පිළිගත් යුවළට රුපියල් 10,800ක දඩයක් සහ මාස තුනක සිරදඩුවමක් නියම කළ බලංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා එම සිර දඬුවම, වසර හතකට අත්හිටවූයේය. 01 October 2021
වතු අධිකාරිවරුගෙන් අනතුරු ඇඟවීමක් වතු කම්කරුවන්ගේ ඇතැම් ක්‍රියාකාරකම් නිසා වතු පාලනය කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇතැයි ලංකා වතු අධිකාරිවරුන්ගේ සංගමයේ සභාපති දයාල් කුමාරගේ මහතා පවසයි. 01 October 2021
කෝටිපති ව්‍යාපාරික පියා මැරූ පුතා යළි රිමාන්ඩ් කුළුබඩු මෙන්ම මෙරට ප්‍රධාන පෙළේ සමාගම් 9ක හිමිකරුවකු වූ කෝටිපති ව්‍යාපාරික ශබීර් අබ්බාස් ගුලාම් හුසේන් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ බාල පුත්‍රයා තවදුරටත් ලබන 08 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කාංචනා නෙරන්ජනී ද සිල්වා මහත්මිය ඊයේ (01) නියෝග කළාය. 01 October 2021
පො.සැරයන් අනතුරුට ලක් කළ කුඩු ජාවාරමාගේ බිරිය ගංජා සමග මාට්ටු රාජගිරිය ඔබේසේකරපුර දී පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත තබා කිලෝ මීටර් කීපයක් දුරට රැගෙන ගිය කුඩු ජාවාරම්කරුගේ බිරිය ගංජා සමග උඩහමුල්ල නිවසේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 01 October 2021
දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක් පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයත් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය පවසයි. 01 October 2021
සුදුලූණු කන්ටේනර් විකිණීමට ආධාර දුන් දෙදෙනා රිමාන්ඩ් ලංකා සතොස ආයතනයට අයත් රුපියල් ලක්ෂ 74ක් වටිනා සුදුලූණු කිලෝග්‍රෑම් 54,860- ක් සහිත කන්ටේනර් දෙකක් විකිණීමට ආධාර අනුබල ලබා දුන් බව කියන තැරැව්කරුවන් දෙදෙනා ලබන 05 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වැලිසර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (01) නියෝග කළේය. 01 October 2021
සංචාරකයින්ට පී.සී.ආර් නොකළොත් තවත් කොවිඩ් රැල්ලක අවධානමක් විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් PCR පරීක්ෂණවලට ලක් නොකිරීමෙන් රට තුළ නැවතත් භයානක කොවිඩ් රැල්ලක් මතු විය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ. 01 October 2021
කොවිඩ් ආසාදිතයන් 644ක් කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 644 දෙනකු අද (1) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 01 October 2021
කොවිඩ් මරණ 58ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 58 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය. 01 October 2021
වගකීමෙන් කටයුතු කළ ජනතාවට “ස්තුතියි’’ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණු කාල සීමාවේදී වගකීමෙන් කටයුතු කළ ජනතාවට තමා ස්තූතිවන්ත වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 01 October 2021
කිරිපිටි තොගය අඟහරුවාදා නිදහස් ? වරායේ සිරවී තිබෙන කිරිපිටි කිලෝ 360,000 ට අදාල ලිපිගොනු මහ බැංකුව අද දිනයේ වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති බවත් ඒ අනුව කිරිපිටි තොගය ලබන අඟහරුවාදා වන විට නිදහස්කරගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බවත් කිරිපිටි ආනයනකරුවන්ගේ ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා අද (1) පස්වරුවේ පැවසීය. 01 October 2021
ක්‍රමානුකූලව පාසල් ඇරඹීමට සූදානම් ජාතියේ අනාගතය වන දරුවන් වෙනුවෙන් සෞඛ්යාරක්ෂිත අයුරින් මෙම මස සිට ක්‍රමානුකූලව පාසල් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 01 October 2021
මාරුව හරියට නැත්නම් දැඩි ක්‍රියාමාර්ගයකට වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු නිසි ක්‍රමවේදයකට හා කඩිනමින් සිදුනොවනනේ නම් මේ මස 7වැනිදා සිට දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය කියයි. 01 October 2021
අයිස් සමග අත්අඩංගුවට ගත් පී.සී. රිමාන්ඩ් මීගමුව පිටිපන මාළු වෙන්දෙිසි පොළ අසලදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකු පස්වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා නියෝග කළේය. 01 October 2021
