අද සිට වැස්සේ අඩුවක්
මධ්‍යම, ඌව, උතුරුමැද, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව්, වව්නියා, ගාල්ල ස මාතර දිස්ත්‍රික්කවලත් අද (27) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශයන්හි උදෑසන කාලයේත් වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි