(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යෑම සඳහා එළවළු පලතුරු යනාදී කෘෂිකාර්මික භාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 433 ක් ආනයනය කිරීම සීමා කර ඇතැයි සමෘද්ධි සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10)පැවසීය.
ආනයනය සීමා කෙරුණු සෙසු භාණ්ඩ අතර ටයිල්, ග්‍රැනයිට්, ලී බඩු, ප්ලාස්ටික්, මුහුණු ආවරණ ,බයිසිකල් ,සබන්,ලුනු යනාදිය වන බවද හෙතෙම සඳහන් කළේය.
සේමසිංහ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අගමැතිවරයාගෙන් ඇසූ ප්‍රශ්නයකට ඔහු වෙනුවෙන් පිළිතුරු දෙමිනි.
මෙම භාණ්ඩ ආනයනය කිරීම සඳහා 2018 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක්ද 2019 වර්ෂයේදී ඇමරිකානු ඩොලර් බිලියන 1.2ක්ද වැය කර ඇති බව පැවසූ ශෙහාන් සේමසිංහ මහතා මෙම භාණ්ඩ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීම නිසා ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක් ඉතිරි කර ගැනීමට හැකිවී ඇති බවත්
පැවසුවේය.
එසේම වාහන ආනයනය තහනම් කිරීම නිසා ඇතිවූ වෙළෙඳපොළ හිඟය සපුරා ගැනීම සඳහා වාහන එකලස් කිරීමේ කර්මාන්තය දේශීයව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරගෙන යන බවත් මේ සඳහා ආයෝජකයන් එකොළොස් දෙනෙකු රජය සමග සාකච්ඡා කර ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ආනයනය සීමා කෙරුණු භාණ්ඩ දේශීය නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය සාර්ථක වැඩසටහන් බොහොමයක් අරඹා ඇතැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට තුළ කෙරුණු සියලු වගාවන් පෝර නොමැතිව නතර වෙලා එළවළු හිඟයක්, ආහාර හිඟයක් ඇතිවේගෙන එන අවස්ථාවක එළවළු පලතුරු ආනයනයත් නතර කරලා.. අපිට තව තවත් හොඳටම කරන්නද යන්නේ..?
වැහි පල හොඳ නම් මේ රටේ කිසි කලෙක සාගතයක් ඇති වෙන්නේ නෑ. රට පොහොර නොදැම්මා කියලා අස්වැන්නේ ලොකු අඩුවක් වෙන්නේත් නෑ.
බයිසිකල් ගෙන්වන එක අඩුකරනවා... වාහන මෙහෙ එක්ලස් කරලා වාහන පාරට දානවා.. වතුරෙන් දුවන වාහනද එතකොට එක්ලස් කරන්නේ? වාහන වලට ඉන්ධන ගෙන්වන්න ඩොලර් ඕනෑ වෙන්නේ නැද්ද? බයියන්ගේ ආණ්ඩුවේ මෝඩ බයියෙක් ඇමැති කමක් අරගෙන ලොකු කතා කියනවා...