සෞඛ නීති කැඩූ මගී බස් නවයක් බස්නාහිරින් අල්ලයි සෞඛ්‍යය නීති උල්ලංඝනය කරමින් වැඩිපුර මගීන් රැගෙන ගිය බස්රථ නමයක් ප්‍රවාහන අධිකාරිය කළ වැටලීමේදී අද (1) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසයි. 01 October 2021
ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ කාලය දික් කරයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කෙරුණු ආණ්ඩුකම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට එම කටයුතු අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් තවත් මාස තුනක කාලයක් ලබා දෙනු ලැබ ඇත. 01 October 2021
රාජ්‍ය සේවකයන් සේවයට කැඳවන්නේ මෙහෙමයි රාජ්‍ය ආයතන බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා ප්‍රමාණවත් අත්‍යාවශ්‍ය සේවක පිරිස් පමණක් කැඳවීමට කටයුතු කරන්නැයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය අංශයේ ප්‍රධානීන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දී ඇත. 01 October 2021
ත්‍රස්ත ක්‍රියා වළක්වන්න නවසීලන්තයේ නව නීති ත්රස්තවාදීන් සහ ත්‍රස්ත සැකකරුවන් සම්බන්ධයෙන් ද පවතින නීති වෙනස් කරමින් ඒවා දැඩි කිරීමට නවසීලන්ත රජය පියවර ගෙන තිබේ. 01 October 2021
මහ බැංකු අධිපතිගේ විශ්‍රාම වැටුපට එරෙහිව රිට් පෙත්සමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙසත් , ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය දේශපාලන බලපෑම්වලට නතු නොවී ස්වාධීනව කටයුතු කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ අද (01) රිට් පෙත්සමක් ගොනු කරිණි. 01 October 2021
ළමයි සම්බන්ධ නඩුවලදී සාක්ෂි වීඩියෝ තාක්ෂණයෙන් අපරාධවලට ගොඳුරු වූ දරුවන් අධිකරණවලට නොගෙන්වා වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබාදීම සදහා ‘ළමා සාක්ෂි වීඩියෝ ගත කිරීමේ ඒකකයක්” අද (01) රාගම පොලිසියේ ‘ළමා පියසේදී’ විවෘත කෙරිණී. 01 October 2021
ආණමඩුව කච්චමඩුව රක්ෂිතයේ අනවසර ඉස්සන් ටැංකි ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයේ රක්ෂීතය ඩෝසර යොදා කුඹුරු හා ඉස්සන් ටැංකි සකසමින් ඇති බව ජනතාව චෝදනා කරති . 01 October 2021
කොවිඩ් ආසාදිත දරුවන්ගේ අඩුවක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට දිනකට ඇතුළත් කෙරෙන කොවිඩ් ආසාදිත දරුවන් සංඛ්‍යාව 2ත් 3ත් දක්වා පහළ බැස ඇතැයි එම රෝහලේ අධ්යක්ෂ ජී. විජේසූරිය මහතා ලංකාදීපයට පැවැසීය. 01 October 2021
දඹුල්ල ආර්ථිකයේ වහන සැලැස්මට වෙළෙන්දෝ විරෝධය පාති දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ අද දින සිට ක්‍රියාත්මක කළ නව රථවාහන සැලැස්ම නිසා තමන් එළවලු මිල දී ගැනීමේ දී ඒවා පැටවීමට විශාල කාලයක් මුදලක් වියදම් වන බව පවසමින් පිට පළාත්වලින් ආ වෙළෙන්දෝ සිය විරෝධය දැක් වූහ. 01 October 2021
ප්‍රභා වීරයකු කළ චිත්‍රපටයක් කාම්බෝජය තහනම් කරයි එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු නායක වේළුපිල්ලෙයි ප්රභාකරන්ගේ ජීවිතයේ මුල් අවදිය හා ජීවිතයේ විවිධ අවස්ථා නිරූපනය කරමින් නිර්මාණය කළ ‘‘මෙතාගු” ද්‍රවිඩ චිත්‍රපටය කාම්බෝජයේ ප්‍රදර්ශනය කිරීම එරට රජය තහනම් කර තිබේ. 01 October 2021
ඇමෙරිකා ආධාර යටතේ කොළඹ මහාධිකරණයට ශ්‍රව්‍ය දෘශ්‍ය උපකරණ තොගයක් එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන ඒජන්සියේ ආධාර යටතේ කොළඹ මහාධිකරණය සදහා අවශ්‍යව තිබූ ශ්‍රව්‍ය හා දෘශ්‍ය උපකරණ තොගයක් පිරිනැමූ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සීටී. 01 October 2021
රටට යෝග්‍ය වෙන්නෙ මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් මිශ්‍ර සමානුපාතික මැතිවරණ ක්‍රමයක් රටට යෝග්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය යැයි එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී ඊයේ (30) පැවැසීය. 01 October 2021
රට විවෘත කළ පසු කොවිඩ් වයිරස ව්‍යාප්තිය පාලනය කිරීම වෙනුවෙන් දින 42 ක කාලයක් ක්‍රියාත්මක කර තිබූ නිරෝධායන ඇඳිනීතිය අද (01) අලුයම 04.00 සිට ඉවත් කෙරිණි. 01 October 2021
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026